Rupane Episode 281 – February 05 2022

5 February 2022 441 Views

රූපණ ගී මුතු – අද වැන්කුවර් සිට දිලිනි ශ්‍යාමා කස්තුරිආරච්චි

Rupane Episode 281 – February 05 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

රූපණ ගී මුතු – අද වැන්කුවර් සිට දිලිනි ශ්‍යාමා කස්තුරිආරච්චි

ශ්‍රී ලාංකීය අපේ හඬක් තුළින් අද රූපණ වර්ණවත් කරන්නට ගියේ මුතු හා එක් වූයේ දිලනි කස්තුරිආරච්චි නම් සුදක්ෂ කලාකාරිනියයි. ගායනයට පමණක් නොව පද රචනයට මෙන්ම තනු නිර්මාණයට ද උපන් හපන්කම් දක්වන ඇය රූපන හා එක්වෙමින් තම ගී නිර්මාණ හා කලා කටයුතු පිළිබඳව තොරතුරු රූපන ප්‍රේක්ෂකයින් බෙදාගනිමින් හෝරාවකට ආසන්න කතාබහකට එක්වූවාය.

ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපත ලද ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලය දක්ෂ ආදි සිසුවියකි. කුඩා කල පටන්ම පටන් ම සංගීතයට පෙම් පෙම්බැඳි ඇය තම හැකියාවන් ද නොයෙක් අවස්ථාවලදී ප්‍රදර්ශනය කිරීමට සමත්කම් දැක්වූ බව සඳහන් කරයි. කලා පවුලක ආභාෂය ලද තමා කලාකාමී සිතුවිලිවලට එයින් ලැබූ පන්නරය හේතුවන්නට ඇති බව සඳහන් කරන ඇය ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉතා විශිෂ්ට ගායන පෞරුෂයකින් හෙබි ප්‍රවීණ ගායිකා අමරා රණතුංග මහත්මියගේ සහෝදරයාගේ දියණියයි.

 නමුත් ඇය සඳහන් කරන්නේ තම සංගීත ජීවිතය ඒ එහරහා නිර්මාණය කර ගැනීමට තමා අකමැති වූ බවත් ,තමාට ම වෙන් වූ අනන්‍යතාවයක් ගොඩනගා ගැනිමින් තම සංගීත කටයුතු ඉදිරියට කරගෙන යාමට තමාට අවශ්‍ය වූ බවත්ය .තම හැකියාව හා ආශාව සංගීතය විෂය කෙරෙහි තිබුණද තම දෙමව්පියන්ගේ ආශාව වෙනුවෙන් තමන්ට විද්‍යා විෂය ධාරාවන් හරහා තම අධ්‍යාපන කටයුතු සිදු කිරීමට තමාට සිදුවූ නමුත් ඇය බාහිර විෂයක් ලෙස සංගීතය ද හදාරමින් තම හැකියාවන් ප්‍රගුණ කර ගැනීමට කටයුතු කළ බව සඳහන් කරයි.

විද්‍යා ක්ෂේත්‍රයෙන් තම පාසල් අධ්‍යාපනය සිදුකළ තමන් උසස් අධ්‍යාපන කෘෂිකර්මය වෙනුවෙන් ගෞරව උපාධියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් හිමිකරගනිමින් සිදුකළ බවද   ඒ අනූව ඒ ක්ෂේත්‍රයේ  රැකියාවන් කිහිපයකම නියැළුණුබවද සඳහන් කරයි. නමුත් අද වන විට තමා පූර්ණ කාලීනව කලා කටයුතු වල නියැලෙන බව දිලනි මහත්මිය සඳහන් කරයි.

ඇයගේ සුමියුරු ගීත නිර්මාණ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමින් ඇය සඳහන් කරන්නේ “අහස තරම් ආදරේ” නම් ගීතය තමා විසින් ගායනා කරන ලද ගීතයක් බවයි. එහි පද හා තනු නිර්මාණය කපිල අපරැක්ක නම් ප්‍රවීණ සංගීත වේදියාගේ අතින් සිදුවූවක් බවත් ඇය සඳහන් කරයි.

ඇය විසින් පද නිර්මාණය කළ ලාංකික ගායන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් ගයන “එක් වනු බැරි හමුවීමද කඳුලක්” ගීතය පිළිබඳව ද අදහස් දක්වමින් ඒ සඳහන් කරන්නේ තම ජීවිතය වැදගත් ගීයක් ලෙස මෙය තමා සලකන බවයි.මෙම ගීතයද තනු නිර්මාණය කපිල අපරැක්කේ මහතා විසින් සිදු කළ අතර මෙම ගීතයේ පද නිර්මාණයට දිවුල්ගනේ මහතා බොහෝ සෙයින් කැමති වූ බවත්, එය මෙම ගීතය ගායනයට භාරගැනීමට දිවුල්ගනේ මහතාට හේතුවක් වූ බවත් ඔහු සඳහන් කරයි.

බොහෝ ප්‍රවීන ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන්ම තමා විසින් පද බැඳි ගී රැසක් නිර්මාණය කර ඇති බවත්, ඉදිරියේ දී මෙම වසර තුළ තව නිර්මාණ රැසක් ප්‍රවීන කලාකරුවන් සමඟ සිදු කිරීමට තමා බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඇය සඳහන් කරයි.

පද රචනාවලට වඩා ගීත ගායනයට ඇලුම් කරන තමා ඉදිරියේ දී තමාගේම ගීත නිර්මාණ කිහිපයක් එළි දැක්වීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කරයි. ඇය ගේ තවත් ගී නිර්මාණ පිළිබඳව අදහස් දක්වමින් රූපණ හා කියා සිටියේ චලින්ත ශ්‍රියාන් නම් සංගීතවේදියා මුලින්ම තමා වෙත මෙම ගීතයට අදාළ තනු නිර්මාණය ලබා දී එයට පද රචනාවක් කර දෙන මෙන් ඉල්ලීම්ක් කළ අතර, පද නිර්මාණයෙන් අනතුරු අනතුරුව ඔහු එම ගීතය තමාටම ගායනා කිරීමට ඇරයුම් කළ බව ඇය සඳහන් කරයි. ඒ අනුව “හිත මගේ නොකියාම” නම් පාසල් ප්‍රේමයක් පිළිබඳ කියැවෙන මෙම ගී නිර්මාණයට තමා සම්බන්ධ වූ බව ඇය සඳහන් කරයි.

සංගීත කලාවට මෙන්ම චිත්‍ර කලාවට දක්ෂතා දක්වන දිලනි මහත්මිය සඳහන් කළේ සංගීතය මෙන්ම චිත්‍රය ද තම අදහස් කියාපාන වැදගත් මාධ්‍යයක් බවත් ඇය විසින් චිත්‍ර නිර්මාණ ,බිත්ති සැරසිලි ,විසිතුරු සුබපැතුම්පත් වැනි දෑ නිර්මාණය කරන අතරම එය ව්‍යාපාරයක් ලෙස ද තමා විසින් පවත්වාගෙන යන බව ඇය සඳහන් කරයි.

තවත් ගී නිර්මාණ පිළිබඳව කතාබහට එක්වෙමින් සඳහන් කරන්නේ  ඇය විසින් කපිල අපරැක්කේ නම් සංගීතවේදියා වෙත නිර්මාණය කළ “සිහින කුමරිය” ගීතය සුවිශේෂී වන්නේ ඔහු පෙර ගායනා කර තිබූ ගීතවලට වඩා මෙම ගීය වෙනස් නිර්මාණයක් ලෙස තමා හඳුනාගත් බවයි.

තවද ඇගේ පළමු ගීත නිර්මාණය “රොබරෝසියා මල්” ගීතය පිළිබඳව තම මතකය අවදි කරමින් ඇය සඳහන් කරන්නේ මෙම ගීතය ඉතා අහඹු නිර්මාණයක් ලෙස එළි දැක්වූ බවයි.කීර්ති පැස්කුවල් මහතා හා කැනඩාවේ පැවති සංගීත ප්‍රසංගයකදී ගීත ගායනයට තමන් එක් වූ අතර එහිදී එහි වූ වාදක මඩුල්ලේ සිටි සංගීත ශිල්පියෙකු වන අනුර විජේසිංහ මහතා නිර්මාණයක් වෙනුවෙන් කළ ආරාධනය වසර පහකට පසු රොබරෝසියා මල නිර්මාණය හරහා එළි දැක්වූ බවයි.

තම ගීත රචනයට හුරුවීම පිළිබඳව සඳහන් කරමින් ඇය කියා සිටින්නේ තම පියාගෙන් ලද පන්නරය මතින් තමා ගී පද නිර්මාණයට යොමු වූ බවයි. මේ දක්වා තම කලා ජීවිතය සාර්ථක කරගැනීමට බොහෝ පිරිසක් සහය වූ බවත් මතක් කරමින් තම දෙමව්පියන්ට, ස්වාමිපුරුෂයාට, සංගීත ගුරුවරු මෙන්ම තමාගේ හොඳම රසිකයා වන තම පුත්‍රයා ද ,තම රසික රසිකාවියන් හා සංගීත නිර්මාණ කටයුතු වල දී මුණ ගැහෙන කලා ශිල්පීන් සියලු දෙනා හටම ස්තුතිවන්තවීමටත් මෙම සාකච්ඡාව අවස්ථාවක් කර ගන්නා බව සදහන් කරමින් මෙම අවස්ථාව ලබා ලබා දීම සම්බන්ධව රූපණ කාර්ය මණ්ඩලයට තම හෘදයාංගම ස්තුතිය පළ කරමින් අද රූපන වැඩසටහන ඇය මෙසේ නිමා කළාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos