Support Us

රූපණ ගමනට අතහිත

ඔබේ සවියෙන් ගොඩනැගෙන රූපණ

පසුගිය දශක කිහිපයක කාලයක් සිට ඇනලොග් ලෝකයක සිට ඩිජිටල් ලෝකය දක්වා පරිවර්තනය වෙමින් සිටින අප, තාක්ෂණයේ විවිධ මාන වලට යමින් සන්නිවේදන මාධ්‍යයන් පුළුල් කරමින් ඩිජිටල් කළා. එසේ ඩිජිටල්කරණය කළ මාධ්‍යය වගකීම, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක හදවත් වලට යා කිරීම උදෙසා, වේදිකාවක් තනා දෙන්නට “රූපණ” අපට පසුගිය වසර 5ක කාලය පුරා හැකි වුනා.

ගතව ගිය කාලය පුරා, වැඩසටහන් නිෂ්පාදන කටයුතු සඳහා වැයවන තාක්ෂණික පිරිවැය, අන්තර්ජාල පිරිවැය සහ සංස්කරණ පිරිවැය වෙනුවෙන් අප සමඟම රැඳී සිටින අනුග්‍රාහක භවතුන්ගෙන් ලැබෙන්නේ ගෞරවාන්විත සහයෝගයක්. වැඩසටහන් ඉදිරිපත් කරන , නිෂ්පාදන කටයුතු සඳහා සහභාගී වන සම්පත් දායකයින් සියලුදෙනාම කිසිදු මූල්‍ය ප්‍රතිලාභයකින් තොරව රූපණ වෙත ලබාදෙන සහයෝගයද අමතක කරන්නට බැහැ.

දිනෙන දින යාවත්කාලීන වන ඩිජිටල් ලෝකයක දිවි ගෙවන අපි, රූපණ සමඟ අලුත් පරම්පරාවේ නවමු තැන් සොයා යන්නට සුදානම්. රූපණ අනාගතය උදෙසා, ඔබේ දෑත දිගු කරන්නට කාලයයි. ව්‍යවසායක ඔබටත්, පවුලේ අය සමඟ දායකත්වය දක්වන්නට කැමති ඔබටත්, විශ්ව විද්‍යාල එකමුතු, පාසල් එකමුතු හෝ සමාජ එකමුතුවක් ලෙසින් හෝ දායකත්වය දක්වන්න කැමති ඔබටත් දැන් රූපණ හෙට දවස වෙනුවෙන් මූල්‍යමය වශයෙන් ශක්තියක් වන්නට පුළුවන්.

Processing...

How much can you contribute?


  • CAD