Rupane Episode 314 – September 24 2022

24 September 2022 344 Views

රුක් සෙවන යට සොදුරු සන්ධ්‍යාවක්
විශේෂ අවස්ථා..
Rupane Episode 314 – September 24 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රුපණ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට සූදානම් වන්නේ විශේෂ වූ ස්ථානයක සිට ය. එනම් ටොරොන්ටෝ මහා විහාරස්ථානයේ සිට ය.අද ඔබත් සමග අප එකතු වන්නේ ටොරොන්ටෝ විහාරස්ථානය මගින් පවත්වනු ලබන රුක් සෙවණ සල්පිල වැඩසටහනත් සමගිනි.
රුක් සෙවණ සංගමයෙහි සාමාජිකාවක් වන ශිරෝමි සපුතන්ත්‍රි අප විමසා සිටියේ මෙම වැඩසටහන පිළිබඳව ය.
ඇය පවසා සිටියේ මෙම වැඩසටහන පිළිබඳව බොහොමත් සතුටු වන බවත් ශ්‍රී ලංකාවේහී ආදී ආහාරපාන, නාට්‍ය මෙහි සූදානම් කර ඇති බවත් ය.

සංගමයේ තවත් සාමාජිකාවන් පිරිසකගෙන් අප මෙම වැඩසටහන පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසා සිටීමේදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙම වැඩසටහන පිළිබඳව ඉතාමත් සතුටු වන බවත් ඔවුන් ගොඩක් මෙමගින් සතුටට පත් වූ බවත් ය.


අප ගරු කොන්සල් ජනරාල්තුමන්ගෙන් විමසා සිටියේ මෙම වැඩසටහන පිළිබඳව ය. ඔහු පවසා සිටියේ මේ සඳහා සහභාගී වීම පිළිබඳ සතුටු වන බවත් ලංකාවේ ඇතුුඵආහාරපාන භුක්ති විදිමින් එම සංස්කෘතිය භුක්ති විඳීමට අවස්ථාව ලබා දීම පිළිබඳව සතුටු වන බවත් ය.තවද මෙවැනි අවස්ථා තව තවත් සංවිධානය කරන ලෙසත් ඔහු අදහස් දක්වා සිටියාය.

අප උපුල් සිල්වා මහතාගෙන් මෙම වැඩසටහන පිළිබඳව විමසා සිටීමේදී සිටීමේ දී ඔහු අදහස් දක්වා සිටියේ කොවිඩ් වසංගතයෙන් පසුව ටොරොන්ටෝවේ ජනතාවට නිදහසේ විනෝදවන්නට මෙවැනි අවස්ථාවක් සංවිධානය කළ බවත් එය අති සාර්ථක බව හැඟෙන බවත් ඒ පිළිබඳව ඔහු ඉතාමත් සතුටු වන බවත් සඳහන් කර සිටියාය.

නැවතත් අප වැඩසටහන පිළිබඳව අදහස් විමසීම සඳහා සම්බන්ධ වූයේ ටොරොන්ටෝ මහා විහාරස්ථානාධිපති වහන්සේ සමගය.මෙම සල්පිල පිළිබඳව උන්වහන්සේගේ අදහස් ලෙස දක්වා සිටියේ මෙම සංගමය ආරම්භ කරනු ලැබුවේ අසරණ මිනිසුන්ට පිහිටවීම සඳහා බවත් පසු කාලයේ බොහෝ එවැනි ක්‍රියාවල නිරත වූ බවත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව බොහෝ සතුටු වන බවත් උන්වහන්සේ පවසා සිටියාය.

මේම සල්පිලහි සංවිධානය කර තිබූ විවිධ අවස්ථාවන්ට සහභාගි වෙමින් අපත් විනෝද වූ අතර මෙවැනි තවත් විනෝදකාමී වැඩසටහනක් සමඟින් නැවතත් මුණ ගැසෙමු..
සුභ දවසක් වේවා !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos