Rupane Episode 319 – October 29 2022

29 October 2022 598 Views

“තව දවසක්” ටොරොන්ටෝ ප්‍රසංගය..
කීර්ති පැස්කුවෙල් රනිල් මල්ලවාරච්ච් සමග
Rupane Episode 319 – October 29 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වන්නෙ නොවැම්බර් 5 වන දින ටොරොන්ටෝවේ සවස 6.30ට පැවැත්වෙන “තව දවසක්” වැඩසටහන පිළිබඳවය ඒ සදහා සහභාගී වන ජනප්‍රිය තරු වන කීර්තී පැස්කුවල් මහතා සහා රනිල් මල්ලවආරච්චි මහතා සම්බන්ධ කරගැනිමට අද වැඩසටහන තුළින් අප යොමූ වූවා.
රනිල් මහතාගෙන් ඔහු පිළිබඳව තොරතුරු විමසා සිටිමේ දී පසු කාලයේ කෙටි කාලයක් එහී රැඳි සිටි බවත් නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණී බවත්ය . ඔහු සංගීතයට වඩා තම රැකියාවට මුල් තැන දෙන බවත් ඒ අතර කාලයක් ලැබුණහොත් සංගීතයටත් ඉඩක් ලබා දෙන බවත් ඔහු පවසා සිටියා ය.

කීර්තී පැස්කුවල් මහතාගෙන් ඔහු පිළිබඳව තොරතුරු විමසා සිටිමේදී ඔහු පවසා සිටියේ කාර්යය බහුල දිවියක් ගත කරන බවත් ඔහුගෙ සංගීත ඉගැන්වීමේ පංති ලංකාවේ සහ ලෝකය පූරා ඔන්ලයින් පංති තිබෙන බවත් ඔහුගෙ සංගීත කණ්ඩායමත් සමග විවිධ උත්සව වලට සහභාගී වන බවත් මේත් සමග ඔහු කාර්යය බහුල වී ඇති බව සදහන් කර සිටියා ය.

කොරොනා කාලය තුල නිර්මාණය කල ගීත පිළිබඳව කීර්තී පැස්කුවල් මහතාගෙන් විමසා සිටිමේදී එතුමා පවසා සිටියේ ඒකල ඔන්ලයින් පංති සදහා කටයුතු කල බවත් ඒ ඔස්සේ විවිධ රටවලට ද මේ පිළිබඳව දැනුවත් කිරිමෙන් එය අති සාර්ථක වූ බවත්‍ ය. එසේම එකල නිවස තුල ශබ්ධාගාරයක් නිර්මාණය කරගෙන ගීත 50 කට වැඩි ප්‍රමාණයක් පටිගත කිරිමට යොමු වූ බවත් එතුමා සදහන් කර සිටියා ය.

රනිල් මල්ලවආරච්චි මහතාගෙන් අලුත් වැඩකටයුතු පිළිබඳව විමසා සිටිමේදී ඔහු පවසා සිටියේ එතුමා පවසා සිටියේ ගීත කිහිපයක් ගායනා කල බවත් ගීත ගායනයට වඩා Global copyright සමාගමේ ඔහූ අධ්‍යක්ෂකවරයෙක් වන බවත් ලංකාවේ සහා ඕස්ට්‍රේලියාවේ සමාගම් දෙකක් පවතින බවත් ය. එහීදී ගී පද රචකයන්ගෙ අධ්‍යක්ෂකවරුන්ගෙ අයිතිය සුරැකීම පිළිබඳව ඔවුන්ගෙ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන බව ය. එකම ලියාපදිංචි සමාගම ඔවුන් වන බවයි ඔහු සදහන් කර සිටියා ය.

ඔහුගෙන් විමසා සිටියෙ මිට අවුරුදු 2කට පෙර නැවත යාමට වූ සිදූ විම පිළිබඳව විමසා සිටිමේදී එතුමා පවසා සිටියේ එය ඉතාම අවාසනාවන්ත සිද්ධියක් බවය. කොරොනා හේතුවෙන් පැමිණී සංගීත ප්‍රසංගය අහෝසි කිරිමට සිදුවීම පිළිබඳව ය. ඔහුහෙ එම අත්දැකිම අමතක නොවන බවත් එදින ඔහූ බොහො ලෙස කලබලකාරී ලෙස කටයුතු කර බවත් සදහන් කර සිටියා ය.

කීර්තී පැස්කුවල් මහතාගෙන් මියුරු හඬින් ගීතයක් රස විදීමට යොමූ වූයේ මූ.

කදුල ඉතින් සමාවෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න

කළු වළාව නැගෙන්නෙපා – ගගට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ – ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හද පායා – සදරැස් යහනට වඩින්න
සද එළියෙන් ඇගේ ගතේ – පිපි ගෝමර මල් දකින්න

මල් දෙවැටේ වතුසුදු මල් – පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා – මතුවෙයි මල් පරදන්නට
බිළිදු ගෙනා කිරි සුවදක් – ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ – මගේ සිහිනය මල් පිපෙන්න

රනිල් මල්ලවආරච්චි මහතාට පවසා සිටියේ ඔහූ නොවැම්බර් මස පැවැත්විමට නියමිත ප්‍රසංගයට පැමිණීමට බලාපොරොත්තු සිටින පිරිස වෙනුවෙන් පැවසීමට ඇති දෑ පවසන ලෙස ය.
එතුමා පවසා සිටියේ එදිනට කීර්තී පැස්කුවල් මහතා සමග ගීත 20කට අධික ප්‍රමාණයක් ගායනා කරන බවත් එ සදහා එහි සිටින ගායකයන් ද සහාභාගී වන බවය.
රනිල් මල්ලවආරච්චි මහතාගේ රසවත් සිංදුවට සවන් දුන්නේමූ.

සිතිවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමුකළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ

ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමුකළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ

තව දවසක් ප්‍රසංගය සදහා ප්‍රවේශය පත් වෙන් කරවා ගැනිම සදහා
රශාන්ති 4164321532
ගයාන් සේනාධීර 4168246153
ඇමතීමෙන් වෙන් කරවා ගත හැකිය.

මෙසෙ තවත් සොඳුරු සංවාදයක් නිමාවට පත් විය.
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos