Rupane Episode 315 – October 01 2022

1 October 2022 379 Views

“ගැලැසියරයක් උඩ ඇවිද යන්න”
ජැස්පර් ජාතික උද්‍යානයට යමු..
Rupane Episode 315 – October 01 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අපේ රූපණ මැදිරියට ආරාධනා ලබන්නේ අපගේ ගවේශක අනුරුද්ධ මහතාය. අද අපගේ මාතෘකාව වන්නේ ජැස්පර් ජාතික උද්‍යානය තුළ සංචාරය පිළිබඳව ය.

ඔහුගෙන් එම සංචාරය පිළිබඳව විමසා සිටීමේදී පවසා සිටියේ අයිස් වලින් වැසුනු කොටසක් පිළිබඳවය. එම ප්‍රදේශය අයිස් ෆීල්ඩ් ලෙස හැඳින්වේ. මෙම අයිස් තට්ටුව අයිෆල් කුලුන තරම් උස බව ඔහු පවසා සිටියා ය. global warming හේතුවෙන් මෙම අයිස් කුටිරය දියවීමට පත්වී ඇති බවත් අවුරුදු එකසිය ගානක් එසේ වීම හේතුවෙන් අයිස් කුටීරය තිබූ ප්‍රමාණයෙන් හරි අඩක් පමණ දක්වා දැනට දියවී ගොස් ඇති බවත් ඔහු සඳහන් කර සිටියා ය. මෙම අයිස් කුටිය මිනිසුන් විශාල ප්‍රමාණයක් නැරඹූ අයිස් කුටිය ලෙස හඳුන්වන අතර මෙය නැරඹීම සඳහා වෙනම බස් රථයක් ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කර සිටියා ය.

ඔහුගෙන් අප අසා සිටියේ මෙම බස් රථයේ ඇති විශේෂත්වය පිළිබඳවය.

ඔහු පැහැදිලි කර සිටියේ මෙම ප්‍රදේශයේ ගමන් කිරීම සඳහා විශේෂයෙන් සකස් කරනු ලැබූ මෙම රථය alteren රථය යි. මෙහි තිබෙනවාට අමතරව ඇන්ටාටිකාවේ පමණක් මෙම බස් රථය ඇති බව ඔහු සඳහන් කර සිටියා ය. රෝදයක් වුවද තමන්ගේ උස තරම් උසකින් යුක්ත වන බව ඔහු සඳහන් කර සිටියා. තමන්ගෙ පෞද්ගලික වාහන වලින් ගමන් කිරීමට නොහැකි වේ එසේ වීමට හේතුව මෙහි පවතින භූ විෂමතාවයයි.කැල්ගරි නගරයේ තිබෙන fomos ආයතනය විසින් මෙය නිෂ්පාදනය කර ඇති අතර මෙම රථය හඳුන්වන්නේ tera යන නමිනි.මෙහි වහලෙ මෙන්ම වටෙටද විදුරු ඇත ඒසෙම විශාල රෝද 6කින් යුක්ත වේ.මෙමගින් මගීන් 56 ක පිරිසකට එකවර ගමන් කිරීමට හැකියාව ඇත. මෙවැනි බස් රථ විසි හතරක් මෙම ස්ථානයේ ඇත. මෙහි පාරවල් වල දකින්නට ලැබෙන බස් රථයකින් ගොස් වැඩ බිමක් වැනි ස්ථානයකට යාමෙන් අනතුරුව මෙම බස් වෙත ලගා විය හැක. මෙම බස් රථය විශාල බෑවුමක් පසු කිරීමෙන් අනතුරුව ආරක්ෂිත ස්ථානයක් කරා සංචාරකයන් රැගෙන ගොස් පැය භාගයක කාල සීමාවක් එය නැරඹීම සඳහා ලබා දේ. එහි දී ඕනෑ තරම් විනෝද වීමට අයිස් මත අයිස් රටා නැරඹීමට අයිස් කුටීරය මත ඡායාරූප ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. අයිස් ෆීල්ඩ් එක මත සමහර ස්ථාන අනතුරුදායක හෙයින් එහි සිටින නිලධාරීන් උදෑසනම එම ස්ථාන සොයා සංචාරකයින් සඳහා ගමන් කිරීමට හැකි ස්ථාන ලණු කොඩි මගින් සලකුණු කරන අතර ඒ ඔස්සේ හැකි තරම් විනෝද විය හැකි ය. අවස්ථාව ලබා ගැනීමට හැකි වන්නේ අපට අප්‍රේල් මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා කාල පරාසය තුළදී ය. අනෙකුත් කාල කාලසීමාවන් වල දී දේශගුණික වශයෙන් සුදුසු නොවන නිසා එම කාල වල සංචාරකයින් හට අවස්ථාව නොලැබෙනු ඇත. එම ස්ථානයට යාමේදී එම ස්ථානයට ගැලපෙන වස්ත්‍ර අනෙකුත් ආදිය මගින් සැරසී යා යුතු වේ.

මෙම මෙම උද්‍යානයේ තවත් වටිනා ඓතිහාසික ස්ථාන නැරඹීමට ඇති බව ඔහුගෙන් විමසා සිටීමේදී ඔහු පවසා සිටියේ කිසියම් පුද්ගලයකුට අවශ්‍ය නම් උණු වතුර අත්දැකීමක් ලබා ගැනිමට ඒ සඳහා මෙම උද්‍යානයේ miat hotspring වෙත ගොස් එම අත්දැකීම ලබාගැනීමට හැකියාව ඇති අතර මර්ලින් කැනියොන් ලෙස හඳුන්වන විශාල අගාධයක් ඇති අතර ඒ තුළින් ජලය ගලාගෙන යෑමේ දී විවිධ රටා මවන බව ඔහු සඳහන් කර සිටියා ය. විවිධ කාලවලදී වතුර ප්‍රමාණය වෙනස් වන බව ද ඔහු සඳහන් කර සිටියා ය.
එසේනම් ජැස්පර් උද්‍යානයේ අසිරිය විඳිමින් අද වැඩසටහන මෙතනින් නිමාවට පත් වනවා .
සුභ දවසක් වේවා !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos