රුපණ ලොකේ වටේ.. චීනයේ සවාරියක්…

25 June 2022 367 Views

Rupane Episode 301 – June 25 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

මෙවර අප රූපණ සමගින් චීනය වටා සංචාරය කිරිම සඳහායි සූදානම් වන්නේ. ඉතින් ඒ සඳහා අද රූපණ මැදිරියට ආරාධනා ලබන්නේ විජිත් විතාන මහතා ය. ඔහුත් සමග අප අද සංචාරය කිරිමට සුදානම් වන්නෙ මුලින්ම චීනයේ බීජින් නගරය වටාය. බීජින් නගරය යනු සංස්කෘතිය අතින් විශාල වැදගත්කමක් ඇති ජනගහනය වැඩි ඉතා පැරණි නගරයකි. මෙහි ඇති විශේෂිතම වැදගත්ක වන්නේ චීන මහා ප්‍රාකාරයයි. චීන මහා ප්‍රාකාරයයි යනු ලොව විශාලතම තාප්පයයි. මුර ගෙවල් 23ක් සහිත වසර දෙදහස් ගණනකට වඩා පැරණි ප්‍රාකාරයක් වන මෙය තුස‍ෑම අඩි දෙදහස් පන්සියයකට ම මුර ගෙවල් ඇත. එහෙත් මෙහිදි නරඹන්නට ලැබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් බව ඔහු අප සමග පවසා සිටියේය.

තව දුරටත් අප මෙහි ඇති Tiananmen Square පිළිබඳව ඇති ඓතිහාසික සිදුවීම විජිත් මහතාගෙන් විමසා සිටියෙමු.

එහිදී ඔහු පැවසුවේ Tiananmen Square ගොඩක් ප්‍රසිද්ධ වුයේ 1989 දී පමණ ය. අධිරාජ්‍යයාට විරුද්ධව සිසුන් පිරිසක් පැමිණ ඇති කළ ප්‍රශ්ණය හේතුවෙන් තුන්සියයක් පමණ දෙනා මිය ගොස් ඇත. පන්දාහක පමණ ප්‍රමාණයක් තුවාල ලැබීය. චීනය ලෝකය ඉදිරියේ අප්‍රසාදයට ලක්  වීමට මෙය විශාල හේතුවක් විය. තවද මෙයට පිටුපසින් පවතින්නේ ලෝකෙ ලොකුම අධිරාජ්‍ය මාළිගාවකි. බොහෝ කාලයක් තිස්සෙ අධිරාජ්‍යවරු හතරදෙනෙකු ජීවත් වූ මෙම මාලිගාව කාමර නවදහස් නවසිය අනූ නමයක් ඇත.එම මාලිගාව අන් ඒවාට වඩා උසින් පිහිටා ඇත එහි වහල කහ වර්ණයෙන් වර්ණවත් කර ඇත. කහ පාටින් වර්ණවත් කිරිමට වෙනත් කිසිම පුද්ගලයකුට භාවිතා කර නොහැක ප්‍රභූ වරුන්ට පමණක් වේ යනුවෙන් ඔහු පැවසුවා.

දැන් අප විමසා බලමු Porbilin city ගැන සහ එම නමින් හැදින්වීමට හේතුව කුමක් ද යන්න.

ඔහූ පවසන්නෙ මෙම ස්ථානය රජුට සහ ඔහුගේ හිතවතුන්ට පමණක් සීමා වු සියලු සැප සම්පත් වලින් සමන්විත අධි සුඛෝපභෝගී නගරයකි. සැම පුද්ගලයකුටම ඇතුලත් වීමට නොහැකි වූ නිසා මෙම නමින් හදුන්වන්නට ඇති බවයි ඔහු පවසන්නේ. කෙසේ හෝ අවසානයේදී රජු එලවා දමා අසල්වාසී ධනවතුන් එම නගරය අත්පත් කර ගත් බව ඉතිහාසයේ සදහන් වෙනවා.

දැන් අප විමසා බලමූ Summer Palace යනුවෙන් හදුන්වන්නෙ කුමක්ද යන්න හා ඒ පිලිබද විස්තර.
මෙහි 1/4 ක් පමණ ඇත්තේ ජලයයි.සෞම්‍ය සෘතුවල දී අධිරාජ්‍යවරයා ඇතුලු භාර්යාවන් සිටින්නෙ මෙහි ය. මෙය දෙවතාවක් විනාශ වීමට ලක් වී ඇත. පසුව එකල සිටි රජුගේ එක් භාර්යාවක් විසින් නැවත ප්‍රති සංස්කරණය කර ඇත.මෙහි විශේෂත්වයක් ලෙස ආරුක්කු 17 කින් සමන්විත පාලමක් සහ බෝට්ටුවක ආකාරයෙන් සෑදූ විශේෂිත නිර්මාණ වලින් සමන්විත ගොඩනැගිල්ලක් ද ඇත.

අප දැන් ෂියැන් නගරය පිළිබඳව  තතු විමසා බලමු.
ඔහූ පවසා සිටියේ මෙය ඉතා පැරණි ලොකු කොටුවක් බවයි. විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙහි මාණ්ඩලික හමුදාව පිළිබඳවයි. අධිරාජ්‍යයාගේ වැඩ කටයුතු සඳහා මිනිසුන් භාවිතා කර ඇත්තේ අකාරුණික ලෙස බව මෙහි  අධ්‍යයනය කිරිමෙන් වැටහේ.මෙම රජවරු මරණින් පසුද  ජීවමාන ලෙස සැප විදිමට බලාපොරොත්තුව මැටියෙන් තනන ලද සොල්දාදුවන් ඔවුන්ගෙ සොහොන වටා නිමවා ඇත. ලිං හාරමින් සිටි ගොවියකුට මෙ ප්‍රතිමාවක කොටස් හමු වීමෙන් මෙම ස්ථානය සොයාගෙන ඇත. නමුත් සමහර පිළිම ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇත එසේ වන්නේ එකල එහි රසදිය වලින් ගංග‌ා පොකුණු දිය ඇලි නිර්මාණය කර තිබී ඇති අතර එම රසදිය තවමත් පසෙහි මිශ්‍රව පවතින හෙයින් පිලිම ගොඩ ගැනීමේදී පරිසර උෂ්ණත්වයේ දී දියවීම හේතුවෙනි.

මෙම තවත් විශේෂයක් වන්නෙ Xi’an Muslim Quarter යි. මෙය ඉතා විශාල ප්‍රදේශයකින් සමන්විත වේ.මෙය නිර්මාණය වීමට හේතු වන්න ඇත්තේ සේද මාවතයි. යුරෝපයට අවශ්‍ය සේද සිලික් රත්තරන් බඩු සත්තු ගෙන යන ලද පාරයි. එය භාවිතා කිරීමෙන් අරාබි වැසියන් මෙහි පැමිණිමෙන් මෙම Muslim quarter නිර්මාණය වන්නට ඇතැයි ඔහු පවසා සිටිනවා. ඔවුන් විශාල වශයෙන් මෙහි ජීවත් වන අතර මෙහි street food ඉතා ජනප්‍රිය අංගයකි .

ඉතිං දැන් අප යොමු වන්නේ මෙම සංවාදයෙන් අවසානය සඳහාය. අන්තර්ජාලය හරහා උපුටා ගන්නා ලද street food රූප පෙළක් මගින් අප මෙහි අවසානය සනිටුහන් කිරිම සඳහා සූදානම් වන්නේ එසේ නම් නැවතත් මෙවැනි අලුත් සංචාරයක් සමගින් සමඟින් නැවත හමුවෙමු.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos