Rupane Episode 317 – October 15 2022

15 October 2022 428 Views

සුමියුරු ගී නද – අද කපිල සහ ගංගා හරිස්චන්ද්‍ර
Rupane Episode 317 – October 15 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ සුමියුරු ගී නද තුලින් අප ගෙන එන්නෙ ලස්සන ගී ගොන්නකි. ඒ සදහා අද ආරාධනා ලබන යුවල වන්නෙ ගංගා සහ කපිල හරිස්චන්ද්‍ර යුවලයි.

විශාරද නන්දාමාලනීයන්ගේ සෝදුරු වූ ගීතයකින් අද වැඩසටහන ආරම්භය සනිටුහන් කරමු.

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී

සිඟිති ආදර දූපතක තනිවී
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලා බසිනු මැන
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී
නිරන්තරේ සිනා සිසී
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

හසරැලි ගවසා තුරැ මුදුනේ

කල්පනා තෝතැන්නේ
හසරැලි ගවසා තුරැ මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරැ අහුරක් සේ රෑ ඇවිලෙනු මැන
තරැ අහුරක් සේ රෑ ඇවිලෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
අහස් ගඟේ දියඹ දිගේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

ගායනය පිළිබඳව සහ අතීතය පිළිබඳව විමසා සිටිමේදී
2002 සිට ගංගාගෙ අදහසත් සමග ගීත ගායනයට යොමූ වූ බව සදහන් කර සිටියා ය.
සරස වසන්තය ආයෙත් එනවා නම්,

සරස වසන්තය ආයෙත් එනවානම්…

අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නටසරස වසන්තය ආයෙත් එනවානම්ලියූ සුපෙම් කවි හසුන් පුරාවටපොත් පිටුවක එය හංඟා ගන්නටබොරු විස්සෝපෙන් අහක බලන්නටආයෙත් හමුවී හිනා නගන්නටසරස වසන්තය…දෙනෝදහක් මැද සිත් හංඟන්නටසැගවූ ප්‍රේමය නෙතින් කියන්නටකාත් කවුරුත් නැති සීමාවක හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නටසරස වසන්තය…

ඔවුන්ගේ පවුල් පසුබිම පිළිබඳව සොඳුරු සංවාදයකින් අනතුරුව නැවතත් ගංගාගේ රසවත් ගීතයකට සවන් දුන්නේමූ.

සිනිදූ සේ නවාතැනෙ…

නැවතත් විමසා සිටියේ මොවුන් දෙපළ ගීත ගායනා කිරිමේදි සිදු වූ සොඳුරු මතකයන් පිළිබඳව අප හා අදහස් බෙදාගන්නා ලෙසයි.

ඇය පවසා සිටියේ එවැනි අවස්ථාවන් බොහෝමයක් ඇති බවත් එක් දිනක් ගායනය අතරතුර දී සිංදුව ලියා තිබූ කොළය සුළඟේ යාමෙන් මුහුණ පෑ සොඳුරු අවස්ථාව පිළිබඳව ය.

නැවතත් ඔවුන්ගේ මිහිරි හඬින්
ආදර ගඟුලෙහි

ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ..
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොව ම දැකුම්කලූ…

ආදර ගඟුලෙහි
ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ..
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොව ම දැකුම්කලූ…


මල් වැල් වන විල් පිරී ගියේ

සෙවණ දෙවන්න ලූ…
බිඟු නද විහඟුන් ඉගිල්ලූනේ
මිහිරෙ රැඳෙන්න ලූ..
පුන්සඳ නැඟුනෙත් අහස් තලේ
අපට බලන්න ලූ..
දෙනෙතට කඳුළැලි තුරුල් කළේ
පෙමට අඬන්න ලූ………
පෙමට අඬන්න ලූ……….

ආදර ගඟුලෙහි
ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ…….
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොව ම දැකුම්කලූ….

ආදර ගඟුලෙහි
ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ…….
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොව ම දැකුම්කලූ…

මී වද මී පැණි පිරී ගියේ

දෙතොලෙ රඳන්න ලූ…
දේදුනු ඕවිලි නැවී ගියේ
නුවන පිනන්න ලූ…
මේ ලොව මා ඉපදුණේ ප‍්‍රියේ
ඔබව ලබන්න ලූ..
ඒ හැර ලැබුණත්
පලක් නැතේ
ඉසුරු මැණික් මලූ …..
ඉසුරු මැණික් මලූ …..

ආදර ගඟුලෙහි
ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ…
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොව ම දැකුම්කලූ…

ආදර ගඟුලෙහි
ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ…
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොව ම දැකුම්කලූ…

අප විමසා සිටියේ ඔවුන්ගෙ ජිවිතය පිළිබඳව ය. ඒ පිළිබඳව ඔවුන් දක්වා සිටියේ සුන්දර වූ අදහස් ය.

රූපණ සුමියුරු ගී නද වැඩසටහන පිළිබඳව අදහස් විමසා සිටිමේදී ඔවුන් අදහස් දක්වා සිටියේ මින් පෙරත් මෙම වැඩසටහන සමග සම්බන්ධ වූ බවත් මෙම වැඩසටහන ඔවුන් හට ලොකු සහයක් වන බවත් රූපණ වෙත ස්තූති වන්ත වන බවත් ඔවුන් දෙපළ පවසා සිටියා.
ඔවුන්ගෙ මිහිරි ගයනයකින් නිමාව සනිටුහන් කරන්නෙමූ.

රුවන් අඹර සෙමර සලන වලා පෙළ ගැසේ
ආදරයේ මැණික් පහන් දෑස මුණ ගැසේ
නිමල් මදුර මිහිර මවන සොඳුරු ජීවිතේ
කමල් සිහින මවා ගෙනේ අමර තුසීතේ

ගඟුලැල්ලේ රළින් රළට
පෙණ පිඬු නැඟුණා
නෙලුම් විලේ මලින් මලට
සුවද පැතිරුණා

ගඟුලැල්ලේ රළින් රළට
පෙණ පිඬු නැඟුණා
නෙලුම් විලේ මලින් මලට
සුවද පැතිරුණා
ආදර ලෝකේ නැ දුක සොකේ

ආදර ලෝකේ නැ දුක සොකේ

රුවන් අඹර සෙමර සලන වලා පෙළ ගැසේ
ආදරයේ මැණික් පහන් දෑස මුණ ගැසේ
නිමල් මදුර මිහිර මවන සොඳුරු ජීවිතේ
කමල් සිහින මවා ගෙනේ අමර තුසීතේ

ලා පත් සිඹ සිඹ සීතල
නල රැල් නැඟුණා
සදා ආදරේ සිහිලැල් රන් සළු එතුණා
ලා පත් සිඹ සිඹ සීතල
නල රැල් නැඟුණා
සදා ආදරේ සිහිලැල් රන් සළු එතුණා

ආදර ලෝකේ නැ දුක සොකේ
ආදර ලෝකේ නැ දුක සොකේ

රුවන් අඹර සෙමර සලන වලා පෙළ ගැසේ
ආදරයේ මැණික් පහන් දෑස මුණ ගැසේ
නිමල් මදුර මිහිර මවන සොඳුරු ජීවිතේ
කමල් සිහින මවා ගෙනේ අමර තුසීතේ
ආදර ලෝකේ නැ දුක සොකේ
ආදර ලෝකේ නැ දුක සොකේ

නැවත් මෙවැනි වැඩසටහනකින් මුණගැසෙමූ .
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos