Rupane Episode 303 – July 09 2022

10 July 2022 386 Views

Rupane Episode 303 – July 09 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද අප රූපණ තුළින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ බර වාහන පිළිබඳ අධ්‍යාපනය ලබා ගත හැකි ස්ථානයක් පිළිබදවයි. ඒ සඳහා අද අප සමග සම්බන්ධ වන්නේ JAY’S PROFESSIONAL TRUCK TRAINING CENTER හි කළමනාකාර තුමිය වන චන්ද්‍රිකා ෆර්නෑන්ඩෝ මහත්මිය සමගය.
පළමුව අප ඇයගෙන්, බැංකු  නිලධාරිනියක් ලෙස ලංකාවේ සේවය කර ඇය මේ තනතුරට පැමිණියේ කෙසේ ද යන්න විමසා සිටියා ය.

ඇය පවසා සිටියේ ලංකාවේදී බැංකු ක්ෂෙත්‍රයේ රැකියාවක නිරත වුවද Canada වලට පැමිණි පසු මෙහි බැංකුවක සේවය කිරීම අපහසු වේ යැයි සිතු හෙයින් රැකියාවන් පිළිබඳ සෙවීමේ දී මෙම ආයතනයේ කළමනාකරණ සේවය කිරීමට ලැබුණ බවයි.

අප ඇයගෙන් විමසා සිටි ඊලග පැණය මෙම රැකියාව තුළ පැමිණි අභියෝග වලට කෙසේද මුහුණ දුන්නේ යන්නයි ඇය පවසා සිටියේ මෙම රැකියාව සදහා අවශ්‍ය ලියකියවිලි සකසා ගැනීමෙන් මෙම රැකියාව සඳහා කිසිදු බාධාවක් නො පැමිණි බවය.

ලංකාවේ බර වාහන රියදුරු පත්‍රය භාවිතා කරමින් canada වැනි දියුණු රටවල ද බරවාහන පැදවීමට හැකි ද යන්න අප විමසා සිටියා.
ඇය පවසා සිටියේය ලංකාවේ රියැදුරු පත්‍රය භාවිතා කරමින් කැනඩාවේ බර වාහන පැදවිය නොහැකි බවයි. ඇයගෙ සේවා ස්ථානය වැනි ස්ථානයකින් ඒ පිළිබඳව ඉගෙනගෙන විභාග වලට මුහුණ දී අවශ්‍ය ලියකියවිලි වලංගු ලෙස සකසා ගත යුතු බවයි.

ඒ සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා සපුරාගත යුතු දෑ පිළිබඳව අසා සිටීමේ දී ඇය පැවසුවේ, ලංකාවේ බර වාහන රියදුරු පත්‍රයක් තිබිය යුතු අතර එය අවුරුදු දෙකකට හො තුනකට වඩා පරණ විය යුතු අතර foreign ministry මගින් සහතික කළ යුතුය. ඉන්පසු මෙහෙ බර වාහන රියදුරු පත්‍රය ලබා ගත හැකි බව ය.

ලංකාවට වඩා කැනඩාවේ රියපැදවීම වෙනස්කම් ඇත. ඇයගෙන් විමසා සිටියේ ඇය ඒ සඳහා පුහුණු වූයේ කෙසේද යන්න ය.
ලංකාවට වඩා රථවාහන ධාවනය කිරීම මෙහිදී වෙනස් වුවත් හරියට අවබෝධ කර ගැනීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවේ සේනා ලංකාවට වඩා මෙහි  රෙගුලාසි දරුණු බවත් ඇය පවසා සිටියාය.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ලංකාවේ සිට පැමිණෙන අය මුහුණ දෙන අභියෝග මොනවාද යන්න විමසා සිටිමේ දී ඇය පවසා සිටියේ මෙහි වාහන පැදවීමේදී මූලිකව අවධානය යොමු කරන්නෙ පැති කණ්නාඩි සඳහාය ලංකාවේදී ඒ සඳහා අවධානයක් නොමැති අතර වාහනය ඇතුළේ ඇති කන්ණාඩිය සඳහා පමණක් අවධානය යොමු කරයි.

ලංකාවේ සිට පැමිණෙන කාන්තාවන් සඳහා බර වාහන බලපත්‍රය ලබාගැනීමට හැකියාවක් තිබේද
U.S.A වල පවා ඉහළ වැටුපක් ලබා ගන්නා රැකියාවක් ලෙස මෙය සඳහන් කළ හැක. මෙම රැකියාව සදහා කාන්තාවන්ට බලපත්‍රය ලබාගත හැක.

කැනඩාව යනු දෙවනියට විශාලතම රට වේ. තොග රැගෙන කැනඩාවේහි එක් කෙලවරක සිට අනෙක් කෙලවර ගොස් නැවත පැමිණීමේ දී නැවත තොග රැගෙන පැමිණේ ද  ඇසූ විට ඇය පවසා සිටියේ නැවත හිස්ව පැමිණීම අවාසි නිසා නැවත පැමිණීමෙදි ද තොග රැගෙන පැමිණේ.

කාන්තාවන් ද මෙලෙස දිගු දුරක් ධාවනය කිරීමේදී අත්වන අභියෝග වලට මුහුණ දෙන්නෙ කෙසේද, එසේ දිගු දුරක් ධාවනය කිරීමේදී ඔවුන්ට කිසිම ගැටලුවක් ඇති නොවේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් එම රථයෙහි ම පවතින නිසා. නැතිනම් හොටෙල් හෝ එම පහසුකම් ලබාගත හැකි ස්ථානයක නැවතීමෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ගත හැකි ය.

කාන්තාවන් තොග රැගෙන යාමේදී  ඔවුන්ට ලැබෙන සහාය කෙසේද
තොග රැගෙන යාමේදී එහි දී බඩු බෑමට සහ පැටවීමට එම ස්ථානයේම සහයට පුද්ගලයන් සිටින අතර කාන්තාවන්ට අපහසුවක් නැත.

ලංකාවේ දී රිය සහයකයන් සිටින හෙයින් මෙ හී ද සහයකයන් සිටිද
සහයකයන් සිටින නමුත් රථය තුළ ම අවශ්‍ය පහසුකම් තිබෙන හෙයින් රිය සහායකයන් අවශ්‍ය නොවේ නමුත් දිගු දුර ධාවනය කිරීමේ දී රිය සහයකයන් සිටී.

මෙම වැඩසටහන නරඹන කැනඩාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අප ශ්‍රී ලාංකිකයන්ට ද මේම බර වාහන රියදුරු පත්‍රය ලබා ගත හැකිද යන්න විමසීමෙ දී ඇය පවසා සිටියේ ඕනම පුද්ගලයෙකුට අවශ්‍ය සුදුසුකම් සපුරා ලීමෙන් අප ආයතනය හරහා මෙම බර වාහන රියදුරු පත්‍රය ලබා ගත හැකි බවයි.

ඉන් පසුව අප ඇය සමඟ බර වාහනයක සංචාරයක යෙදෙමින් බර වාහනය පිළිබඳ විස්තර විමසමින් අපගේ අද වැඩ සටහන නිමාවට පත් කළහ.
සුභ දවසක්!

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos