Rupane Episode 325 – December 10 2022

10 December 2022 367 Views

වැඩිහිටි දක්ෂතා රසවිදි දවසක්…
Rupane Episode 325 – December 10 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ වැඩසටහන මගින් ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබුණේ මිසිසගා වෙස්ටර්න් විහාරස්ථානයෙහි පැවැත්වෙන වෙස්ට්එන්ඩ් වැඩිහිටි සුහද හමුවෙහි 10වන වර්ෂ පූර්ණ උළෙල ය.

ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය ආකාරයට පොල්තෙල් පහන ආරාධිත අමුත්තන් විසින් දල්වමින් මෙම වැඩසටහනහි ආරම්භය සනිටුහන් කරන ලදී.

ඒ අතරතුර දී අප ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙන්ම PRINCE EDWARD PI හි හිටපූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වන ආචාර්ය සරච්චන්ද්‍ර මහතාගෙන අප විමසා සිටියේ වැඩිහිටියන් පිළිබඳව කැනේඩියානු නිර්වචනය් කෙසේද යන්නය.
ඔහු සඳහන් කර සිටියේ වැඩිහිටි කොටස් දෙකකට වෙන්කර දක්වන බවය එනම් ජිවමය වයස සලකන කොටස සහ වයස නොසලකා ශක්තීන් පිළිබඳව සලකන කොටස ලෙසය. එ කෙසෙ වුවත් 60ට වැඩි පිරිස වැඩිහිටියන් ලෙස හඳුන්වන බව එතුමා සඳහන් කර සිටියාය.

එතුමාගෙන් අප නැවතත් විමසා සිටියේ පාළුවෙන් සිටින ශ්‍රී ලාංකික වැඩිහිටියන් පිළිබඳව ඔහු දරන අදහස් කෙසේද යන්නය.
ඔහු සඳහන් කර සිටියේ මෙය කාලෝචිත ප්‍රශ්නයක් වන බවය මෙසේ වැඩි වැඩි වැඩිහිටියන් පාලුවෙන් නිවාස තුළට වී මුළු දවසම ගත කරන බවත් තරුණයන් කිහිපදෙනෙකු මෙලෙස වැඩිහිටියන් මුණගැසීමෙන් අනතුරුව ඔවුන් පවසා ඇත්තේ මෙම ගැටළුවට විසඳුමක් නැති ද යන්න ය. මෙලෙස වැඩහිටියන්ට එක්රැස් කරගෙන විසඳුමක් සොයන අතරතුර දී විසඳුමක් ලෙස වැඩිහිටි සංගමයක් නිර්මාණය කිරීමට මූලික විය. මෙම වැඩිහිටි සංගමය තුළ වූ විවිධ වූ හැකියාවන්ගෙන් යුත් වැඩිහිටියන් බෝහොමයක් සිටින බව ඔහු සදහන් කර සිටියා ය. කැනඩාව තුල වැඩිහිටි සංගම් තුනක් පමණ ඇති අතර ඒවායෙන් විශාලතම සංගමය මෙය වන බව ඔහු සඳහන් කර සිටියා ය.

ඉන්පසු අප මෙම අප ආදරණීය වැඩිහිටියන්ගෙ සමූහ ගායනයක් රස වින්දෙමු.

වැඩිහිටියන් සමූහය එකතු කරගෙන ව්‍යාපොප් ව්‍යාපෘතිය මූලික කරගෙන වෙස්ට්එන්ඩ් වැඩිහිටි සුහද හමුවේ මිසිසාගා විහාරස්ථානයේ විහාරවාසී ශාස්ත්‍රපති හිමියන් වන කිහිඹිඇල්ලෙ ශාස්ත්‍රපති කාශ්‍යප හිමියන්ගෙන් අප විමසා සිටියේ මෙසේ වැඩිහිටියන් එකතු කරගෙන වැඩිහිටි සංගමයක් නිර්මාණය කිරීමට මුල පිරුවේ ඇයිද යන්න සහ එහිදී උන්වහන්සේට මුහුණ පෑමට සිදු වූ අභියෝග කෙසේද යන්න පිළිබඳව ය.

උන්වහන්සේ පවසා සිටියේ උන්වහන්සේ ගේ මවුපියන් වර්තමානයේ ජීවතුන් අතර නොමැති හෙයින් ඔවුන්ට ද ගෞරවයක් ලෙසත් මෙලෙස වැඩිහිටියන හට මානසික සතුටක් ලබා දීම සදහා මෙලෙස සංගමයක් නිර්මාණය කිරීමට යොමු වූ බවය.

ඉන් අනතුරුව අප ආදරණීය වැඩිහිටියන් විසින් මාතර තේ කඩය නමින් නිර්මාණය කරන ලද නාට්‍යයක් රසවිඳීම සඳහා අප යොමු වුයේමු. ඉන් පසූ ත්‍යාග ප්‍රදානය කිරිමේ කටයුත්තක් ද සිදු වුණි. මෙම සංගමයේ සමාජිකයන් කිහිප දෙනෙක්ද අප සමග මුහු වෙමින් අදහස් දක්වා සිටියා ය.

මෙම සංගමයේ ප්‍රධාන සංවිධායිකා භද්‍රා ජයරත්න මහත්මියගෙන් මෙම වැඩිහිටි සංගමය පිළිබඳව අදහස් විමසා සිටීමේදී ඇය සඳහන් කර සිටියේ මෙලෙස මෙම අවුරුදු ගණනාවක් තුළ ඉදිරියට පැමිණීමේ දී බොහෝ අභියෝග වලට මුහුණ දීමට සිදු වූ අතර බලපෑමට ලක් වූ ලොකුම අභියෝගය ලෙස කෝවිඩ් වසංගතය සදහන් කර සිටියා. එලෙසම ඒ කාලය තුළදී zoom තාක්ෂණය ඔස්සේ අඛණ්ඩව වැඩසටහන් පවත්වා මෙලෙස සිදුකිරීම මගින් වැඩිහිටියන් ද බොහෝ සතුටට පත්වූ බවත් අවශ්‍ය සේවා ද සැපයූ බවත් ඇය ඉමහත් අතුරින් සඳහන් කර සිටියාය.

ඉන්පසු අප ආදරණීය වැඩිහිටියන් විසින් සංවිධානය කරනු ලැබූ විවිධ රසවින්දනාත්මක වැඩසටහන් බොහෝමයක් රස වින්දෙමු. ඉන්පසු මෙම උළෙලහි නිමාව සනිටුහන් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos