Rupane Episode 237 – March 27 2021

27 March 2021 13713 Views

මේ වසරේ බදු ආදායම් ගෙවීම පිළිබඳ

කැනඩාවේ වාර්ෂික බදු ගෙවීමේ කාල සමය වන මේ වකවානුවේදී ඒ පිළිබඳව දැනුවත් කිරීමට රූපණ හා G.S.Accounting ආයතනය අධිපති සිරි ගමගේ මහතා හා ශ්‍රියානි ගමගේ මහත්මිය එක් වූවා. ඔවුන් සඳහන් කළේ 2021 වසරේ මේ කාලසීමාව තුළදී තුළදී ගෙවීමට නියමිත වන්නේ 2020 වසරට අදාළ බදු මුදල් බවයි. සෑම වසරකම පෙබරවාරි සිට අප්‍රේල් 20 දක්වා පෙර වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අදාළ බදු ගොනු ඉදිරිපත් කිරීමට හැකි බවයි. මෙසේ බදු ගොනුවක් ඉදිරිපත් කිරීමට හේතු කිහිපයක් බලපාන අතර යම් කෙනෙකු මොන යම් හෝ හේතුවක් මත රජයට බදු ගෙවීමට තිබේ නම් ඒ සඳහා බදු ගොනුවක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවද, රජයෙන් යම් ආධාර මුදලක් හෝ ප්‍රතිපාදනයක් ලබාගැනීමට බදු ගොනු ඉදිරිපත් කළ යුතු වේ. එමෙන්ම අපන කටයුතු සඳහා පැමිණි ශිෂ්‍යයි ද බදු ගොනු විවෘත කිරීම මගින් ඔවුන්ට එම අධ්‍යාපනය කටයුතු සඳහා ගෙවන මුදල් ඒ හරහා ඉදිරියට පවත්වාගෙන යාමටත් ,ඉදිරියේදී රැකියාවක නිරත වන කාලය වන විට දී  අධ්‍යාපනය කටයුතු සඳහා ගෙවන ලද මුදලින්  15%ක බදු සහනයක් ලබා ගැනීමටත් එමඟින් හැකිවන බව ගමගේ මහත්මිය සඳහන් කරයි.තවද මොනයම් හෝ හේතුවක් සඳහා කැනඩාවට පැමිණියද ,පැමිණි දිනයේ සිට බදු ගොනුවක් විවෘත කිරීම මගින් සහන රැසක් ලබා ගැනීමට අවස්ථා සැලසෙන බවද ඇය තවදුරටත් තවදුරටත් සඳහන් කළා.

රජයට බදු ගෙවිය යුතු පුද්ගලයෙක් බදු ගොනුවක් ඉදිරිපත් නොකළ හොත් එය වරදක් වන අතර ඒ වෙනුවෙන් ඒ අයගේ ආදායම් තක්සේරු කර බදු අයකර ගැනීමට කටයුතු කරන අතරම මේ හේතුවෙන් බැංකු ගිණුම් පවා අවලංගු කිරීමට සිදුවන බව ගමගේ මහතා සඳහන් කරයි. බදු ගොනුවක් විවෘත කළ හැකි ආකාර කිහිපයක් පවතින අතර මේ වන විට ප්‍රචලිතම ක්‍රමය ලෙස විද්‍යුත් ක්‍රමය හඳුනාගත හැකි වන බවත් ඔවුන් සදහන්කළා. බදු ගොනු විවෘත කිරීම සඳහා, බදු ගෙවීම කැනඩාව තුළදී  සිදු කරන ආයතන වලට අයදුම්පතක් ඉදිරිපත් කර එම ආයතනවල  ලියාපදිංචි වී, ලබා දෙන කෝඩ් එක හරහා තොරතුරු ඇතුළත් කිරීමෙන් අදාල ආයතනය මගින් එම තොරතුරු කැනඩා රජයේ බදු ආයතනයේ දත්ත ගබඩාවට එක් කර බදු ගොනුවක් විවෘත කිරීමට කටයුතු කරන බව ගමගේ මහත්මිය සඳහන් කරයි. තවද ඉතා සුළු ප්‍රතිශතයක් තවමත් රජයේ බදු ආදායම් වාර්තා අතින් පුරවා ඉදිරිපත් කිරීම ද සිදු කරන බව ගමගේ මහතා සඳහන් කරයි. වැඩිහිටියන් වෙත දුරකථන මාර්ගයෙන් තොරතුර ලබාදීමට රජය මගින් අලුත් ක්‍රමයක්ද  හඳුන්වා දී ඇති බව ගමගේ මහත්මිය සදහන් කරයි.

කොරෝනා වසංගතයත් සමඟ නිවෙසේ සිට රාජකාරි කරන අයට ආයතනයේ  සහතික කිරීමකින් තොරව දිනකට ඩොලර් 2 හා උපරිමය ඩොලර් 400 කට යටත්ව සම්පූර්ණ ආදායමෙන් එම මුදල අඩු කිරීමට කටයුතු කරන අතර, යම් කෙනෙකු කොරෝනා තත්ත්වය හේතුවෙන් නිවසේ සිට වැඩ කිරීම සඳහා සඳහා අමතරව කාර්යාලයක් නිවස තුළ ඉදිකිරීමට හෝ උපකරණ මිලදී ගැනීමට සිදුවූයේ නම් ආයතන ප්‍රධානියාගේ සහතිකයක් සමග ඒ සඳහා වැයවුණු මුදල සම්බන්ධයෙන්  T 2200 ලෙස නම් කර ඇති සහතිකයත් ඉදිරිපත් කළ යුතු වේ. එවිට ඒ සඳහා මුදල් සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ගමගේ මහත්මිය තවදුරටත් සඳහන් කරයි. නිවසේ සිට රාජකාරී කරන කිහිප දෙනකු නිවසේ සිටීනම් ඒ සියලු දෙනා තමා භාවිත කරන ප්‍රමාණය මත ප්‍රතිශතයක් ලෙස වියදම් ඉදිරිපත් කර එම අදාළ කොටසට අයත් මුදල ලබා ගත හැකි බව ගමගේ මහත්මිය සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වූ කුඩා ව්‍යාපාර කටයුතු ශක්තිමත් කිරීම සඳහා කැනඩා රජය විසින් 2020දී ඩොලර් 40,000 ක මුදලක් ණය ලෙස ලබාදී ඇති අතර එම මුදලින් ඩොලර් 30,000ක් 2022 දෙසැම්බර් 31 ට පෙර ගෙවිය යුතු අතර, ඉන් ඩොලර් 10,000 කපා හැරීමට ද 2021 දී මෙම ව්‍යාපාරිකයින් වෙත ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහා නැවත ඩොලර් 20,000ක මුදලක් ද ණය වශයෙන් ලබාදෙන  අතර 2022 දෙසැම්බර් 31ට පෙර ඉන් ඩොලර් 10,000ක් ගෙවීමටත්, ඩොලර් 10,000ක් කපා ගැනීමටත් කටයුතු කළ බව ගමගේ මහතා සඳහන් කරයි. යම් හෙයකින් මෙම ණය මුදල යම් කෙනෙකු මේ වන තෙක් ලබා නොගත්තේ නම් මේ වසරේ මාර්තු 31ට පෙර මෙම සම්පූර්ණ මුදල වන ඩොලර් 60,000 මුදලක් ලබාගත හැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.මෙම ණය මුදල අයකර ගැනීම සම්බන්ධව එතුමන් සඳහන් කළේ මෙම කපාහැරීම් වලංගු වන්නේ දෙසැම්බර් 31ට පෙර අනිත් මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කරන අයට පමණක් බවයි.යම් කෙනෙක් එම දිනයේ දී මුදල් ගෙවා අවසන් නොකළ හොත් එම කපා හරින්නට නියමිත මුදල කපා හැරීමක් සිදු නොවන අතර, යම් හෙයකින් පොලියක් ද ඒ සඳහා ගෙවීමට සිදුවන බව ගමගේ මහතා සඳහන් කරයි. ණය මුදල ලැබුණු සියලු දෙනා තමන්ගේ ගිණුම් දත්ත ඉදිරිපත් කිරීමේ දී  එම මුදල පිළිබඳව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු වේ. ඔන්ටාරියෝ  ආණ්ඩුව විසින් සුළු ව්‍යාපාරිකයින්ට මීට අමතරව ආධාර මුදලක් ලබාදීම ද සිදුකරන අතර ඒ සම්බන්ධව තම ගිණුම් දත්ත ඉදිරිපත් කිරීමේ දී සඳහන් කළ යුතු බව ගමගේ මහත්මිය සඳහන් කරයි.මෙම ආධාර මුදල ඩොලර් 10,000 සිට 20,000 දක්වා ලබා දීමක් සිදු කරන අතර, එහිදී මෙම ආධාර මුදලට හිමිකම් කීමට සුදුසුකම් ලෙස 2020 අප්‍රේල් ලැබූ ආදායම 2019 අප්‍රේල් ලැබූ ආදායමට වඩා අඩු නම් ඒ සම්බන්ධව සලකා බලා ණය මුදල තීරණය කළ බවත් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවකාශය බොහෝ දෙනාට ලැබුණු බවත් ඔවුන් සඳහන් කරයි.

තවද සුළු ව්‍යාපාරිකයන් සඳහා වැටුප් සහන් සහ කුලී සහන ලෙස මුදල් ලබාදීම ද එහිදී ඔවුන්ගේ ආදායම අඩු වීමත් සම්බන්ධව සලකා බලා 75% ක් දක්වා එම මුදල ලබා දීමට කටයුතු කළ බව ගමගේ මහත්මිය සඳහන් කරයි. මෙම ආධාර මුදල් ලබා ගැනීමේදී ව්‍යපාරය සඳහා යොදා ගන්නා නීත්‍යානුකූල නම, බැංකු ගිණුමේ නම හා බදු ගෙවීමේදී භාවිත කරන නම සමාන නොවන අවස්ථාවලදී ඒ සම්බන්ධව රජයට කරුණු දැක්වීමට සිදු වන අතර එම කටයුත්ත නිරාකරණය වීමට දින දහයක් පමණ ගතවන ගතවන බවත්, එසේ නොමැති අවස්ථාවල දී දින දෙකක් තුනක් අතර කාලයකදී මෙම ආධාර මුදල් ලබා ගැනීමට හැකි බවත් ගමගේ මහතා තවදුරටත් සඳහන් කරයි.

 Uber ව්‍යාපාරද සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස CR හි ලියාපදිංචි වී ඇති නිසා ඔවුන්ගේ ද ආදායම බිඳ වැටීම පිළිබඳව ඉදිරිපත් කරන තොරතුරු අනූව ණය මුදල ලබාගත හැකි වූ බව සඳහන් කරයි. ආදායම් බදු ගෙවීමේ දිනය මෙම වසරේ ද අප්‍රේල් 30ට ප්‍රථම අවසන් කළ යුතු අතර ,ඊට හේතුව රජය විසින් මෙම ගිණුම් වාර්තා මත පදනම්ව වසරේ සියළුම ලැබීම් පිළිබඳ වාර්තා සකස් කිරීම සිදු කරන නිසා බවද එසේ නොවේ නම් ජුනි මාසයේ ලැබීම් පිළිබඳ තොරතුරු ලබා දීමටද මෙම චක්‍රය නිසි ලෙස පවත්වාගෙන යාමට ද අපහසුවන බව ගමගේ මහතා සඳහන් කරයි. සුළු ව්‍යාපාරිකයන් සඳහා බදු ගෙවීමට ඇත්නම් එය අප්‍රේල් 30ට ප්‍රථම අවසන් කළ යුතු අතර බදු වාර්තා ඉදිරිපත් කිරීමට ජූනි 30 දක්වා අවකාශය ලැබෙන බවද අප්‍රේල් 30ට ප්‍රථම ගෙවීමට නියමිත බදු මුදල් ගෙවා අවසන් නොකළහොත් ඒ වෙනුවෙන් දඩයක් හෝ පොලියක් ගෙවීමට සිදුවන බව ද ගමගේ මහතා සඳහන් කරයි

සැබෑ පුරවැසියෙක් ඊට නියමිත කාලයේ දී අදාළ බදු මුදල් ගෙවා අවසන් කිරීම සියලු දෙනාගේ වගකීම බව  නැවත නැවතත් සිහිපත් කරමින් ඔවුන් මෙම සාකච්චාව අවසන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos