Rupane Episode 277 – January 08 2022

8 January 2022 466 Views

පොත් පිටු අතරින්.. ආනන්ද විජේසිංහ සමගින් …

Rupane Episode 277 – January 08 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

පොත් පිටු අතරින්.. ආනන්ද විජේසිංහ සමගින් …

තම අත්දැකීම් අකුරු  හරහා පාඨකයන් අතර ෙබදා ගන්නා තවත් කලාකරුෙවකු අද රූපන ෙපාත් පිටු අතරින් කතාබහට එක් ෙවනවා. ශ්‍රී ලංකාෙව් කෑගල්ල ප්‍ර ෙද්ශෙය් උපන් අානන්ද විෙජ්සිංහ මහතා ෙල්ඛන කලාවට දක්ෂතා දැක්වූෙවක් ෙමන්ම තම අදහස් අකුරු හරහා අන් අයට ෙබදා දීමට කැමැත්ත දැක්වූ අෙයකි.ඔහු ලංකාෙව් රැකියා කිහිපයකම නිරත වූ අතර ඒ අතරින් තැපැල් ෙදපාර්තෙම්න්තුවට අනියුක්තව කටයුතු කළ කාල ෙය් දී එහි වෘත්තීය සමිතියක වසර 15ක් පුරාවට සංස්කාරක ෙලස කටයුතු කිරීම තම ෙල්ඛන කලාව ඔපවත් කර ගැනීමට රුකුලක් වූ බව ඔහු රූපන හා කතාබහට එක් ෙවමින් සදහන් කරයි. ඒ හා සම්බන්ධ ෙවමින්  සඟරාවක් මාසිකව නිකුත්කළ අතර එය සිංහල,ෙදමළ හා ඉංග්‍රීසි යන භාෂා 03න් නිකුත් ෙකරුණු බවත් එහි සංස්කාරක ෙලස තම ෙල්ඛන කලාවට ලැබූ පන්නරය පිළිබඳවත් ඔහු සඳහන් කරයි.

මතකය අවදි කරමි ෙලසින් නම් වූ තමන්ෙග් ප්‍රථම කෘතිය ලියා ෙබාෙහා් කලකට පසු එහි මුද්‍රණ කටයුතු සිදුවූ බවත් එම කටයුතු ෙවනුෙවන් තමන් ලංකාවට ගිය අවස්ථාෙව් වසර 55 කට පමණ පසු තම ගම් ප්‍රෙද්ශයට ගිය බවත් එම ගමෙන් අපූර්වත්වයත් ඔහු රූපන හා ෙබදාගත්ෙත් ඉතා සන්ෙතා්සෙයනි.

පසුව ඔහු අතින් ලියවුණු කෘතින් 02ක් පිළිබඳ ඔහු සඳහන් කරයි.පුනරාවතරණය හා කැනඩාව සහ ෙලා්ක සවාරිය යන කෘතින් පිළිබඳව තම මතයක අවදිකරමින් ඔහු සඳහන් ක ෙර් තමන් කැනඩාෙව් ෙටාෙරාන්ෙටා් හි ජීවත්වන කාල ෙය් දී ෙටාෙරාන්ෙටා් මහා විහාරය සමඟ තමා සමීපව කටයුතු කළ අතර දිනක් තමන් පන්සල ෙවත පැමිෙණන විට තම සගයින් විසින් මුදල් එක් රැස් කිරීෙම් වැඩ පිළිෙවලක් සංවිධානය කරමින් සිටිනු තමා දුටු බවයි. ඒ පිළිබඳව විමසීෙම් දී ඔවුන් සඳහන් ක ෙළ් එම විහාරෙය් දහම්පාසලක්  පවත්වාෙගන යාමට අවශ්‍ය ෙගාඩනැගිල්ලක් ඉදිකිරීම ෙවනුෙවන් තමන් ෙමම අාධාරමුදල් එක්රැස් කරන බවයි.එහිදී ඔහුට තම ලියා අවසන් වුණු පුනරාවතරණය කෘතිය සිහි වූ අතර තමා විසින් එය හැකි ඉක්මනින් මුද්‍රණය කර උත්සවාකර පොත එළි දක්වා පන්සල ෙවත බාරදුන් බවත් එයින් ලැබෙන මුදල් මගින් ගොඩනැඟිල්ල ඉදි කරීමට ආධාර ලබාදුන් බවත් සඳහන් කරයි. මෙම කෘතිය තුල බුදු උපත හා සම්බන්ධ කරුණු ඇතුලත් කර තමන් ජම්බුද්වීපයේ හා නේපාලයේ කර සංචාර ලබ අද්දැකීම්ද අලලා පහන් සංවේගය ඇති වන පරිදි රචනා කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

කැනඩාව හා ලෝක සවාරිය කෘතිය තුළ තමා සංචාරය කර ඇති රට රටවල් වලදී තමා ලබාගත් අත්දැකීම් හා එම රටවල නොයෙක් තොරතුරු ඇසුරින් රචිත බවත් දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව නේලපාලය වැනි රටවල් මෙන්ම ජපානය චීනය වැනි ආසියාතික රටවල් හා පින්ලන්තය රුසියාව වැනි රට වල සංචාරයෙදී තමා ලද තොරතුරු ඇසුරින් බවයි.තවද බෞද්ධ රටවල් වන අග්නිදිග ආසියාතික තායිලන්තය කාම්බෝජය වැනි රටවල් වල දී තමා දුටු දෑ මෙන්ම ඇසූ කරුණුද කෘතිය තුල ඉතා සිත්ගන්නා සුළු අන්දමට ගෙනහැර දැක්වීමට තමා උත්සහ ගත් බවත් ඔහු මෙම සාච්ඡාවේදී තම අත්දැකීම් කිහිපයක් රූපන ප්‍රේක්ෂයින් හා බෙදා ගනිමින් සඳහන් කරයි.ඔහු මෙම කෘතින් පිළිබඳව තව දුරටත් අදහස් දක්වමින් සඳහන් කරන්නේ තමා එම සංචාරයන් අතර තුරදී ලබාගත් ඡායාරූපද මෙම කෘතීන් තුළ අන්තර්ගත කිරීමටද තමා කටයුතු කළ බවයි.

මෙලෙස තමා ලද රසවත් අත්දැකීම් බෙදා ගනිමින් රූපන හා එක්වූ ආනන්ද විජේවර්ධන මහතා අවසන් වරට සඳහන් කළේ හැකි හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම මෙවැනි රටවල සංචාරය කර තම ජීවිතේට සොදුරු අත්දැකීම් රැසක් එක් කරගන්නා ලෙසයි.තම දහමට අනූව තමා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය කර ගැනීමට මඟ පාදා ගැනීම තම එකම බලාපොරොත්තුව බව සඳහන් කරමින් රූපන හා සාකච්ඡාව නිමා කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos