Rupane Episode 288 – March 26 2022

26 March 2022 505 Views

රූපණ ගමනක මතකය

Rupane Episode 288 – March 26 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

රූපණ ගමනක මතකය

සංචාරය කිරීම යනු, නිවසේ ජීවත්වන ඔබට, අපට ඉගෙන ගත නොහැකි බොහෝ දේ ඉගැන්විය හැකි සුන්දර අත්දැකීමකි. සංචාරය කිරීම සමාජ කුසලතා වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ. ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් භුක්ති විඳීමට මෙය උපකාරී වේ. ඒ හා සමානවම පෙර නොවූ විරූ ලෙස සොබාදහම ගවේෂණය කිරීමට හා පෘථිවියේ සුන්දරත්වය සොයා ගැනීමට ද හැකියාව ලැබේ. මෙමගින් මිනිසුන්ව තේරුම් ගැනීමට, ඔවුන් සමග කතා බහ කිරීමට, ඔවුන්ගේ විවිධ වූ සංස්කෘතීන් පිළිබඳ බොහෝ දේ ඉගෙන ගැනීමට ද හැකියාව ලැබේ.

රූපණ සමග අද කතාබහට එක් වන්නේ සංජීව අබේරත්න මහතායි. ජීවිතේ විදින්න, සුන්දර ස්ථාන නරඹන්න ඉඩහසර වෙන් කරන ඔහු රැකියාවෙන් වෘත්තිකයෙකි. මෙවර ඔහු රූපණ අපවද කැටුව යන්නේ කැනඩාවේ පිහිටි පෝට් පෙරි නගරයටයි. ඔහු විසින් පටිගත කරන ලද කුඩා වීඩියෝ දර්ශන කිහිපයක් තුළින් පෝට් පෙරි නගරයේ ශීත කාලයේ සුන්දරත්වය අප සමග බෙදා ගැනීමට සමත් වුණි. කුඩා දරුවන් යෙදෙන අයිස් හොකී ක්‍රීඩාවේ අපූරු ලෙස යෙදෙන ආකාරය අපට ඒ තුළින් දැක ගැනීමට හැකි වුණි.

ඒ අතරම ඔහු අපව රැගෙන ගියේ kingston හි පිහිටි wolf island දෙසටයි. මෙය thousand island හි පිහිටි විශාලතම දූපතයි. මෙම දූපත චීස් වලට සහ විශේෂිත වූ බේකරියකට ඒ වගේම ගොවිපලකට ප්‍රසිද්ධියක් උසුලන බව සංජීව මහතා සඳහන් කළේය. විශාලතම සුළං බලාගාර ව්‍යාපෘතිය ද මෙම දූපතේ ඔන්ටාරියෝ රජය විසින් පවත්වාගෙන යන බව ඔහු තවදුරටත් සඳහන් කරමින් කතාබහ අවසන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos