කැනඩාවෙ නොට්‍ටු සහ කාසි ගැන ඔබ නොදත් තොරතුරු

2 July 2022 403 Views

Rupane Episode 302 – July 02 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

මුදල් නෝට්ටු අතර රූප වලට අමතරව රටා කොපමණ තිබේද…
එකතු වන්න අප සමග අද රූපණ තුලින් ගෙන එන්න බලාපොරොත්තු වන්නෙ කැනඩාවේ භාවිතා වන මුදල් නෝට්ටු හා කාසි පිලිබදව ය.අද අප සමග මේ පිලිබදව තොරතුරු ඉදිරිපත් කිරිමට එකතු වන්නෙ ලංකාවෙ විවිධ  වාණිජ බැංකු වල සේවය කල මේ වන විට කැනඩාවේ වාණිජ බැංකුවක සේවය කරමින් තම දැනුම යාවත්කාලීන කරගන්නා අපත් සමග බොහො වැඩසටහන් වලට සහභාගී වූ නමින් ඔහු කල්ප සමරතුංග ය.
මුලින්ම ඔහුගෙන් විමසා සිටියෙ මෙහි ඇති කාසි හා නෝට්ටු වල ඇති රටාවන් පිලිබදව ය.
ඔහු පවසා සිටියේ  මෙම කාසි හා නොට්ටු මුද්‍රණය කිරිමට යොදාගෙන ඇත්තේ කැනඩාවට ආවේනික වූ සත්ත්වයන්ගෙන් හා විශේෂිත සේවයක් කරන්නා වූ පුද්ගලයන් යොදා ගනිමින් බවය.

ඉන් පසූ අප කැනඩාවේ කාසි පිලිබදව  පොඩිත්තන් වෙනුවෙන්  සකස් කරන ලද ගායනායකට සවන් දීමට යොමු විය.

නැවතත් අප ඔහු හා සම්බන්ධ වෙමින් විමසා සිටියෙ කාසි අතර පවතින රටා හා විශේෂත්වය පිළිබඳව ය.
ඔහු පවසා සිටියේ 2013 සිට සතේ කාසිය සහා සත පනහේ කාසිය භාවිතයෙන් ඉවත් කර ඇති බවයි. සතේ කාසියේ පෙනුම මහ රැජිනගෙ රූපය සහා නිකල් ආලේපණය සහිතය. සත පහේ කාසිය බීවර් කෙනෙකුගෙ රුපයක් සහා මහා රැජිනගේ රූපය දක්නට ලැබේ. සත දහයේ කාසියේ කැනඩාවට විශේෂිත වූ නැවක් රුපයක් ඇත. සත විසිපහේ කාසියේ මහා රැජිනගේ රූපය සහ ගෝනෙකුගේ රූපයක් ඇත. සත පනහෙ කාසියේ මහා රැජිනගේ රූපයකි ද ඩෝලර් 1හි පාත්තයෙකුගෙ රූපයක් දක්නට ද ඇත.ඩොලර් දෙකෙ කාසියහි මහා රැජිනගේ රූපය සහා හිම වලසාගෙ රූපය ඇත එහි සමහර කාසින ආරක්ෂික හෙතුන් මත වෙනස් කර ඇත.

ඉන්පසු අප විමසා සිටියේ කැනඩාවේ නෝට්ටු පිළිබඳවය.
ඔහු ඒ පිළිබඳව පවසා සිටි තොරතුරු මෙසේය 5$ නෝට්ටුව ගතහොත් එහි අපට දිස් වන්නේ wilfrid laurier නමැති ප්‍රංශ ජාති කැනඩාවේ හත්වෙනි අගමැති, පළවෙනි ප්‍රංශ අගමැති වන එතුමන්ගෙ රූපය යි. 10$ ගතහොත් එහි පලවෙනි අගමැති වන John N Macdonald තුමා ගෙ රූපය දිස්වේ. 20$ නෝට්ටුවේ අපට දිස් වන්නේ මහරැජනගේ රූපයයි. 50$ නෝට්ටුවේ Welliam lion mackenzie ken තුමාගේ රූපය දැක ගත හැකිය. 100$  නෝට්ටුවේ සර් robert නම් අටවෙනි අගමැතිතුමාගේ රූපය දැක ගත හැක. මෙසේ විශේෂිත වූ පුද්ගලයන්ගේ රූප කැනේඩියානු නෝට්ටු වල දක්නට ලැබේ.

අප ඔහුගෙන් විමසා සිටියේ ඔහු බැංකු කරුවෙක් විදියට සාමාන්‍ය භාවිතයේ පවතින නෝට්ටුවක් සහ ව්‍යාජ නෝට්ටුවක් අලුත් තාක්ෂණය ඔස්සේ හඳුනා ගැනීමට යොදා ඇති ආරක්ෂක උපක්‍රම පිළිබඳවය.
මෙම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා ලොකු පිරිවැයක් වැය වන නිසා එ සඳහා වන පෙළඹවීම අඩු බවත් දිය සලකුණ නිර්මාණය සදහා යොදාගෙන ඇති සංයුතීන් නිසා ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරිමට ඇති හැකියාව දුර්වල බවත් ඔහූ පවසා සිටියා ය.

මේ සියලු තොරතුරු සාකච්ඡා කිරිම අවසානයේ කැනඩාවේ ඇති සිහිවටන කාසී තුලින් දිස් වන්නෙ ආයෝජන වටිනාකමක් ද නැතහොත කලාත්මක් ද  වටිනාකමක් ද යන්න අපට මතු වූ ගැටලුවක් විය එම නිසා අප ඔහුගෙන් මේ පිළිබඳව විමසා සිටියා.
මෙම කාසි නිර්මාණය කිරිමට යොදා ගන්නා අමූද්‍රවයන් සහ ඒම කාසි පරණ වීමත් සමග එහි ඇති ලෝහමය සංස්කෘතිමය මුදල්මය වටිනාකම අතින් ඉහල අගයක් ගන්නා බවයි.
එසේ නම් අප දැන් යොමු වන්නෙ මෙම වැඩසටහනේ අවසානය සදහා ය. මෙමගින් කැනඩාවේ කාසි හා නෝට්ටු පිළිබඳව හොද දැනුමක් ලබා ගන්නට ඇතැයි අප සිතමූ. එසේ නම් තවත් මෙවැනි වටිනා වැඩසටහනක් මගින් නැවත හමු වෙමූ.
සුබ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos