Rupane Episode 313 – September 17 2022

17 September 2022 619 Views

සුමියුරු ගී නද.. අද ආචාර්ය බුද්ධිමති ජයසේකර සමග
Rupane Episode 313 – September 17 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

Episode 313
අද රූපණ තුලින් අප ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ සුමියුරු ගී නද තුළින් ආචාර්ය බුද්ධිමති ජයසේකර සංගීත කෝකිලාවි යයි ප්‍රථමයෙන් ම අප ඇයගේ රසවත් වූ සංගීතයක් රස විදිමූ.
දරු දුක උහුලා


තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

අපි ඇයගෙන් විමසා සිටියේ සංගීතයට පිවිසීමේ අතීත මතක පිළිබඳවයි
ඇය පවසා සිටියේ පොඩි අවධියේ සිට මේ සඳහා බොහෝ කැමැත්තක් දැක්වූ බවත් පාසල් අවදියේ තිබූ සියලුම සංගීත අවස්ථාවන් සඳහා සහභාගි වූ බවත් විවිධ අවස්ථා වලට සහභාගි වී විවිධ සහතික ජයග්‍රහණ ලැබුණු බවත්, පවත්නා වූ සියලුම නැටුම් ගැයුම් රඟන සියලුම දේ සඳහා ඇය සහභාගී වූ බවත් සඳහන් කර සිටියා.
ඇයගේ මිහිරි වූ කටහඬින් අප තවත් ගීයක් රස වින්දෙමු.
වරද මගේ කීවා නම් හිත හදාගන්න තිබුණා….
නැවතත් ඇය ගැන අප අසා සිටියේ ඇයගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව
ඇය පවසා සිටියේ විශේෂවේදී රසායන සම්බන්ධ උපාධියක් ලංකාවේදී හෑර වූ බවත් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ නැවතත් රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරූ බවත් අධ්‍යාපන කටයුතු සමඟ ඇයගේ ඇති හැකියාවට තැනක් දීමට නොහැකි වූ බවත් ඇයට නැවතත් ඒ ගැන සිතීමට කාලයක් ලැබූ හෙයින් ඇය ගේ ම නිර්මාණයක් කිරීමට යොමු වූ බවත් ඇය සඳහන් කර සිටියා ය.
ආචාර්ය කුලරත්න මහතා විසින් ඇයට ලබාදුන් ආදී පද රචනයට ආචාර්ය රෝහණ මහතා තනුවක් නිර්මාණය කර දුන් අතර මෙම සහයෝගයන් මගෙන් ඇයගේ නිර්මාණය සාර්ථක කර ගැනීමට හැකි වූ බව ඇය පවසා සිටියාය.
විශාරද නන්දා මාලනි විසින් ගායනා කරන ලද ගීයක් නැවතත් අද බුද්ධිමතිගේ හඬින් රස විඳිමු.

රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැළෙනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා

අනෝතප්ත නෙළුම් විලේ
පාවෙන මල් රේණු වලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා

අතුඅග මල් කුමාරියන්
බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා

රාජ ඉසුරු බරට වටින
වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා

ඇයගෙන් විමසා සිටියේ ඇයගේ ස්වතන්ත්‍ර නිර්මාණ කොපමණක් නිර්මාණය කර තිබේද යන්නයි.
ඇය පවසා සිටියේ නිර්මාණයකින් පටන් ගත් නමුත් පසුව නිර්මාණ පහකට සහභාගිත්වය දැරීමට අවස්ථාව ලැබූ බවයි.නමුත් එලි දක්වා ඇත්තේ තවම නිර්මාණ තුනක් බවයි ඇය සඳහන් කර සිටියේ.
නැවතත් අප ඇයගේ රසවත් වූ මිහිරි හඬින් ගීතයකට සවන් දීමට යොමු වූයේමූ.

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී
සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට දිරි දී පණ දී
මා දැඩි කල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩිකල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී…

අපත් සමග ඇයගේ ‌සොදුරු කැදැල්ලේ ඇයගේ දියණිය අද මෙම වැඩ සටහනට එකතු වනවා.ඇය දැහැමි ජයසේකරයි.
අප ආචාර්ය බුද්ධිමති ජයසේකර හා ඇයගේ දියණියගේ හඩින් රසවත් වූ ගීතයක් අසන්නට ‌ද අමතක කලේ නැහැ.

සමනොළ සිරසින් නැගෙනා හිරු සේ…

ඇයගේ දියණියගේ රසවත් වූ ගායනයකට සවන් දීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් කෙරෙනි.
නැවතත් මෙවැනි සොඳුරු වූ රසවත් වූ වැඩසටහන සමඟින් නැවතත් මුණ ගැසෙමු.
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos