Rupane Episode 228 – January 23 2021

23 January 2021 15122 Views

Rupane Episode 228 – January 23 2021
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada”

නොදන්නකමට – සේන මුනසිංහ සහ නිහාල් ප්‍රේමලාල් සමග

ලෝකෙ මේ වන විට පවතින කොරෝනා වසංගතයේ හමුවේ වෙනස් වූ ජන ජීවිත සමඟ ශ්‍රී ලංකා ලංකාවේ නව රජයක් පාලනයට පත් වී වසරකට වැඩි කාලයක් ගතවීම සමග එහි වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවට ගැනුණා.

ශ්‍රී ලංකාවේ පැවති තත්වය හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සාකච්ඡාවට එක් වූ සේන මුණසිංහ මහතා සඳහන් කළේ නව ආණ්ඩුව බලයට පත්වන පත් වන විට පැවති ආර්ථිකමය කඩාවැටීම, රාජ්‍ය ආරක්ෂාව තර්ජනයට ලක්වීම මෙන්ම, විදේශ බලපෑම් එල්ල වීම වැනි අන්තරාකාරී තත්වයන්ගෙන් රට නිදහස් කර ජනතාව තුළ පැවති අපේක්ෂා භංගත්වය නැති කරමින් නව අපේක්ෂාවන් සමග නැවත නැගී සිටීමට රටක් ලෙස හැකියාව මේ වන විට ලැබී ඇති බවයි.රාජ්‍ය යාන්ත්‍රණය නැවත සක්‍රීය කිරීමටත්, බටහිර ගැතිව සොල්දාදුවන් වෙත එල්ල වූ චෝදනා වලින් ඔවුන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුරක්ෂිතභාවය ඇති කිරීමටත් වර්තමාන රජයට හැකියාව ලැබුණු බවත් රජය බලයට පත් වී ඉතා කෙටි කාලයක් තුළ තිබූ පිබිදීමත් සමඟ පැමිණි පළමු කොරෝනා රැල්ලට සාර්ථක ලෙස මුහුණ දී ජය ගැනීමට හැකි වූ බවත් ඔහු කියා සිටියා. අගෝස්තු මාස පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය ඇතුළු රජය සම්පූර්ණ වූ අතරම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී  එක් එක් විශය වෙන්වෙන් ඒ සදහා විශේෂිත අය පත් කිරීම තුළින් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බව සඳහන් කළා.

රජය තුළින් ආනයනය සීමා කිරීමත් සමග නව කර්මාන්ත ඇරඹීමත් තිබූ කර්මාන්ත දියුණු කිරීම මෙන්ම විදේශ ආයෝජන සඳහා ද රට තුළ ස්ථාවර අවස්ථා ඇති වූ බවත් සඳහන් කළ ඔහු තවදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව වැරදි තීරණ ගත් අවස්ථාවල ඒවා නැවත නිවැරදි කරමින් රට තිබූ තැන සිට සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම්‍යශීලීව කටයුතු කළ බවයි.

ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධ අදහස් දක්වමින් නිහාල් ප්‍රේමලාල් මහතා සඳහන් කළේ රටක ආර්ථික යහපත් තැනක පවතී නම් එම රටේ භාණ්ඩවල මිල ගණන් පාලනයක පැවතිය යුතු බවයි .නමුත් අද වන විට සියළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තිබූ මිල ගණන් වලට වඩා අතිශයින් වැඩි වී ඇති බවයි. රජය බලයට පත්වීමෙන් පසු හාල් මිල පහළ දැමීම සඳහා දත්ත පද්ධතියක් හරහා කටයුතු කරන බව පැවසුව ද අද වන විට හාල් මිල ඉතාමත් ඉහල මට්ටමක පවතින අතර වංචා දූෂණය නැවැත්වීමට ප්‍රතිඥා දුන්නද හාල්  මාෆියාව අද වන විටත් සිදු වන බවත් එය නැවත්වීමටවත් රජය අපෝත්ව ඇති බව සඳහන් කලා. වනාන්තර විනාශයට කටයුතු කරන බව සඳහන් කර බලයට පැමිණි ආණ්ඩුව අද වන විට වනාන්තර විනාශ කරමින් තම මිතුරන්ට වනාන්තර කොටස් කර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද සදහන් කළා. රටේ නීතිය සැමට සාධාරණ නොවන බව ද ආණ්වේ හිතවතුන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවන නීතියක් වර්තමානයේ පවතින බවද ඔහු සඳහන් කළා. අද වන විට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ජයග්‍රහණය  කළද රටේ සාමාන්‍ය ජනතාව අද වන විට පරාජ පත්වී ඇති බව ඔහු කියා සිටියා .බැඳුම්කර වංචාව ඇතුළු වංචාවන්ට සම්බන්ධ පිරිස් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් පවතින රජය තම හිතවතුන්ට පක්ෂග්‍රහී වී ඇති බව තවදුරටත් පෙන්වා දුන්නා .

රටේ කොරෝනා මර්දනය සම්බන්ධ අදහස් දක්වමින් නිහාල් ප්‍රේමලාල් මහතා සඳහන් කළේ මැතිවරණයට පෙර රට වසා තබමින් කොරෝනා මර්ධනයට සාර්ථකව කටයුතු කළ ද ඉන්පසුව කොරෝනා මර්ධනයට නිසි ලෙස කටයුතු නොකළ බව ඔහු සඳහන් කළා.රට ආරක්ෂා කිරීමට තිබූ පහසු ක්‍රමය රට තුළට කොරෝනා ඇතුළු වීමට ඇති එකම මාර්ගය වන කටුනායක ගුවන්තොටුපල පාලනය ඇතුළු වන ඕනෑම කෙනෙක් දින 14ක නිරෝධාන කාල කාල සීමාවකට යටත් වූ පසු රට තුළට පැමිණීමට අවසර ලබා දීමට කටයුතු සිදු සිදුකලේ නම් කොරෝනා රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට තිබූ බව ඔහු  තවදුරටත් සඳහන් කළා. ආණ්ඩුව කොරෝනා රෝගය තම හිතවතුන්ට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කර දී ඇති බව ප්‍රේමලාල් මහතා තවදුරටත් තවදුරටත් කියා සිටියා .

සේන කුලසිංහ මහතා කොරෝනා මර්ධනය සම්බන්ධව අදහස් දක්වමින් සඳහන් කළේ පළමු රැල්ල පාලනයට ජනතාව මාධ්‍ය මෙන්ම සෑම කෙනාම එකාවන්ව පෙළ ගැසුණු බැවින් එය ඉතා සාර්ථකව කිරීමට හැකි වුව ද දෙවන රැල්ල පළමු රැල්ලට වඩා ප්‍රභල වීම, පාලනය අපහසු වීමට ප්‍රධානතම කාරණයක් වූ අතරම රට මුළුමනින්ම වසා දැමීමත් රටේ පවතින  ආර්ථික අවපතය හේතුවෙන් ගැටළු සහගත බවත් එවැනි තීරණයක් ගැනීමට කටයුතු කළේ නම් රටේ සාමය සම්බන්ධව ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත් ඔහු සඳහන් කළා.

තම හිතවතුන්ට වාසි සහගත වන ලෙස කටයුතු කිරීම වැනි චෝදනා ඕනෑම බලයක් දරන ආණ්ඩුවකට එල්ලවන බව ඔහු මෙහිදී පිළිතුරු දෙමින් කියා සිටියා. නමුත් ලෝකෙ ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කර බැලීමේදී කොරෝනා මර්දනය අතින් ලංකාවේ 140 වන ස්ථානය සිටින බවත් කැනඩාව වැනි දියුණු රටක් කොරෝනා මර්දනය 80වන ස්ථානය රැඳී සිටියදී මෙහි ඉතා සැලකිය යුතු තත්ත්වයක් බවත් මුණසිංහ මහතා ප්‍රකාශ කළා

ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ගැන අදහස් දක්වමින් සේන මුණසිංහ මහතා තවදුරටත් සඳහන් කළේ පසුගිය රජය ගෙනගිය අදුරදර්ශී විදේශ ප්‍රතිපත්ති වල ප්‍රථිපලයක් ලෙස රටවල් සමග තිබූ මිත්‍රප්‍රතිපත්ති හානි වීම හා චීනය වැනි රටවල් හමුවේ අවාසි සහගත තත්වයන් ඇතිකර ගැනීමට කටයුතු කිරීමෙන් ගැටලු රැසක් ඇති කරගෙන තිබූ බවත් ඒ හේතුව නිසාවෙන යහපාලන රජය රට දැඩි අර්බුදයකට කර තිබූ බවත් ,යුධ අපරාධ සම්බන්ධ චෝදනා බාර ගැනීම හේතුවෙන් ලංකාව තුළ ගැටලු රැසක් ඇතිවී තිබූ බවත් ඔහු සඳහන් කළා. නමුත් නව රජය පත්වීමෙන් පසු ජිනීවා වල පැවති යුධ අපරාධ චෝදනා වලින් නිදහස ලැබීමටත් චීනය ඉන්දියාව වැනි රටවල් සමග නැවත යහපත් සබඳතා හරහා ප්‍රතිපත්තිමය තීරණවලට පැමිණීමට හැකියාව ලැබුණු බවත් සඳහන් කළා.මේ වන විට රට තුළ විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන හා ස්ථාවරත්වයකට පත් කිරීමට රජය කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළා.

නිසි විදේශ ප්‍රතිපත්තියක් තුළ සිදුවිය යුතු ආයෝජන ගලා ඒම හෝ නව සංවර්ධනයක් මේ රජය තුළ ක්‍රියාත්මක විදේශ ප්‍රතිපත්තිය තුළ නොමැති බවත් රට තුළ වූ සම්පත් විකිණීම පමණක් සිදුවන බවත් නිහාල් ප්‍රේමලාල් මහතා ඒ සම්බන්ධව අදහස් දක්වමින් සඳහන් කළා. වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ චීනය ඉන්දියාව හා ඇමෙරිකාව යන රටවල් සමග පමණක් බව ඔහු තවදුරටත් සඳහන් කළා.මෙලෙස රට තුළ වූ සම්පත් විදේශයට විකිණීමට ප්‍රධානතම හේතු ලෙස ඔහු පෙන්වාදෙන්නේ රට තුළ වූ ණය බරයි. 2020 මහ බැංකු වාර්තාවට අනුව ලංකාවේ ඒ වන විට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 15.6 ක් වන අතර 2020 ණය වාරික හා පොලී ලෙස රුපියල් බිලියන 1854 ගෙවීමට සිදුවී තිබුණද 2020 ගණන් බැලීම් අනුව ලංකාවේ ආදායම රුපියල් බිලියන 1550 බවයි.ණය ගෙවීමට පමණක් රුපියල් බිලියන 350ක පමණ හිඟයක් පවතින අතර එම හිඟය හා රටේ අනිකුත් වියදම් සඳහා නැවත ණය ගැනීමට සිදුවන තත්ත්වයක් මේ වන විට ඇති බවද ඔහු සඳහන් කළා. රජය වර්තමානය වන විට කොටස් කිහිපයකට බෙදී කටයුතු කිරීම තුළ තවදුරටත් මෙම ණය බරින් නිදහස් වීමට කටයුතු කරන පසුබිමක් නොපෙනෙන බව ඔහුගේ මතයයි. රටේ සම්පත් බදු දීම හෝ කොටස් පැවරීම තුළද ඇත්තේ විකිණීමක් බව සඳහන් කළ එතුමා තවදුරටත් කියා සිටියේ අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව හා චීනය ණය ඉල්ලීම් සිදු කර ඇති අතර එම රටවල් එම ණය ලබා දීමේ කොන්දේසි ලෙස වරාය හා වරාය නගර කොටස් ලබාදෙන මේස් ඉල්ලීම් කර ඇති බව යි.

රාජ්‍ය සම්පත් විකිණීම හා යම් ව්‍යවසායකත්වයට ලබාදීම යන දෙක අතර වෙනසක් පවතින බව සඳහන් කරමින් සේන මුණසිංහ මහතා කියා සිටියේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය බර අඩු කරමින් රට යම් ස්ථාවරයකට ගෙන ආ අතර ඒ සමඟම යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කරගෙන ගිය අක්‍රමවත් පාලනය හේතුවෙන් හම්බන්තොට වරාය ඉන්දියාවට දීමට සිදු වූ බවයි.එම කාලසීමාවේදී විදේශ සබදතා මුළුමනින්ම බිඳ වැටුණු බව ඔහු සඳහන් කළා.

මෙහිදී නිවැරදි ලෙස උපරිම වාසි ලැබෙන පරිදි ගිවිසුම් ගත වී විදේශයන් සමග ව්‍යවසායකත්වයට අවස්ථා ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කළා.ලංකාව තුළ පවතින ණය අර්බුදයෙන් නිදහස්වීමේ හොඳම ක්‍රමය තුලනාත්මකව විදේශයන් සමග ගිවිසුම් ගත වී ව්‍යවසායත්වයට අවස්ථා ලබා දීම ලබාදීම බව ඔහු තවදුරටත් පැහැදිලි කළා. වත්මන් රජය යම්තාක් දුරකට එම ක්‍රියාවලිය සිදු කරගෙන යන බවත් ඔහුගේ මතයයි.

විදෙස් රටවල් සමග ගිවිසුම් ගත නොවී ලංකාවේ පවතින සම්පත් ලංකාව තුළ ම කළමනාකරණය කරමින් ලාභ ලබා ගැනීමට හැකි බව සඳහන් කරන නිහල් ප්‍රේමලාල් මහතා තව දුරටත් කියා සිටියේ අප රටේ සම්පතක් වන වරාය ,එහි ඉංජිනේරුවන් සඳහන් කරන පරිදි ඉතිරිව ඇති සංවර්ධන කටයුතු වලින් කොටසක් සිදු කර ඉන් ලැබෙන ආදායමෙන් ඉතුරු කොට සම්පූර්ණ කළ හැකි බවයි.එසේ නොමැති නම් ඒ වෙනුවෙන් තවත් ණයක් ලබා ගැනීම හෝ දේශීය ව්‍යාපාරිකයින් සමඟ සම්බන්ධවී මෙම සම්පත් සංවර්ධනය කර එයින් ආදායම් මාර්ග ඇති කරගත හැකි බවයි. නමුත් ආණ්ඩුව මේ වන විටත් ටෙන්ඩර් කැඳවීමකින්වත් තොරව අදාළ සමාගමේ තොරතුරු සහිතව කැබිනට් පත්‍රිකා නිකුත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරයි.මේ නිවැරදි ක්‍රියාවලියක් නොවන බව තහවුරු කරන එතුමා මේ කිසිලෙසකවත් ආයෝජනයක් නොවන බවත් ආයෝජන දී කිසිම විටෙක අයිතිය හිමි නොවන බවත් වැඩිදුරටත් සඳහන් කළා.

යහපාලන ආණ්ඩුව සිදුකර ගෙන ආ ක්‍රියාකරකම් වල ප්‍රථිපලයක් ලෙස වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය වුවද මේ වන විට එම එකඟතාවලින් බැහැර වීමට ඇති  ඉඩ ඇහිරී ඇති බවත් සේන මුණසිංහ මහතා ප්‍රකාශ කළා. කොරෝනා නිසා මරණයට පත්වූ පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය පිළිබඳව අදහස් දක්වමින් මුණසිංහ මහතා සඳහන් කළේ මෙහිදී වැදගත් වන්නේ ජීවත් වන පුද්ගලයින්ගේ ජීවිත  සම්බන්ධ ඇතිවන අවදානම අවම කිරීම සඳහා උපරිම ලෙස කටයුතු කළ යුතු බවයි. එහි දී ආගමික විශ්වාස වලට අනුව කටයුතු කළ හැකි පරිදි විශේෂඥ උපදෙස් ලැබෙන්නේ නම් ,ඒ සම්බන්ධ ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළා. මේ පිළිබඳව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලැබී ඇති අතර ඉන් පරිබාහිරව මේ සම්බන්ධව ගැටලුවක් ඇති නොවිය යුතු බවයි.

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රේමලාල් මහතා සඳහන් කළේ මෙම කාරණය දුරදිග යාමට හේතුව පවතින රජය එක් ස්ථාවරයක නොසිටීම රජය මෙහිදී මෙම තත්ත්වය ජාතිවාදය ඇති කිරීමට භාවිත කළ බව ද කොරෝනා වසංගතය ඇතිවූ ඇතිවූ මුල් කාලයේ දී මුස්ලිම් ජනතාව විසින් මෙම රෝග ව්‍යාප්ත කරන බවට ප්‍රචාරය කරමින් ජාතීන් අතර අසමගියක්  ඇති කිරීමට කටයුතු කළ බව ද වූ සඳහන් කරයි. මෙම කාරණය හමුවේ විද්‍යාත්මක මෙන්ම මානුෂීයව ඒ සඳහා පිළිතුරු සෙවීම වගකිය යුතු රජයක් සතු වූවක් බවද, මේ සෑම කාරණයක්ම හමුවූයේ වගකීම් සහගතව කටයුතු කිරීමට වර්තමාන රජයක් අපොසත් වී ඇති බවද බව ද ප්‍රේමලාල් මහතා අවසාන වශයෙන් අදහස් දක්වමින් සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos