Rupane Episode 324 – December 03 2022

3 December 2022 610 Views

රූපණ ව්‍යාපාරික හමුව., අද Riyaz Rauf සමග
Rupane Episode 324 – December 03 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ තුළින් අප ගෙන ඒමට සූදානම් වන්නේ කැනඩාවට පැමිණෙන ශ්‍රී ලාංකික ඔබට පවතින මූලික ගැටලුවක් වන නිවාස පිළිබඳ ගැටලු විසඳා ගැනීම සඳහා වූ වැඩ සටහනකි. එ සඳහා දේපළ වෙළඳාමේ සන්නාමයක් වන රියාෆස් රවුෆ් මේ සඳහා අපත් සමග සහභාගී වේ.

කැනඩාව තුල නිවාස ප්‍රශ්නය ලොකු අර්බුදයක් වී ඇත.කැනඩාවට පැමිණෙන පුද්ගලයින්ට නිවාස සිහිනයක් පමණක්ව ගොස් ඇත.මේ පිළිබඳව රියාස්ගෙන් අප අදහස් විමසා සිටියෙමු.
කැනඩාවට අලුතෙන් පැමිණෙන පිරිස ගෙන් කොටසක් මුල් කාලයේ කුලී නිවෙස් වල රැඳී සිටීමෙන් නිවෙස් මිල දී ගැනීමට අවුරුදු දෙක තුනකට හෝ පෙර ඒ සඳහා සූදානම් වන අතර තවත් කොටසක් කැනඩාවට පැමිණ අවධියේදීම අලුතින් නිවසක් මිලදි ගැනීමට යොමුවේ.මෙහෙදී අවුරුද්දේ විවිධ මාසවල දී එම නිවාස වල සහ ලබාගත හැකි ණය පිළිබඳ වෙනස්වීම් සිදු වන නිසා එය ඔවුන් හට අවාසි වේ මෙම හේතූන් සමඟ ඔවුන්ට නිවාස මිල දී ගැනීමේ ගැටලු මතුවේ.

අප නැවතත් රියාස් ගෙන් විමසා සිටියේ ලක්ශ 4කට පමණ නිවස සොයන පිරිසට එම මුදලට නිවාස මිලදී ගැනීමට මෙහිදී හැකියාව තිබේද යන්න ය.
ඔහු පවසා සිටියේ අවම වශයෙන් අලුතෙන් පැමිණෙන පුද්ගලයින් සඳහා නව නිවසක් මිලදී ගැනීමේදී සාමාන්‍ය ප්‍රමාණය නිවසක් මිලදී ගැනීම සඳහා අවම ලක්ෂ 7 ක ප්‍රමාණයක් හෝ අවශ්‍ය වන බවය.ඔහු සඳහන් කරන්නේ අලුතින් පැමිණෙන පුද්ගලයින් සඳහා අවම පහසුකම් සහිත ලක්ෂ 5 ක පමණ නිවසක් මිලදී ගෙන එහි කාලයක් රැඳෙමින් පසු පසුකාලීනව එය විකුණා ලබන ලාභයත් සමග එකතු කර නව නිවසක් මිලදී ගන්නා ලෙසට ඔවුන්ගේ ව්‍යාපාරය තුළින් ඔවුන්ට උපදෙස් ලබා දෙන බවය.

අලුතෙන් නිවසක් මිලදී ගැනීමේදී ඔවුන්ගේ මූල්‍යම ඉතිහාසය පිළිබඳව සලකා බලන අතර විවිධ ලියකියවිලි මේ සඳහා ඉල්ලීම පිළිබඳව ඔහුගෙන් විමසා සිටිමේදී ඔහු පවසා සිටියේ
ලංකාවේ සිට පැමිණෙන ඔබ නිවාස මිලදී ගැනීමේදී තමාගෙ ධාරිතාවයට ගැලපෙන පරිදි ඒ සඳහා කටයුතු කරන ලෙසය. නැතහොත් තමන්ට හැකි ධාරිතාවට වඩා ඉක්මවා කටයුතු කිරීමෙන් පසු කාලීනව ඔවුන්ට එම හේතුවෙන් විවිධ අපහසුතා වලට පත් වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් එසේ ක්‍රියා නොකර තමන්ට හැකි පමණින් ඒ සඳහා කටයුතු කරන ලෙසත් මේ පිළිබඳව අදහස් ලබාගත හැකි නියෝජිතයින් සිටින අතර ඔවුන්ගේ ද උපදෙස් ලබා ගන්නා ලෙස ද ඔහු අදහස් දක්වා සිටියා ය.
මෙම අලුතින් නිවාස මිලදී ගැනීමෙදී මුහුණ දීමට සිදුවන අපහසුතා වලට හේතුව වන්නේ නිවාස මිලදී ගන්නා පිරිස් ද නැතිනම් ඒ සඳහා පොළඹවන පිරිසගේ ක්‍රියාකලාපයද යන්න අප ඔහුගේන් විමසා සිටීමේදී ඔහු පවසා සිටියේ ධාරිතාව නොසලකා මෙලෙස මිලදී ගන්නා අයගේ හෝ ඒ සඳහා පොලඹවන පිරිසගේ හෝ විය හැකි බවය.

ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයෙකුට නිවසක් මිලදී ගැනීම සඳහා මූලික අඩිතාලම තැබීමේදී කටයුතු කරන්නෙ කෙසේ ද යන්න ඔහු ගෙන් අප විමසා සිටියා
මුලදීම ලොකු නිවාසයක් මිලදී ගැනීමට නො ගොස් තමන්ට හැකි අයුරින් මිලදී ගෙන ඒ ලබන ලාභයෙන් පියවරෙන් පියවර තමාගේ සිහිනය වෙත යෑමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වන බවයි ඔහු සඳහන් සදහන් කර සිටියෙ. මේ සඳහා විවිධ වූ උපදෙස් ගත හැකි පිරිස් ගෙන් උපදෙස් ලබාගෙන මේ සඳහා කටයුතු කරන ලෙස ඔහු සඳහන් කර සිටියා ය

බොහෝ දෙනෙක් Free Construction සඳහා උද්යෝගයක් දක්වන අතර මෙමගින් අනාගතයේදී තමන්ට නිවසක් සතු කර ගැනීමට හැකිවේ. මෙය නිශ්ඵල ක්‍රියාවක් ද ඒ පිළිබඳව ඔහුගේ අදහස් විමසා සිටියේ මේ දී ඔහු පවසා සිටියේ මෙය ඉතාම හොඳ තීරණයක් ලෙස සඳහන් කර සිටියා. ලංකාවේ පවතින සීට්ටු ක්‍රමය වැනි ක්‍රමයකට නිවාස සඳහා අවුරුදු කිහිපයක් කොටස් වශයෙන් ගෙවා අවුරුදු කිහිපයකට පසුව නිවසේ අයිතිය හිමිකර ගැනීමට මෙමගින් හැකියාව ඇත.

ලංකාවේ සිට පැමිණෙන අයට මේ මෙම ආයෝජනය කෙසේද යන්න විමසා සිටීමේ දී ඔහු සඳහන් කර සිටියේ මෙම ආයෝජනය ඉතා සාර්ථක වඩාත් යෝග්‍ය ආයෝජනයක් බව ය.

එලෙස අද වැඩසටහන මෙතනින් නිමාවට පත්වන අතර අලුත් වූ සතියකින් අලුත් වැඩසටහනක් සමඟ නැවතත් මුනගැසෙමු.
සුභ දවසක් වේවා

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos