Rupane Episode 286 – March 12 2022

12 March 2022 579 Views

ජාත්‍යන්තර කාන්තා දිනය

Rupane Episode 286 – March 12 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

බිලිදිය දැරිවිය සොයුරිය වෙම්මා

දවසක වෙන්නෙත් ඔබමයි අම්මා

දරුවන් රකිමින් හද තුල පෙම්මා

දුක් ගිණි නිවමින් සිත සැනසෙම්මා

බිලිදියක්, දැරිවියක්, සොයුරියක්, මවක් මෙන්ම මිත්තණියක් වෙනුවෙන් දිනයක් වෙන්කර ඔවුන් වෙනුවෙන් කතා කරන්නට ඔවුන් වෙනුවෙන් පෙනීසිටිමට නොහැකි වුවත් ජාත්‍යන්තරව ඔවුන් වෙනුවෙන්ම දිනයක් වෙන්කර තිබීම සතුටට කරුණක්.

රටවල් දෙකක කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී වු මෙහෙවරක් ඉටුකරන සහජීවනය හා සංහිදියාව නියෝජනය කරමින් දිනෙන් දින සමාජයට උපකාරී හා ආදර්ශමත් සංවිධානයක් ලෙස තම සේවය ඉටුකරන ටොරින්ටෝ පුරයේ ලාංකීය කාන්තා හඩ කැනඩා – ශ්‍රි ලංකා කාන්තා සංවිධානය පිළිබඳ විමසුම මෙමගින් ඉදිරිපත් කරනු ඇත. කැනඩා – ශ්‍රි ලංකා කාන්තා සංවිධානයේ වත්මන් සභාපතිනී දිල්රුක්ෂි රාජගුරු මහත්මිය හා මෙම සංගමයේ අධ්‍යක්ෂිකා සන්ද්‍යා උපතිලක මහත්මියන් මේ පිළිබද අදහස් ඉදිරිපත් කරන ලදී.

2009 වර්ෂයේ දී ශාමේන් කරුණාතිලක මහත්මියගේ ප්‍රධානත්වය ඇතිව ගොඩනැගුණු කැනඩා – ශ්‍රි ලංකා කාන්තා සමිතියේ වර්ෂ දෙකක් පමණ කාලයක් ඇයගේ සභාපතීත්වය යටතේ කටයුතු කරන්නට යෙදුණි. කැනඩාවට පමණක් නොව ශ්‍රි ලංකාව වෙනුවෙන්ද ව්‍යාපෘති රැසක් මේ වන විටත් සිදු කිරීමට මෙම සංවිධානයට හැකියාව ලැබී ඇත. ඒ අතරින් CovernetHouse හා Sikline ළමා රෝහලේ සිටින කුඩා දරුවන් හට ඇදුම් පැළදුම් හා රෝහලට අවශ්‍ය කරන්නා වූ ඇඳන් හා අනෙකුත් උපකරණ ප්‍රධානය කිරීම සුවිශේෂි වූ ව්‍යාපෘතියකි. මෙයට අමතරව ටොරින්ටෝ මහා විහාරයේ ශිෂ්‍යත්ව පදනමට කිහිපවතාවක්ම මූල්‍යමය ආධාර මෙම කාන්තා සංවිධානය ඔස්සේ සිදු වූ සේවයන් වේ. කැනඩාව කේන්ද්‍ර කොට ගනිමින් එවන් ව්‍යාපෘති සිදුකලා මෙන්ම ලංකාවේද එවන් ව්‍යාපෘති රාශියක් මේ වන විට සිදුකර ඇත. වලස්මුල්ල ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගම්මානයක් වන හදුන්ගමුව ගම්මානයේ මාතෘ සායනයට අවශ්‍ය උපකරණ ලබා දීම හා ඔවුනට අවශ්‍ය ආහාරපාන ලබා දීමේ ව්‍යාපෘතියක් ඉතා සාර්තකව සිදුකිරීමට හැකියාව ලැබිණි. එමෙන්ම එම ගම්මානයේ ම දුෂ්කරතා රැසක් සහිතව දිවිගෙවන අත්තම්මා කෙනෙකු වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට ද අවස්ථාව ලැබිණි. මහ නුවර මහා රෝහලේ හදිසි අනතුරු අංශය සදහා අවශ්‍ය ඇඳක් සහ එම ඒකකයට අවශ්‍ය අනෙකුත් උපකරණ ලබා දීමත්, ලේඩි රිච්වේ රෝහලේ ළමා වාට්ටුවක් සදහා අවැසි රෝදපුටු ලබා දීමත් මෙම සංවිධානය විසින් සිදුකල සේවාවන් අතර තිබේ. එමෙන් ම කෝවිඩ් කාල සීමාව සමයේ දුප්පත් ආදායම් අහිමි පවුල් 125 ක් හදුනාගෙන ඔවුනට අවැසි වියළි ආහාර පාර්සල් ලබා දීම සිදුකරන ලදී. කැනඩා ශ්‍රි ලංකා කාන්තා සංගමය හරහා සමාජය සිදුකල සමාජ සත්කාර අතරින් කිහිපයක් මෙලෙස පෙන්වා දිය හැකිය. එවන් රටට අවැසිම අවස්ථාවන්හිදී තම මව්රට වෙනුවෙන් දෑත් දිගුකිරීමට කැනඩා ශ්‍රි ලංකා කාන්තා සංවිධානය සෑම විටම සූදානමින් සිටින්නෙමු.

කැනඩාවේ ජීවත්වන ශ්‍රි ලාංකීය සම්භාවයක් සහිත කාන්තාවන් වෙනුවෙන් ගොඩනැගුණු සංවිධානයක් ලෙස 2009 වර්ශයේ සිට මේ දක්වා විවිධ අරමුණු මූලික කොටගෙන ගොඩනැගී ඇත. එනම් කැනඩා සංස්කෘතිය තුල ශ්‍රි ලාංකීය සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් කටයුතු කිරීම, කාන්තා සෞඛ්‍ය රැකගැනීම උදෙසා කාන්තාවන්ට උපදෙස් ලබාදීම වැනි අරමුණු මෙහි මූලික අරමුණු අතර වේ. සිංහල – හින්දු අලුත් අවුරුදු උත්සවය 2009 සිට 2019 වර්ෂය දක්වාම නොකඩවා පැවත්වීමට කටයුතු කල ලාංකීය සංස්කෘතියට මූලිකත්වය දුන් උත්සවයකි. මෙම උත්සවය දෙමාපිය උපහාර උළෙල නමින් නම් කරමින් ඈත්වී යන සිංහල චාරිත්‍ර නැවත ජනතාව අතරට ගෙනයාමට මෙමගින් උත්සහ ගෙන ඇත. කැනඩාව තුල ස්වයං රැකියා සිදුකර ලාංකීය කාන්තාවන්ට තම ව්‍යාපාර වර්ධනය කරගනු පිණිස පොළ නම් ව්‍යාපෘතිය සංගමය විසින් පවත්වන්නට යෙදුන අතර එය ඉතා සාර්ථක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දිය හැකිය. මීට අමතරව කාන්තා සංගමය මගින් සෞඛ්‍ය පිලිබදව වැඩි අවදානයක් යොමුකරන අතර සෞඛ්‍ය සායන කිහිපයක්ම මෙමගින් පවත්වන්නට යෙදුණි. ඒ අතර හෘදයාබාධ පිළිබද සෞඛ්‍ය සායනය සුවිශේෂි වුවකි. මානසික සෞඛ්‍ය මෙන්ම කායික සෞඛ්‍ය වෙනුවෙන් යෝගා වැඩසටහන් හා භාවනා වැඩසටහන් ගණනාවක් පවත්වා පවත්වා ඇත. විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ආයුර්වේදය පිළිබද දේශණ ගණනාවක් කාන්තාවන් වෙනුවෙන් පැවත්වීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම 2009 වර්ෂයේ සිට නොකඩවා සෑම වර්ෂයකම කාන්තා දිනය සැමරීම සිදුකිරීම කාන්තා සංවිධානයක් ලෙස සිදුකිරීමට හැකිවීම ලැබූ සුවිශේෂි ජයග්‍රහණයකි.

කාන්තාවන් සමාජය තුල එක් කුලකයකට පමණක් සිමාකර ඇති කාලයක වෙනස් වූ වෘත්තීන් හා සම්බන්ධ වෙමින් රටට ලෝකයටම සේවය ලබා දීමට කටයුතු කරන අවස්ථා බොහෝමයක් වර්තමානය තුල දක්නට ලැබේ. කැනඩාව තුලද ශ්‍රි ලාංකීය සම්භාවයක් සහිත එවන් කාන්තාවන් රැසක් පෙන්වා දිය  හැකිය. ඒ අතරින් සුවිශේෂි කාන්තා චරිතයක් ලෙස ඇල්බටාහි කැල්ටරිහි ගිණිනිවන හමුදා නිළදාරිණියක ලෙස සේවය කරන ක්‍රිෂාණි වික්‍රමසිංහ මහත්මිය හදුන්වා දීමට හැකියාව ඇත.

ලෝක ඉතිහාසයේ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් කාන්තා නමයට සුවිශේෂිත්වයක් එක්කල කාන්තා චරිත බොහෝමයක් සිටී. ඒ අතරින් චරිත කිහිපයක අනුකරණයක් හා ඔවුන්ගේ සේවය ඇගයුමකට ලක් කිරීමට කැනඩා – ශ්‍රි ලංකා කාන්තා සංගමයේ සාමාජිකයින් අපූරු උත්සහයක් ගැනීම අගය කල යුතු නිර්මාණාත්මක ක්‍රියාවකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos