Rupane Episode 282 – February 12 2022

12 February 2022 591 Views


රූපණ ව්‍යාපාරික හමුව – අද රියාස් රවුෆ් සමග

Rupane Episode 282 – February 12 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

රූපණ ව්‍යාපාරික හමුව – අද රියාස් රවුෆ් සමග

ටොරින්ටෝව හා ඒ අවට නිවාස දේපළ වෙළදාමේ වර්තමාන තත්වය නිවාස හිමිකරුවෙකු විම හා අළවිය පිළිබද වැදගත් තොරතුරු රැසක තතු මෙමගින් ඉදිරිපත් කරයි. සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයෙකු වන දේපළ වෙළඳාමේ බහු සම්මානලාභී, ටොරින්ටෝවේ දේපළ වෙළඳාමේ සන්නාමය වූ රියාෆ් රාවු‌ෆ් මහතා සමඟ රූපන ව්‍යාපාරික හමුව මෙලෙස ගොඩනැගෙනු ඇත.

            ගෝලීය වසංගතය හමුවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ අඩපණ වීම් සිදුවුවත් ටොරින්ටෝ දේපළ වෙළඳාමේ වර්ධනයක් පසුගිය වසර කිහිපය පුරා සිදුවිය. රියාස් මහතාත් ඔහුගේ පියසටහන් ඔස්සේ ව්‍යාපාර ලෝකයට පිවිසි ආදරණීය පුතුත් ව්‍යාපාරික ලොව සම්මානිනීය වීම කැපී පෙනෙන සුවිශේෂත්වයකි. එපමණක් නොව රියාස් මහතා මේ වන විට 2021 –Top 100 People in real estate සගරාවේ හොදම ව්‍යාපාරිකයින් සියදෙනා අතරට එකතු වී ඇත.

            පසුගිය වසර කිහිපයට සාපේක්ෂව අනාගතයේ දී නිවාස දේපළ වෙළඳාම පිළිබදව අධ්‍යයනය කිරීමේ දී 20% වර්ධන වේගයක් සිදුවී තිබෙනවා. එනම් ගිය වසර ආරම්භයට සාපේක්ෂව මේ වසර ආරම්භය වන විට නිවසක මිල දෙලක්ෂ අනූ දහසකින් පමණ වර්ධනය වී තිබේ. ඉදිරි මාස හය ඇතුළත කාල සීමාවේ දී පොලී අනුපාතිකයේ වැඩිවීමත් සිදුවීමට ඇති හැකියාවක් පවතින බව රියාස් මහතා වැඩි දුරටත් පෙන්වා දුන් කරුණක් විය. නිවාස ඉල්ලුම වැඩිවීමත් සමග තරගකාරී ව්‍යාපාරික ක්‍රමවේදයන් ගොඩනැගෙන අතර නිවාස හිමිකරුවන්හට මෙම තත්වයන් පහසුවෙන්ම ජයගැනීමේ හැකියාව පවතී. මෙහි පවතින මානුෂික තත්වයන් මත සාධාරණීය රාජ්‍ය ප්‍රතිපත්ති අනාගතය වන විට ගොඩනැගෙනු ඇති බව මෙතුමාගේ මතයයි. එනම් නිවසක් හිමි පුද්ගලයින්හට නිවසක් ගැනීමේදී 35% හෝ ඊට වැඩි ආයෝජනයක් ද නව නිවාස මිලදී ගන්නා පුද්ගලයින්හට 20% හෝ ඊට අඩු ආයෝජනයක් පෙන්වීමට සිදුවන අවස්ථාවක් ගොඩනැගෙනු ඇතැයි රියාෆ් මහතාගේ මතයයි. දේශපාලනිකව මෙම මතයන් වෙනස්වන අවස්ථා පවතින බව මෙතුමා පෙන්වා දෙනු ලබයි.

            අධික මිල ගණන් යටතේ විශාල නිවාස ගැනීමට මිනිසුන් කැමැත්තක් දක්වනවා. නමුත් කැනඩාවට අලුතින් පැමිණ නිවාස ගැනීමට අදහස් ඇති පුද්ගලයින් මේ පිළිබදව අවබෝධයෙන් යුතුව කටයුතු කල යුතු බව මෙතුමා දෙන උපදෙස වේ. එනම් ප්‍රයෝගික කරුණු මත ඒ පිළිබද නිවරදි මාර්ගෝපදේශ සහිතව කටයුතු කරන ලෙස මෙතුමා අවධාරණයකරන තවත් එක් කරුණකි. ඒ සදහා රියාස් මහතා සැමවිටම අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙනු ඇත.

නිවසක් ගැනීමේදී අවධාරණය කරන මූලික කරුණු ගණනාවක් පවතී. සාමාන්‍ය පුද්ගලයින් ප්‍රධාන මාර්ගය, අධිවේගී මාර්ගයට සමීපව වැනි කරුණු වලට වඩා ප්‍රදේශයේ පවතින පාසලේ ඇති ස්ථාවරත්වය මත නිවාස තෝරා ගැනීමට හා රැකියාවට සුදුසු හා පහසු පරිසරයක නිවාස තෝරාගැනීම වඩාත් සුදුසු බව මෙතුමාගේ අත්දැකීම් මත පෙන්වා දෙනු ලබයි. එමෙන්ම නිවාස මිලදී ගැනීමේ දී පොලී අනුපාතිකය පිළිබද අවධානය යොමු කිරීමද සුවිශේෂි කරුණක් බව මොහු වැඩි දුරටත් පෙන්වා දෙනු ඇත. නිවසක් මිලදී ගැනීමේ දී වර්තමානය වන විට හැටපන්දහසක් වැනි මුදලක් මූලික ගෙවීම ලෙස යොදවා ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් නිවසක් මිලදී ගැනීමේ හැකියාව පවතී.

දේපළ වෙළදාමේ මනා දැනුමක් හා අත්දැකීම් සහිත රියාස් මහතාගෙන් නිවසක් මිලදී ගැනීමට අදහසක් ඇති හා ඒ සදහා සූදානම් වන පිරිසට නවමු දැනුම බෙදාදීම සම්බන්දයෙන් ස්තූතියිවන්ත වන්නෙමු.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos