Rupane Episode 287 – March 19 2022

19 March 2022 573 Views

තාරුණ්‍යයේ රිද්මය හදුනාගත් ගේය පද රචකයා – නිලාර් එන් කාසිම්
(දෙවන කොටස)

Rupane Episode 287 – March 19 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

බිදුණු තල් ගස පාමුලට වී
කදුළු ඇහිදින රාජීණී
කැදලි සුන්වී විසිර ගිය දා
තනිකමයි නු‌බේ සාමිනී…
(ආචාර්ය නන්දා මාලනී)

සළාම් කියාගෙන ගෙට එන
ලසෝ ගිණි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවක සැගව සිටින තාරකාවියේ..
(සමන් ජයනාත් ජිනදාස)

            ජාතික සමගිය, සහජීවනය පිළිබදව දේශපාලනික වූ පැතිකඩකින් තොරව සාහිත්‍යමය ඇසකින් දැක නිර්මාණයන්ට පණපෙවූ අපූරු චරිතයක් ලෙස නිලාම් එස් කාසීම් මහතාව හදුන්වා දිය හැකිය. ලාංකීය වර්තමාන වැඩිහිටි ප්‍රජාව තාරුණ්‍ය ගත කලේ ඉතා සාමකාමී සංහිදියාවෙන් යුතු පරිසරයක නොවේ. දකුණේ භීෂණ සමයක් හා උතුරේ යුද්ධයට මුහුණදුන් තරුණයන් හැටියට තාරුණ්‍ය තුල ඉතා අසීරු අත්දැකීම් රැසකට මුහුණදුන් පිරිසකි. යුද්ධය යනු ලාංකීය සමාජ දේහය ඔත්පල කල ප්‍රධාන සංසිද්ධියකි. මේ සදහා මූලිකම හේතුව වනුයේ ජාතිකත්ව ගැටලුව වේ. නමුත් බටහිර රටවල අනෙකුත් ආගමකට, භාෂාවකට, සංස්කෘතියකට ලබාදෙන ඉඩකඩ බොහෝ වැඩි වුවත් ලංකාව වැනි රටවල එවන් වාතාවරණයක් නොමැතිවීම අසතුටදායක තත්වයකි.

             නිලාම් එස් කාසීම් යනු මුස්ලිම් ජාතිකයෙකු ලෙස ගොඩනැගුණු චරිතයක් වුවද ඔහු බොහෝ සේ කටයුතු කරන්නට යෙදුනේ සිංහල ජන සමාජයත් සමගයි. එමෙන්ම ඔහු දමිළ භාෂාව හසුරවන්නෙකු ලෙස දමිළ, මුස්ලිම් ජනතාව සමග සුහද ඇසුරක් පවත්වා ගැනීම පහසු කරුණක් විය. ඒ අතරම සිංහල භාෂාව සිංහල සමාජයත් සමග ගණුදෙනු කරනු ලැබීමත් සමග වැඩි වශයෙන් දැනෙන්ට ලැබුණු කරුණක් වන්නේ මෙම සංස්කෘතීන් ත්‍රිත්වයේම අන්තර්ගතයන් පිළිබද අවබෝධයෙන් යුතුව නිර්මාණකරණයේ හැකියාව තමන්ට පවතින බවයි. එවන් නිර්මාණ කිහිපයක් ඉහත පරිදී වන අතර ඊට අමතරව භාතිය සන්තුෂ් ගායනා කරන ශහිරා වැනි ගීත ද පෙන්වා දිය හැකිය. දේශපාලඥයින් සමාජය බෙදා වෙන් කිරීමට උත්සහ ගන්නා විට කලාකරුවන් ලෙස සමාජය සමගි කිරීමට මිනිසුන් එකතු කිරීමට උත්සහ ගැනීම සෑම කලාකරුවෙකු තුලම ඇති වගකීමකි.

            තරුණයෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණීමත් සමග ඇසුරු කරන්නට අවකාශය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ලැබීමත් සමකාලින ශිල්පීන් ලෙස සමන්ත පෙරේරා වැනි ශිල්පීන් මෙන්ම පසු කාලීනව භාතිය සන්තුෂ්, කසුන් කල්හාර වැනි පිරිස් සමග ගණුදෙනු කිරීමට වරම් ලැබෙන කාසීම් මහතා පරම්පරා ත්‍රිත්වයක් සමග ශක්තිමත් මෙන්ම සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට හැකියාව ලබා ගත් අපූරු නිර්මාණකරුවෙකි. නිර්මාණකරණය තුල වගකීමක් දරාගෙන කටයුතු කිරීම මෙන්ම සමාජය පිලිබද වගකීමෙන් කටයුතු කිරීමට නිර්මාණකරුවා වගවිය යුතුබව කාසීම් මහතා පෙන්වා දෙන  සත්‍යයකි.

සංගීත නිර්මාණයන් තුල අයිතිය පිළිබද විවිධ ගැටලුකාරී තත්වයන් වර්තමානයේ දි දක්නට ලැබෙන කරුණක් වන අතර මේ පිළිබදව කාසිම් මහතා කරුණු ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය කොරෝනා රැල්ලත් සමග නිරෝධායන කාල සීමාව තුල නැවත මිනිසුන් කලාව වෙතට වැඩිවශයෙන් යොමුවීමක් දක්නට ලැබුණු අතර මෙම කාල සීමවේදී වැඩි වශයෙන් සමාජය බුද්ධිමය දේපළ නීතිය ආදී කරුණු පිළිබදව දැනගන්නට යෙදුණි. මෙවන් කරුණු මත මේ වන විට ලාංකිය සංගීත සමාජය සබුද්ධිකව ගීතයක අයිතිය ආදී සාධක පිලිබදව කටයුතු කරයි. තම වපසරිය පිළිබද දැනුවත් බවින් කටයුතු කිරීම මත හිත් අමනාපකම්, ගැටලුකාරී තත්වයන්ගෙන් තොරව කටයුතු කිරීමට හැකියාව ඇතිවන බව කාසිම් මහතාගේ මතයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos