Rupane Episode 280 – January 29 2022

29 January 2022 718 Views

DJ Leo සමග රසාස්වාදනීය අඩ හොරාවක්..

Rupane Episode 280 – January 29 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

DJ ලියෝ සමඟ රසාස්වාදනීය අඩහෝරාවක්

අද වන විට ලෝකයේ සෑම ප්‍රියසම්භාෂණ උත්සවයකටම නැතුවම බැරි දෙයක් තමයි ඩීජේ සංගීතය. 1935 අමෙරිකානු ජාතිකයෙකු disc jockey නමින් හඳුන්වා හඳුන්වා ඇත්තේ පටිගත කළ සංගීත තැටි හරහා සංගීතය බෙදාහැරීමේ කාර්යය කරන්නා ලෙසයි. DJ ශිල්පියා වර්තමාන උත්සව අවස්ථාවක ප්‍රධාන කාර්යභාරයක් පැවරෙන්නෙකු ලෙස හඳුනාගත හැකි වන්නේ උත්සවයට පැමිණෙන සියලු දෙනා සංගීතයෙන් මුසපත් කිරීම හා ඔවුන්ව සතුටින් උද්යෝගයෙන් තැබීමේ කාර්රභාරය පැවරෙන නිසායි. අද රූපන හරහා එවැනි දක්ෂයකු සමඟ කතාබහට ඉඩහසර වෙන්කර ගන්නවා.

ව්‍යාපාරිකයෙකු, නිරූපණ ශිල්පියකු, ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන ලසංග සුමීරක හෙවත් සියලු දෙනා හඳුනන DJ ලියෝ අද කතාබහට රූපණ මැදිරියට කැඳවා ගත්තා.ඉතා අහඹු සිදුවීමක් හරහා DJ ශිල්පියකු ලෙස තම ජීවිතේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ බව රූපණ හා මුලින්ම කතාබහට මුල පුරමින් තම මතකය ආවර්ජනය කළ ලසංග මහතා සඳහන් කළා.තම මිතුරියකගේ උපන්දින උත්සවයක් වෙනුවෙන් මුලින්ම DJ ශිල්පියකු ලෙස කටයුතු කළ තමා මෙම ශිල්පය පිළිබඳ කිසියම් අවබෝධයකින් තොරව, මාසයක් තුළ උනන්දුවෙන් එක්රැස් කරගත් දැනුම හරහා මෙම ක්ෂේත්‍රයට පිවිසි බවද තමා හා තම සගයා ඉතා විශාල පරිශ්‍රමයක් මේ වෙනුවෙන් යෙදවූ බව ද 2008 දී පැවැති මෙම උත්සවය භාරගැනීමේ බාර ගැනීමේත් සමඟ සිදුවූ රසබර අභියෝග පිළිබඳ තම මතකය අවදි කරමින් සඳහන් කළා. එලෙස ආරම්භ කර ගත් නව පරිච්ඡේදය තම ජීවිතය අලුත් මගක සාර්ථකත්වයට හේතු වූ බවද, තම මිතුරා MC ඛාන් ලෙසත් තමා DJ ලියෝ ලෙස ජනප්‍රිය වූ බව ද ඔහු තවදුරටත් සඳහන් කළා.

DJ ශිල්පියෙකු  ලෙස භාවිත කරන තාක්ෂණික උපකරණ හා එහි භාවිතය පිළිබඳව පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ උත්සවයක් තුළ කටයුතු කිරීමේදී පැමිණ සිටින අමුත්තන්ගේ ප්‍රතිචාරයට අනුව සංගීතය භාවිත කිරීම DJ ශිල්පී ශිල්පියෙක් සතු වැදගත් ලක්ෂණයක් බවයි.

මෙලෙස ඉතා අහම්බෙන් ආරම්භ කළ තම ගමන් මඟ පසුකාලීනව යම් මට්ටමකට පුළුල් කොට ආලෝකකරණය හා සංගීතය සපයන ආයතනයක් බවට පත්කර පත්කර, එක් එක් මට්ටමේ විශාල විශේෂ උත්සව අවස්ථා සඳහා ද පහසුකම් සැපයීමට හැකි තත්ත්වයකට පත් කළ හැකි වූ බව ඔහු සඳහන් කළා.තවද මෙහි සාර්ථකත්වය පිටුපස සිටි විශාල පිරිසක්ගේ දායකත්වය තම ජයග්‍රහණයන් සඳහා හේතු වූ බවත්, ඒ අතර රොහාන් ජෙනුද ඇතුළු කණ්ඩායමත් DJ කුෂ්මින්,  DJ  රෙනින් හා DJ ඒම්ජී විශේෂයෙන් මතක් කර සිටියා.මේ කාලේ තුළදී අමතක නොවන අත්දැකීම් රැසක් තමා සතු වූ බවත් එම සුන්දර අත්දැකීම් පිළිබඳ අමතක නොවන මතකයන් කිහිපයක් රූපණ හරහා බෙදා ගත්තා.

අවසන් වරට කතාබහට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ වීමට කැමති, මෙම ක්ෂේත්‍රයට ඇලුම් කරන අය වෙනුවෙන් ඕනෑම ආකාරයකට තමාට හැකි පමණ සහය ලබාදීමට තමා කැමැත්තෙන් පසුවන බවයි.අවසාන වශයෙන් රූපණ කණ්ඩායම විසින් තමාට ලබා දුන් අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි වෙමින් ඉදිරියේදී ද තමාව සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලීමක් කරමින්, තම ආදරණීය බිරිඳගේ මම නොමසුරු දායකත්වය තම සාර්ථකත්වයට පිටිවහලක් වූ බව ද මතක්කරමින් ඔහු අද කතාබහ අවසන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos