Rupane Episode 316 – October 08 2022

8 October 2022 323 Views

ඔබේ සහෘදත්වයෙන්, මවුබිම වෙනුවෙන් සිදුකල ව්‍යාපෘති අද තත්වය..
Rupane Episode 316 – October 08 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

පසුගිය කාලය තුල අපගේ මාතෘ භූමිය වෙනුවෙන් අප විවිධ වැඩසටහන් හරහා විවිධ ව්‍යාපෘති සංවිධානය කිරීමට කටයුතු කළා අද දිනයේ මෙම වැඩසටහන මගින් අප සාකච්ඡා කිරීමට යොමු වන්නේ එම ව්‍යාපෘති වල වර්තමාන තත්ත්වය පිළිබඳව . කැන් ලංකා ආයතනයේ උප සභාපති වන ආලෝක විජේසිංහ මහතා ද ශ්‍රී ලංකා medicate සංගමයේ සභාපතිනිය වන ගෙමිනා පෙරේරා මහත්මිය ද
ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙපළක් සහ ඇමෙරිකාවේ ජීවත්වන අපගේ සහෝදර මහත්මියක් මෙම වැඩසටහන සඳහා සම්බන්ධව සිටිනවා.

අපගේ මාතෘ භූමියේ කොරෝනා වසංගතය පැමිණීමට පෙර අනුරාධපුර වැනි ප්‍රදේශවල ජීවත් වූ වකුගඩුරෝගීන් හට පිහිටවීම සඳහා මහමෙව්නා අසපුව සම්බන්ධ කරගනිමින් “පිවිතුරු පැන් පූජා” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
දැන් අප යොමු වන්නේ එම වැඩසටහනේ අද තත්වය කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහාය.
ටොරොන්ටෝවේ මහමෙව්නා භාවනා අසපුවේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අප එම වැඩසටහනහි වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා සිටීමේදී උන්වහන්සේ පවසා සිටියේ මෙම වැඩසටහන මගින් ජල පිරිපහදු ස්ථාන ක්‍රියාත්මක කරනු ලැබු බවය. 2015 සිට ලංකාවේ දුෂ්කර පළාත්වල පාසල් වලට රෝහල් වලට පන්සල්වලට ජල පිරිපහදු ස්ථාන සැකසීම ක්‍රියාත්මක කරන ලැබු අතර පවුල් 3000කට පමණ පිරිසුදු ජලය ලබාදිය හැකි වූ බවය. ව්‍යාපෘතිය දැන් තත්වය පිළිබඳව සඳහන් කරමින් උන්වහන්සේ පවසා සිටියේ දැනට ව්‍යාපෘති 118 ක ප්‍රමාණයක් කර ඇති බවය.තවද ජල පිරිපහදු මධ්‍යස්ථාන 11ක වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද උන්වහන්සේ පවසා සිටියා. ” be care for in charity ” සංවිධානය හා ටොරොන්ටෝ භාවනා අසපුවත් සම්බන්ධව ටොරොන්ටෝවේ ජල පිරිපහදු මධ්‍යස්ථාන 11 ක් ආරම්භ කර ඇති අතර තව ජල පිරිපහදු මධ්‍යස්ථාන පහක වැඩ කටයුතු ආරම්භ කර ඇති බව උන්වහන්සේ පවසා සිටියා. කැනඩාවේ මනුෂ්‍යත්වය සංවිධානය සහ විශාකා සංවිධානය සහ පිංවතුන්ගේ ආධාර ද මගින් මෙම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක විය.

අප උන් වහන්සේගේ විමසා සිටියෙ උන්වහන්සේ ඉහත දී සඳහන් කරන ලද ලීටර් 15,000ක් පමණ වතුර ප්‍රමාණයක් ලබා දිය හැකි ලෙස සදහන් කරන ලද ප්‍රකාශය පිළිබඳව ය. එසේ ලබාදිය හැකි වනුයෙ කොපමන කාල පරාසයක් තුලදී ද යන්න ය.
දවසක් තුළ 15 000 L ක් පවුල් තුන්දාහකට ලබාදීම හැකියාව ඇති අතර කාල පරාසයක් නොමැති බවත් 2015 ආරම්භ කරපු සෑම පිරිපහදු මධ්‍යස්ථානයක්ම අදටත් ජනයාට පරිභෝජනය කළ හැකි තත්ත්වයක පවතින බවය. “මේ දන් දෙන්නේ ජලය නොව ජීවයයි” යන්න මෙම වැඩ සටහනේ තේමා පාඨය එලෙස උන්වහන්සේ පවසා සිටියා.
මේ වන විට මෙම වැඩසටහන මගින් ජලය ලීටර මිලියන ගානක් ලබාදී ඇති අතර වර්තමානයේ වෛද්‍ය වාර්තා මගින් ගම්මාන වල නව වකුගඩු රෝගීන් දක්නට නොලැඹෙන අතර වකුගඩු රෝගය ව්‍යාප්ත නොවන බවද දක්නට ලැබේ.

කැන් ලංකා ව්‍යාපෘති උප සභාපති තුමාගෙන් අප විමසා සිටියේ covid වකවානුව තුළ එතුමාගේ සංගමය විසින් ඉටු කරන ලද ව්‍යාපෘති වල වර්තමාන තත්ත්වය පිළිබඳව විමසා සිටීමේදී එතුමන් පවසා සිටියේ
මෙම වැඩසටහන් පටන් ගැනීමට යොමු වූයේ ඔවුන්ගේ සාමාජික අනුර මහතාගේ අදහසක් මූලික කරගෙන බවත් මෙම සටහන ඔස්සේ ලංකාවෙ රෝහල් වලට ආධාර කිරිම ඔවුන්ගේ ව්‍යාපෘතිය විය. ඒ සඳහා ඔවුන්ගේ අරමුණ ඔවුන්ගෙ සංගමයේ අරමුදල් සහ මහජනයාගෙන් එකතු කරන මුදල් මගින් ඉටු කරගෙන යෑමට බලාපොරොත්තු වූ බව සඳහන් කර සිටියා.
ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේලා සමග වැඩ කටයුතු වල යෙදෙන ගෙමිනා මහත්මිය ද ප්‍රකාශ සඳහන් කරමින් අදහ් දක්වා සිටියේ ලංකාවේ සිටින ජනතාවට පිහිට වන ලෙස සඳහන් කර සිටියා ය.
ඔවුන් සංවිධානය වී විවිධ ආයතන ඔස්සේ විවිධ උපකාර ලබමින් ඒවා හරහා ලංකාවටත් අනෙකුත් අවශ්‍ය ස්ථාන වලට එම ආධාර බෙදා දෙමින් medicate සංවිධානය ද ඒකාබද්ධ කර ගනිමින් මෙම සංවිධානය හරහා බොහෝ කටයුතු සිදු කර ඇත.
අවසාන හෝරාවේ දී අප විසින් මෙම සියලු සංගම් එකිනෙකට ඒකාබද්ධ වී කටයුතු කරන්නේ නම් මීට වඩා මිනිසුන්ට හට උපකාර කිරීමට හැකි වනවා නේද යන අදහස පිළිබඳව ඔවුන් හට ක්‍රියාත්මක වූයේ නම් යන යහපත් වේ යෑයි යන අදහස ඉදිරිපත් කරමින් වැඩසටහන නිමාවට පත් කෙරිණි.
සුභ දවසක් වේවා !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos