Rupane Episode 292 – April 23 2022

23 April 2022 332 Views

රූපණ ලෝකෙ වටේ
Rupane Episode 292 – April 23 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

පිටස්තර ලෝකය සමග සම්බන්ධ වෙමින් ඔවුන් ඔවුන්ගේ විවිධ වූ සංස්කෘතින්, ජීවන රටාවන් පිළිබඳව මනා වූ අත්දැකීම් ලබා ගැනීමට හැකි වනුයේ සංචාරය කිරීමෙන් පමණි. වර්තමානයේ අවිවේකී ජීවන රටාවන්ට හුරු වූ අප සියලු දෙනාටම ගත සිත සුවපත් කර ගැනීමට සංචාරය කිරීම මනා පිටුවහලක් වේ. තම ආදරණීයයන් සමග නිදහසේ ජීවිතය විඳීමට හොඳම අවස්ථාවක් ලෙස මෙය යොදාගත හැකිය. අද රූප වැඩසටහන තුළින් විජිත් මහතා සමඟ බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නගරයට පිවිසෙමු.


කිතුනු සම්භවයක් පවතින මෙම අපූරු නගරය පෘතුගීසි ආභාෂයෙන් පැවත එන්නකි. රියෝ ද ජැනයිරෝ නගරය ක්‍රිස්තුස් වහන්සේගේ පිළිමයට ප්‍රසිද්ධියක් උසුලන අතර මෙය ලෝක පුදුම හතෙන් එකක් ලෙස නම් කර තිබීම ද විශේෂත්වයක්. ටිජුකා ජාතික වනෝද්‍යානයේ මීටර් හත්සීයක් උස කොර්කොවාඩෝ කඳු මුදුනේ මෙය ඉදි කර ඇති බව විජිත් මහතා සඳහන් කළේය. සංචාරයක් අතරතුර වෙහෙස මහන්සිය නිවා ගැනීමට ස්වභාව සෞන්දර්යය විඳීමට හොඳම ස්ථානය සුන්දර මුහුදු වෙරළ යි. රියෝද ජෙනයිරෝ නගරයේ ඇති Copacabana, Ipanema වෙරළ තීරයන් මෙයට කදිම නිදසුනකි.


ආහාරපාන පිළිබඳව සාකච්ඡාවට යොමු වීමේදී රියෝද ජෙනයිරෝ නගරයේ වඩාත් ප්‍රසිද්ධ වන්නේ විවිධ වූ මාංශ වර්ග අනුභව කිරීමටයි. ජල වශයෙන් BBQ ආකාරයේ පිසීමට ප්‍රසිද්ධියක් උසුලන අතර විවිධ බීම වර්ග සඳහා ද ජෙනයිරෝ නගරය ප්‍රචලිත වේ.
ආගමික සම්භවයකින් පැවතෙන ජෙනයිරෝ නගරයේ ආගමට මුල් වූ පරිසරයක් පවතින අතර කතෝලික ආගම මුල්කරගත් පල්ලි මෙම නගරයේ පිහිටයි. එවැනි වූ පැරණි පල්ලියක් ඩවුන් ටවුන් හි පිහිටා තිබේ මේවා අතර මායන් සංස්කෘතිය පදනම් වූ නිර්මාණය වූ පල්ලි ද පිහිටයි. සෞන්දර්යාත්මක වින්දනයට ජෙනයිරෝ නගරයේ municipal theatre නම් වූ රඟහල ද පිහිටා ඇති බව ඔහු සඳහන් කළේය.
රියෝ ද ජෙනයිරෝ හි මෙවන් වූ සුන්දර ස්ථාන පිළිබඳව අපත් සමඟ බෙදාගනිමින් විජිත් මහතා කතාබහ අවසන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos