Rupane Episode 326 – December 17 2022

17 December 2022 376 Views

රූපණ පිය සටහන් – අපේ පලමු සජීවි වැඩසටහන
Rupane Episode 326 – December 17 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ වෙත සුවිශේෂී වූ දවසකි. එනම් අද රූපණ අපගෙ 6 වන සංවත්සරයයි. එම නිසා අද රූපණ පවුලේ සියලුදෙනා සමගින් වැඩසටහනට එකතු වෙති.
අද රූපණ පියසටහන් මගින් වසර තුල මතක ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමූ.
අප සමග අද එකතු වන්නෙ මංජුලා සොහොයුරියයි. ඇය සුදානම්ව සිටින්නෙ රසවත් ගීතයකින් අප පිනවීම සඳහාය.ඇන්ජලීන් ගුණතිලක මහත්මියගෙ සසර ගමන කොතැනක දෝ අතරමගක දී හෝ ගීතය මංජුලාගේ හඬින් රස විදින්නෙමූ.
සසර ගමන කොතැනක දෝ අතරමගක දී හෝ ….

මෙතෙක් ආ ගමන පිලිබඳව සිහිපත් කිරිමේ දී මෙම වැඩසටහන බර කරට ගෙන කටයුතු කරාවුයේ විරා ෆොන්සේකා මහතාය. ඔවුන් වරෙක අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් වරෙක කැමරා ශිල්පීයෙකු ලෙසත් තවත් වරෙක තාක්ෂණ ශිල්පීයෙකු මෙන්මත් නිවේදයකු ලෙසත් මෙම කටයුත්ත ඉදිරියට ගෙන යාමට බොහො සෙයින් කටයුතු කළාය.

ආරම්භය සනිටුහන් කෙරු අවධියේ අධ්‍යක්ෂකවරයා වූයේ ප්‍රවීන කලාකරුවා වූ බන්දුල වෙදආරච්චි මහතා ය. බන්දුල මහත විසින් මෙම රූපණ නම තේමාව තේමා ගීතය නිර්මාණය කරනු ලැබූයේ ය. රූපණ නිර්මාණය කිරිමට හේතු වූයේ අපේකමට අලුත් හඬක් මුසු කිරිම සඳහාය.

ආරම්භයේ දී දිනෙෂ් පිරිස් හා වීරා ෆොන්සේකා මහතා ද වර්ථමානයේ එරංගා එදෙල්ලා සොහොයුරා විසින්ද අධ්‍යක්ෂනයෙන් දායක වෙති.

කැමරාකරණයෙන් වරෙක වීර ෆොන්සේකා මහතා ද තවද දිනෙෂ් පීරිස්, රනුක ප්‍රභාශිත, පියුමලී ජයසිංහ … නිලංක නිලිස්ස, ලාංජල් , නිලන්ත මෙන්ඩිස්, සුසන්ත , පුබුදූ යන පිරිස මේ සදහා දායකත්වය ලබා දෙන පිරිස වෙති.

එමෙන්ම මෙම කටයුත්ත සාර්ථකව කරගෙන යැමට සහයෝගය ලබා දුන් අපගේ අනුග්‍රාහකභවතුන් ද සිහිපත් කළ යුතු වේ.

එමෙනම තව ද සිහිපත් කළ යුතු වන්නෙ අපගේ සියලුම සංගීත වැඩසටහන් අධ්‍යක්ෂනය කරනූ ලැබු සුනිල් ජයසිරි සංගීතවේදියාණන් ය. එමෙන එහි සියලු කටයුතු සදහා සහයෝගය ලබා දුන් නිලන්ති හෙට්ටිගේ මහත්මිය ද මතක් කළ යුතු වේ. අපගේ විශේෂ වූ වැඩසටහන් වල දී සගයෝගය ලබා දුන් අප සංගීත කණ්ඩායම් වන ටොරොන්ටෝවේ රෙඩියන්ස්, ෆයර් , එන්න අපෙ ප්‍රිය මිතුරෝ යන අයද සිහිපත් කළ යුතු වේ.

එමෙන්ම සංස්කරණයෙන් සහයෝගය ලබා දුන් වීරා ෆොන්සේකා මහතා, දිනෙෂ් , පුබුදූ වනිගසේකර සහා කවිදු මදරසිංහ
යන අයද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු වේ.

නිවේදක නිවේදිකාවක් ගැන සිහිපත් කිරිමේදී වැඩසටහන් 325ක් තුල දී 50කට අධික පිරිසක් මෙම මැදිරිය තුල වැඩසටහන් ඉදිරිපත් කර ඇත. සියල්ලනම සිහිපත් කිරිමට වෙලාවක් නොමැති හෙයින් ප්‍රථම නිවෙදන මඩුල්ල වන රනුක ප්‍රභාශිත සහ පියුමලී ජයසිංහ සිහිපත් කරන්නේමූ. තවද එකල වොහො වැඩසටහන් නිර්මාණය කරමින් ඉදිරිපත් කෙරු අනුශ්කා ගම්මුදලී සොහොයුරියද සිහිපත් කරන්නෙමූ එසේම මෙහි තේමා ගීතයද අශෝක ජයවීරයන් සමගින් ගායනා කරන්නේද ඇයයි. තේමා ගීතයෙහී නිර්මාතෘ වන්නෙ බන්දුල මහත්මාය. ඒ සියල්ලෝම සිහිපත් කරමින් වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාම සදහා සම්පත් සදහා භාර දුනී.

එසේම මෙලෙස මෙම කටයුත්ත කරගෙන යාම සදහා අපට සහයෝගය ලබා දුන් පිරිසක් සමග මෙන්ම අපගෙ වැඩසටහන පිළිබඳව කෙටි විස්තරාතමක සංවාදයකින් අනතුරුව මෙම වැඩසටහන නීමාවට පත් විය.
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos