Rupane Episode 293 – April 30 2022

30 April 2022 680 Views

රූපණ ලස්සන ගෙදර..
Rupane Episode 293 – April 30 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අපි අපේ ජීවිතය ගත කරද්දී අපි ජීවත්වන වට පිටාව ඉතාමත් වැදගත්.සුන්දර පිරිසිදු සිත් ඇදගන්නා සුළු පරිසරයක ජීවත් වීමට පොදුවේ අපි හැමෝම කැමතී.ඒ නිසාම ඔබ ජීවත්වන තැන අලංකාරවත් ස්ථානයක් කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයට අද රූපන හරහා පිළිතුරක් සොයා ගන්න අපි කටයුතු කළා.

ගෘහ අලංකරණය පිළිබඳ අද පිළිසඳරට එක් වන්නේ ඒ පිළිබඳව හසළ දැනුමක් ඇති කුෂ්ලානි බණ්ඩාර මහත්මිය.ඇය මෙම සාකච්චාවට මුලින්ම එක්වෙමින් සඳහන් කරන්නේ මෙය එතරම් වියදම් අදිකව වැය කළයුතු කාරණයක් නොවන බවයි.තම අභිමතය පරිදි අය වැයට ගැලපෙන ලෙස අඩු මුදලකින් ලබාගත හැකි දෑ මගින් මෙම කටයුත්ත කළ හැකි බවත් ගෘහ අලංකරණයේ දී වැදගත්ම කාරනය වන්නේ තමාගේ රුචිකත්වය හා නිවසේ ඉඩ ප්‍රමාණය කෙතෙක්ද යන්නයි.ඒ අනූව නිවසේ බිත්තිවල ආලේපිත වර්ණ භාවිත කරණ ආලෝක මෙවලම් හා භාණ්ඩ මගින් නිවසේ ඉඩකඩ ප්‍රමණය  අඩු වැඩි කරගත හැකි බවද එතුමිය තව දුරටත් සඳහන් කළා.කැනඩාව තුළ ශීත සෘතුව මාස 6ක් පැවතීම නිසා නිවස තුළ පැළ කිහිපයක් තැනින් තැන රෝපනය සිදු කිරීම මානසික සුවයක් ගෙන දෙන කරුණක් වන බවත් ඇය සඳහන් කරයි. තව දුරටත් ඇය සඳහන් කළේ අදහන ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් නිවසේ ස්ථානයක් වෙන් කිරීම මානසික නිදහස තවත් වැඩිකරන කරුණක් බවයි.

නිවස තුළ අඩු භාණ්ඩ ප්‍රමාණක් භාවිත කිරීමෙන් නිවසේ ඉඩකඩ වැඩි කොටසක් නිදහස් කර ගැනීමට හැකිවන අතරම එමගින් නිදහස් මනසක් ඇති කර ගැනීමට හැකි වන බවද අද දවසේ කතාබහට එක්වූ කුෂ්ලානි මහත්මිය සඳහන් කරේ ඇගේ නිවස තුළ තබා ඇති භාණ්ඩ අවශ්‍යතාවය මත අඩු වියදමකින් ලබා ගත හැකි භාණ්ඩ ගෘහ අලංකරණය සඳහා භාවිත කර ඇති බවද ඇය සඳහන් කරයි.මෙම නිවසේ Family room එක ගැන සැලකීමේදී ඇහැට ප්‍රිය උපදවන ආකාරයේ බඩු භාණ්ඩ භාවිත කර නිස්කලංක ස්ථානයක් ලෙස නිර්මාණය කරන්නට සැළකිලිමත් වූ බවත් පවුලේ සියළු දෙනා එකට ගැවසෙන තැන වන මෙම ස්ථානය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ බවත් ඇය සඳහන් කළා.

කුෂ්ලානි මහත්මිය විසින් ගෘහ අලංකරණය කරන ලද තවත් නිවසකට ගොඩ වෙමින් එම නිවසේ විශේෂත්වයන් ගැන කතා බහ කරන්නට යෙදුනා.එහිදී එතුමිය සඳහන් කළේ විවිධ හැඩතලයන්ගෙන් යුත් භාණ්ඩ,පැළෑටි හා වර්ණ මගින් නිවසට වෙනස් හැඩයක් ලබා දීමට කටයුතු කළ බව සඳහන් කළා.ඒ වගේම ආලෝකකරණ උපාංග මගින් නිවසේ වූ අදුරු ස්ථානයන් ආලෝකමත් කිරීමට ද කටයුතු කළ බව එතුමිය සඳහන් කළා.

නවකයෙකු ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමට බලාපොරොත්තු වන්නේනම් ඒ සඳහා කලාත්මක දෘෂ්ඨියක් තිබිය යුතු බවත් සඟරා අන්තර්ජාල භාවිතයෙන් දැනුම ලබා ගත හැකි බවත් ඇය සඳහන් කළා.නිස්කලංක සුන්දර නිවසක් හිමි වීම පවුලක් ලෙස නිදහස් මනසක් ඇති කර ගැනීමට ඉතා වැදගත් බව සඳහන් කරමින් සාකච්ජාව අවසන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos