Rupane Episode 320 – November 05 2022

5 November 2022 384 Views

රොකී කදුවැටියේ අපුරුව එක්ක බෑන්ෆ් ජාතික උද්‍යානයේ අසිරිය විදින්න
Rupane Episode 320 – November 05 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ “ගමනක මතක” තුලින් ඔබ හා එක්වන්නෙ සුන්දර වූ Banff ජාතික උද්‍යානයෙහි පිහිටා ඇති Salphur Mountain සිට ය. මෙම ස්ථානයට මෙහි අවට පරිසරය ඉතාමත් දැකුම්කළු ලෙස දිස් වේ.
අප සංචාරක අනුරුද්ධ සමගින් මෙහි සුන්දරත්වය පිළිබඳව විමසා බලමූ.

අනුරුද්ධ සදහන් කර සිටියේ කැනඩාවේ මූලින්ම ප්‍රකාශයට පත්වූ ජාතික උද්‍යානය වන්නෙ Banff National Park බවයි. එය 1885 දී ජාතික උද්‍යානයක් බවට සදහන් කර ඇති අතර එය ව.කි. 2564 සමන්විත වේ. එයට මධ්‍යස්ථව “Bow ගග” ගලා යන අතර කදු මුදුනෙ සිට Banff නගරය ආදි වටපිටා පරිසරය සුන්දර චිත්‍රයක් ලෙස එක පෙළට දිස් වේ.

ඉහට යාම සදහා මෙහි ස්ථාපිත පෞද්ගලික ආයතිනකින් Gondola එකක් අරන් යා යුතු වන අතර 1km පමණ යාමට පහසුවන පරිදි වේදිකා සකස් කර තිබේ මේ ඔස්සේ පරිසරය රසවින්දනයට තවත් පහසු වේ. මෙහි ඉතිහාසය දෙස බැලිමේ දී මෙම ස්ථානය උස නිසා 1906 – 09 කාලයේදී මෙහි කාලගුණ පර්යේෂණ ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබේ
1957 1958 Calgary විශ්ව විද්‍යාලට අදාලව එකල ලෝකයම උනන්දූවක් දක්වපු Cosmic කිරණ පිළිබඳව සෙවිමට පෙළඹි තිබේ.හේතුව එම කිරණ හොඳින්ම දර්ශනය වන ස්ථාන වලින් එකක් මෙය වන නිසා ය. 1978 දී මෙම පර්යේෂණ ආයතනය ආරක්ෂාව හේතුවෙන් අයින් කර ඇත. ඉන් පසුව ජාතික උරුමයක් ලෙස මෙය නම් කර ඇත.

නැවත අපි විමසා සිටියේ Cave and Basin National Siteහි ඉතිහාසය පිළිබඳව ය.

British colombia ඒකාබද්ධ කිරිම සදහා Canadian Pacific rail way නිර්මාණය කිරිමේදි මැනුම් කටයුතු කිරිමට පැමිණී William McCardell Frank McCabeට හමු වූ රහස් පොකුණක් මගින් 1916 දී දුම්රිය මාර්ගය සංවර්ධනය විමත් සමග උණු දිය උල්පතක් මගින් දියනාන පොකුණක් නිර්මාණය කර ඇත. එහෙත් එහි ඇල්ගී විශේෂයක් වර්ධනය විම වැළැක්වීමට නොහැකි වීමෙන් 1994 දී එය වසා දැමිමට වූ බවත් එලෙස මෙය ජාතික වටිනාකමකින් යුත් ස්ථානයක් බවට පත් වූ බවත් අනුරුද්ධ වැලිගමගේ පවසා සිටියේ ය.

තවද Lake Louiseහි ඉතිහාසය පිළිබඳව විමසා සිටිමේදී ඔහු පවසා සිටියේ Lake Louise සහා Moraine Lake ප්‍රසිද්ධ ස්ථාන වන බව ය. ජුනි සිට සැප්තැම්බර් වෙනකම් මෙහි සංචාරයකයන් අධික වන බවත් මෙහි සංචාරය කිරිම සදහා shuttle bus යොදවා ඇති බවත් ය. ඉතිහාසය ගත් කල මෙකල පාලනය කල Victoria රැජිනගෙ සතර වන දියණිය වන Louise Caroline Victoria සිහිවිම සදහා මෙම විල නිර්මාණය කර තිබෙන බව සදහන් කර සිටියා ය.

මෙහි සියළු ස්ථාන වලට අපට යාමට අවසර නොමැත ඒ සදහා වෙනම අවසර ගත යුතු වේ. ඒ පිළිබඳව දැනුවත් කරන ඉල්ලා සිටියෙමු.

අනුරුද්ධ වැලිගමගේ පවසා සිටියේ මෙහි ඇති Lake Minnewanka බෝට්ටු මගින් හෝ එහි වටා ඇවිදිමට අවසර ඇති බවයි. එහි දෙපස ඇවිදිමෙ දී ඒ දෙපස ඇති කදු පරිසර දෙයාකාරයකින් දිස් වන බවය එයට හේතුව එක් කදු පන්තියක් හුලං මුවාව වන අතර අනෙක් කදු පංතිය හුලං මූනත වන හෙයිනි.

මෙහි ඉතිහාසය පිළිබඳව විමසා සිටිමේදී ඔහු පවසා සිටියේ මෙයට අඳුරු ඉතිහාසක් ඇති බවය.

එකල එහි සංචාරක පුංචි ගමක් Minnewanka Land නමින් තිබි ඇත මෙහි 1912 දී ජල විදුලි බලාගාරයක් ඉදි කර ඇත 1941 දෙවන ලෝකයුද්ධ කාලයේ දී මෙහි ලොකු වේල්ල ඉදි කර ඇත එහෙයින් මෙහි ජලය ඉහළ ගොස් එහි තිබු පුංචි සංචාරක ගම්මානය යට වී ඇත. අදටත් National Park හි අවසරය ලබා ගෙන මෙහි කිමි දී මෙම ගම්මානයෙ නටඹුන් දැක බලා ගත හැකිය.

අදට ගමනක මතක තුළින් මෙම සංවාදය නිමාවට පත් වන අතර නැවතත් මෙවැනි අලුත් වැඩසටහනකින් හමු වෙමු.

සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos