Rupane Episode 312 – September 10 2022

10 September 2022 409 Views

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය..
Rupane Episode 312 – September 10 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ තුලින් අප සාකච්ඡා කිරීමට යොමු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳවය ඒ සඳහා අද අපත් සමග එකතු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කරන ලද ආචාර්ය උදේනි අල්වත්තගේ මහතා සහ කොළඹ වාණිජ විද්‍යාලයේ අලෙවිකරණය සම්බන්ධ කථිකාචාර්ය රියාස් රවුෆ් මහතා සමගය.

ආචාර්ය උදේනි මහතාගෙන් අප විමසා සිටියේ වර්තමානයේ ශ්‍රී ලංකාවෙි පවතින තත්වය කෙසේද යන්න සහ අනාගතයේදී කෙසේ වේවිද යන්න පිළිබඳවය.
එතුමා පවසා සිටියේ ශ්‍රී ලංකාව බොහෝ කරදර වලට මුහුණ දුන් රටක් බවය. කෝවිඩ් වසංගතය හේතුවෙන් පැන නැගුණු ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ඔහු පවසා සිටියා ය.

අප විමසා සිටියේ එතුමන් මෙම අර්බුදය විසඳීම සඳහා කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න දක්වන අදහස් පිළිබඳව ය.

විදේශ විනිමය ඉතුරු කිරීම මේ සඳහා විසඳුමක් වන බවත් ආනයන නවතා ලංකාව තුළ භාණ්ඩ හා සේවා දේශීය සම්පත් භාවිතයෙන් විධාකාර නිෂ්පාදනය කර අපනයනය කිරීමත් විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කිරීමත් සුදුසු වන බවය.

රියාස් මහතාගෙන් අප විමසා සිටියේ පුද්ගලයෙකුට ලංකාවට උදව් කිරීම සඳහා කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න ඔහුගේ අදහස් පිළිබඳ ව ය.
පෞද්ගලිකව හෝ උපකාර කිරීම සඳහා යොමුවන්නේ නම් මුදල් ලංකාවට යැවීමේදී විධිමත් බැංකු ඔස්සේ ඒ සඳහා කටයුතු කළ යුතු බවත් හැකි තරම් ලංකාව තුළින් අවශ්‍ය ඇනවුම් කිරීමට කටයුතු කරන ලෙසත් එතුමා සඳහන් කර සිටියා ය.
මෙම වැඩසටහන මගින් අප බලාපොරොත්තු වූයේ විදේශීය සිටින අප විදේශිකයන් හට ලංකාව දැනට ආර්ථික අර්බුධ කාරී තත්ත්වයයෙන් මිදීම සඳහා උපකාර කිරීමට ආයෝජකයන් හට ආයෝජනය කිරීම සඳහා ලංකාව තෝරා ගන්නා ලෙසත් විවිධ ඇනවුම් කිරීමේදී ලංකාවේ නිෂ්පාදන සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසත් මෙම වැඩසටහන ඔස්සේ දැනුවත් කරන්නේ මූ.

මෙලෙසින් මෙම වැඩසටහන නිමාවට පත්වූ අතර මෙවැනි වැදගත් වැඩසටහනක් සමගින් සමඟින් නැවතත් මුණගැසෙමු.
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos