Rupane Episode 318 – October 22 2022

22 October 2022 423 Views

සැප්තැම්බර් 15 බ්‍රැම්ටන්හි පැවත්වුන උද්ඝොෂණය..
Rupane Episode 318 – October 22 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ තුළින් අප හා එක්වන්නෙ Sri Lanka Canada Association of Bramton
හි සභාපති සේන මුණසිංහ මහතා සහා
ලේකම් ශශි රණසිංහ මහත්මිය යි.

සැප්තැම්බර් 15 වන දින ශ්‍රි ලංකා ජනතාවගේ මූලිකත්වයෙන් Bramton නගරය තුළ සිදු වන විරෝධතාවය පිළිබඳව අප සේන මහතාගෙන් විමසා සිටිමේදී එතුමා පවසා සිටියේ
Bramton නගරයේ නගරාධිපතිවරයා පිළිබඳව පැන නැගි ඇති ගැටලු හේතු කොටගෙන මෙම විරෝධතාවය පවත්වන බවය.

මෙහි ඉතිහාසය පිළිබඳව අප විමසා සිටිමේදී සේන මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාව පිළිබඳව ඔහුගෙ වැරදි ආකල්ප ඔහුගෙ දේශපාලනික ජීවිතය පිළිබඳව වැනි විවිධ අවස්ථාවන් සැළකිල්ලට ගැනිමේදි එතුමන් පිළිබඳව මතුවන ගැටලු හේතුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කක බවයි.

මෙම තීරණය හේතුවෙන් ජන වර්ගයාට ඇති වන බලපෑම පිළිබඳව ශශි රණසිංහ මහත්මියගෙන් විමසා සිටිමේදී
ඇය අදහස් දක්වා සිටියේ මෙම ප්‍රාන්තයේ අදහස් පැතිරි යන්නෙ ලාංකිකයන් අකාරුණික කොට්ටාසයක් ලෙසය එම නිසා ලාංකික ජනතාවට මෙසෙ ඉදියටත් මෙලෙස පැවතියහොත් මෙහි ජිවත් වීමට අපොහොසත් වේ මෙම පුරපති මෙම අදහස් වර්ධනය කිරිමට කටයුතු කරයි එම නිසා ඔහු ඉවත් කිරිමට මෙන්ම මෙම ලාංකිකයන් පිළිබඳ අදහස දුරලීමට මෙමගින් කටයුතු කිරිමට උත්සහා කරන බවයි එතුමිය පවසා සිටියේ.

ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව හා එය සාර්ථක කරගැනීමට කෙසේද කටයුතු කරන්නෙ යන්න විමසා සිටිමේ දී අදහස් දක්වා සිටියේ
මෙම පුරපති පැරදිමට කල හැකි දේ උපරිමයෙන් සිදූ කරන බවත් මොහුට විරුද්ධව කටයුතු කර එයින් ඉවත් වූ නිතිවරියක් සිටින බවත් ඇයගෙන් ද Councillors 5 දෙනෙකු සිටින බවත් මෙම පිරිසගෙන් අරමුණ සදහා සහාය ලැබෙන බවත් ය.

ශශි මහත්මියගෙන් විමසා සිටියේ දැනට පවතින නඩු කටයුතු පිළිබඳව ය. අභියාචනාවක් දැනට යන බවත් ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවත් විවිධ දැනුවත් කිරිමේ වැඩ සටහයන් සහා මේ පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් එතුමිය සදහන් කර සිටියා ය.

දැනුවත් කිරිමේ වැඩසටහන් පිළිබඳව විමසීමේ දී පවසා සිටියේ
අලුතින් පැමිණෙන පිරිස් වට්ස්ඇප් පනිවුඩ ඔස්සේ හා විවිධ වැඩසටහන් මගින් දැනුවත් කරන අතර ඔවුන්ට ද මේ සදහා සහයෝගය ලබා දෙන ලෙස ඇරයුම් කර සිටිනවා.

මෙහි සිටින ජනතාවගෙන් මේ පිළිබඳව ලැබෙන සහයෝගය පිළිබඳව විමසා සිටිමේ දී ඔවුන් ගෙන් හොද සහයෝගයක් ලැබෙන බවත් ඉදිරියටත් මෙ සදහා සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා ය.

මෙම පිරිසට අමතරව කැනඩාවේ තිබෙන සංවිධාන මගින් ලැබෙන සහයෝගය පිළිබඳව විමසා සිටිමේදි පවසා සිටියේ
ඔවුන්ගෙ සහයෝගය අඛණ්ඩව ලැබෙන බවය.

අලුතෙන් පැමිණීමට බලාපොරොත්තු වෙන් සිටින ලාංකිකයන්ට මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සිටි නම් ඔවුන්ට මේ පිළිබඳව දැන ගැනිමට සම්බන්ධ කරගන්නෙ කෙසේද විමසීමේ දී ශශි මහත්මිය දක්වා සිටියේ ඔවුන්ගෙ වෙබ් අඩවිය පිවිස මෙන්ම ඔවුන් සම්බන්ධ කරගැනීමෙන්ද ඒ පිළිබඳව දැනුවත් විය හැකි බවය.
Web – Bramtonsrilankan.lk
Telephone – 4163333106

සේන මහතාගෙන් අවසාන වශයෙන් ලාංකිකයනගෙන් පැවසිමට ඇත්තෙ
ඔක්තෝබර් 24 වන දින මැතිවරණයේ දී නිකිට ජන්දය ලබා දෙන ලෙසත් නැතහොත් පුරපතිට විරුද්ධ පුද්ගලයෙකුට ලබා දෙන ලෙසත් ය. මොහුට විරුද්ධව සිටින Bramton වලින් පිට සිටින මරින්කා රණසිංහ ටොරොන්ටෝවේ කෙවින් රණසිංහ හට ජන්දය ලබා දෙන ලෙසත් ය. මෙය දේශපාලනික කටයුත්තක් නොවන බවත් ලාංකිකයන්ට නිදහසේ ජිවත් වීමට අයිතිය් ලබා ගැනිමට මෙය සිදු කරන් බවත් දක්වා සිටියා ය.
සුභ දවසක් වේවා !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos