Rupane Episode 300 – June 18 2022

18 June 2022 432 Views

කැනඩාවෙ තණතිල්ලේ පිත්තෙන් පන්දුවෙන්
රග්බි බොලයෙන් දස්කම් පාන අපේ කොල්ලො..
Rupane Episode 300 – June 18 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

ක්‍රීඩාව ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයකි. එසේම අප විවිධ වූ බලාපොරොත්තු සහිතව ක්‍රීඩාවේ නිරත වීමට පෙළඹේ. එසේනම් බලමූ අද අප රූපණ සමග සංවාදයට ආරාධනා ලබන්නෙ කවුරුන්ද කියලා. අද රූපණ අප සමග එකතුවන්නෙ West Enders Cricket Club සමාජයෙ කළමනාකාරතුමා වන අසංක අතපත්තු, West Enders – නායක ලක්‍ෂාන් ලියනගේ සහා Toronto Leopards – නායක අමින්ද අරුමප්පෙරුම, දර්ශ වාද්දුවගේ යන සහෝදරවරුන්‍ ය. අප ඔවුන් සමග අද සංවාදයෙ යෙදෙන්න බලාපොරොත්තු වන්නෙ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාව පිළිබඳවය.

එසෙනම් අප විමසා බලමූ ක්‍රිකට් සමාජයේ කළමනාකාරතුමා වන අසංකගෙන් ටොරොන්ටොව තුල ලාංකිකයං පිරිසක් සමග ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරිමට කටයුතු කරේ කෙසේද යන්න.

ඔහූ පවසා සිටියේ කැනඩාවට පිවිසි අවදියේ සිටම ඔහූ ක්‍රිකට් ක්‍රිඩාවත් සමගම සිටි බවයි. ඔවුන් ක්‍රිකට් කණ්ඩායම ආරම්භ කිරිමටත් පෙර තවත් ලාංකික පැරණි කණ්ඩායම් ද පැවත ඇි බවත් වර්තමානය වන විට මෙහි තරුණයන් ක්‍රිකට් අතහැර ඇති බවක් දක්නට ලැබෙන  බවත්ය.එසේ ලාංකික තරුණයන් ක්‍රිකට් අතහැර තිබූ අවදියක කණ්ඩායමක් නිර්මාණය කිරිම සදහා මූලිකත්වය ගෙන තිබුනෙ චන්න පෙරේරා නමැති තවත් ලාංකික සහෝදරයෙකු බවයි. මෙසේ ඔවුන්ගෙ ක්‍රිකට් සමාජය ආරම්භ වූ බවයි ඔහූ පවසා සිටියේ.

මෙම ක්‍රිකට් කණ්ඩායමෙ නායකයා වන්නෙ ලක්ෂාන් සහෝදරයාය. අප ඔහුගෙන් විමසා සිටියේ මේ සිටින බොහො දෙනෙක් රැකියා වල නියුතු සමාජිකයන් නිසා ඔවුන්ගෙ රැකියාත් සමග මෙම කටයුතු කරගෙන යන්නෙ කෙසේද යන්නයි.
ඔහූ පවසා සිටියේ කළමනාකරිත්වයෙන් හොද සහායෝගයක් ලැබෙන නිසා බධාවකින් තොරව පුහුණු වීම් කටයුතු කරගෙන යා හැකි බවයි. සමාජිකයන් සමග එකතු වෙන කර ගන්න දිනයන් වේලාවන් තුල නිසි ලෙස පුහුණු වීම් කල හැකි බවත් ය.

ක්‍රිඩාව පුලුල්ව විහිදි ගොස් විවිධ ක්‍රිඩා අංශ වලට බෙදි ගොස් ඇත. එසේ ප්‍රචලිත තවත් ක්‍රිඩාවක් වන රගර් ක්‍රිඩාව ගැනද අද දවසේ අප සංවාදයේ යෙදෙනවා. ඒ සදහා අප සමග එහි නායකතුමා වන අමින්ද සහෝදරයා‌ගෙන් අප විමසා සිටියෙ මෙම Rugby Club හි ඉතිහාසය පිලිබදවය.

ඔහු පවසා සිටියෙ මෙම කණ්ඩායම ආරම්භය වුයෙ 2019 වසරෙදී බවයි. ලංකාවෙ කණ්ඩායමක් කැනඩාවේ නොමැති වූ නිසා ලසංග සහෝදරයාගේ මුලිකත්වයෙන් කණ්ඩායමක් නිර්මාණය කර දැනට අවුරුදු 3ක් තිස්සෙ පවත්වාගෙන යන බව ය.තවද සත්කාරත්වය දරන්නන්ගෙන් මනා සහයෝගයක් ඔවුන්ගෙ කටයුතු සදහා ලැබෙන බවත්‍ පැවසීය.

රග්බි කණ්ඩායමේ තවත් සමාජිකයකු වන දර්ශන ගෙන් ද අප විමසුවා ඔහූ මේ හා සම්බන්ධ වූ ආකාරය පිළිබඳවය.
ඔහූ පැවසුවා ඔහු ඉගෙනීම් කටයුතු කරන අතරතුර විවිධ රග්බි තරග සදහා සහභාගී විමෙන් අනතුරුව රග්බි කණ්ඩායම පිළිබඳව කැනඩාව තුල සොයා බැලිමේදී මෙම කණ්ඩායමහි පදනම වූ ලසංග සහෝදරයාගෙන් මෙම කණ්ඩාය පිළිබඳව දැනගත් බව ය.

අසංක සහෝදරයාගෙන් පාසල් වියෙ ක්‍රිකට් ගැන තිබූ අවධානය පිලිබද මතකාවර්ජනය පිලිබද විමසු විට ඔහු පවසා සිටියෙ ඒ කාලයේ ක්‍රිකට් පිළිබඳ එතරම් සහභාගිත්වයක් නොතිබූ බවයි. නමුත් ඔහු තුල ක්‍රිඩාවක් ප්‍රගුණ කිරිමේ අදහසක් තිබු බවත් එසේ සිටින කාලයේදී හමූ වූ ගුරුවරියක් මාර්ගයෙන් ක්‍රිකට් සදහා නැඹුරු වූ බවත් ඒ හරහා මෙතරම් දුරක් පැමිණී බවත් ය.

සීත කාලය තුල පුහුණු වීම කටයුතු කරගෙන යන්නෙ කෙසේද යන්න අප ලක්ෂාන් සහෝදරයාගෙන් වීමසිමේදි ඔහූ පවසා සිටියෙ සතියකට එක් වතාවක් ගෘහස්ත ක්‍රිඩාංගනය තුල පුහුණු වීම් කරගෙන යන බවයි. දේශගුණය හේතුවෙන් නිරතුරුවම කැනඩාව තුල පුහුණුවිම් කල නොහැකි බවත් ය.

අමින්ද ගෙන් විමසිමෙදි සීත කාලය තුල කෙසේද පුහුණුවිම් කටයුතු පිළිබඳව ඔහු පවසා සිටියේද ගෘහස්තව පුහුණුවිම් කරන බවය.එසේම ඔවුන් ගෘහස්තව හා එළිමහන් දෙයාකාරයෙන්ම තරග වලට සහභාගී වන බවයි.

දර්ශනගෙන් ගෘහස්ත හා එළිමහන් පුහුණුවිම් කටයුතු කෙසේද යන්න විමසීමෙදී ඔහූ පවසා සිටියේ එළිමහන් තරග වලට වඩා ගෘහස්ත තරග තරමක් අමාරු බවය.

ඉන්පසු අප විමසා සිටියේ ඔවුන්ගෙ තරග ජයග්‍රහණ, තරග කිරිමට ලැබෙන අනෙකුත් කණ්ඩායම් වල තත්ත්වය පිලිබද තොරතුරුය.

අප සංවාදය අවසානෙයේ ඔවුන් මතක් කර සිටියා ඔවුන්ගෙ කටයුතු සදහා නිරන්තරයෙන උපකාර කරන සියලූ දෙනා පිළිබඳව ය. ඔවුන් හට ස්තුතිය පුද කරමින් එම සංවාදය නිමා විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos