Rupane Episode 289 – April 02 2022

2 April 2022 496 Views

හෙළ නර්ථන කලාවේ රන් සලකුණ
නර්ථන අචාර්ය චන්දන වික්‍රමසිංහ..

Rupane Episode 289 – April 02 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

හෙළ නර්ථන කලාවේ රන් සලකුණ
නර්ථන අචාර්ය චන්දන වික්‍රමසිංහ..

කලාව වූ කලී විශේෂිත භාෂා මාධ්‍යයක් වන අතර ඒ තුළ අන්තර්ගත ව පවත්නා දේ සුවිශේෂී වේ. චිත්‍ර,මූර්ති, කැටයම් ,සංගීත, නර්තන යනාදී විවිධ පාර්ශවයන් කලාව තුළ සංස්ථාපිත ව පවතී. ලාංකීය ජන සමාජය තුළ ක්‍රියාත්මකව පැවති කලාවේ එක් අංශයක් ලෙස නර්තන කලාවේ ප්‍රගමනය හඳුන්වා දිය හැකිය. නර්තනය යනු රිද්මයානුකූලව සිදුකෙරෙන දේහ චලනය කි .ආධ්‍යාත්මික හැඟීම, භාවාත්මක හැඟීම ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමකි. නර්තනයෙහි හිණිපෙත්තටම ළඟා වූ නර්තන වේදියකු සමග අද රූපණ වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නෙමු. ඔහු නමෙන් නමින් චන්දන වික්‍රමසිංහයන්ය.
ප්‍රථමයෙන්ම ඔහුගේ නර්තනයේ අඩිතාලම පිළිබඳව විමසීමේ දී ඔහු කුඩා කල ට දිග ගියේය. කුඩා කාලයේ තමන් අතපය විසි කර විවිධ ඉරියව්ව පෙන්වන නිසා මොහුගේ දෙමවුපියන් ඔහුව කුඩා කාලයේම නර්තනය සඳහා යෙදවීමට අදහස් කර ඇත. ඒ සමගම මොහු ව වජිරා- චිත්‍රසේන කලායතනයට නර්තන හැදෑරීම සඳහා ඇතුළත් කරන ලදී. ඉන් වසර පහක් අධ්‍යාපනය ලද මොහු කුලසිරි බුදවත්ත රංගායතනය ට ඇතුළත් කරන ලදී. එදා බුදවත්ත රංගායතනයේ උඩරට නර්තන හදාරමින් පළමුව හිස වෙස් බැඳි ශිල්පියෙකු වූ මොහු එතනින් නික්ම වෘත්තීය නර්තන වේදියෙකු ලෙස “සාම මුද්රා” නාට්‍ය කණ්ඩායමට එක් විය. එහිදී මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් යටතේ සාම්ප්‍රදායික උඩරට නර්තන කලාව හා ජන නැටුම් නර්තනවේදී රවිබන්ධු විද්‍යාපති යටතේ නිර්මාණාත්මක නර්තන කලාව හා නාට්‍යමය අභිනයන් ද මුසු ව නිර්මාණයන්ට නර්තනයෙන් දායක වෙමින් වසර අටක් තිස්සේ ලෝකයේ විවිධ රටවල සංචාරය කරන්නේය.
පසු කලෙක ඔහුගේ storyof සීතා මුද්‍රානාට්‍ය ඉතාමත් හොඳින් කර ගැනීමට හැකියාව ලැබී ඇත. මෙහි කියවෙන්නේ සීතාට වුණු අකරතැබ්බය පිළිබඳවයි. කාන්තාව පහත් කොට සැලකීම නිසා රාමා වැරදියැයි පසක් කර ලීමට මෙම නර්තනය මොහු විසින් නිර්මාණය කරන ලදී. මේ ගීත ගායනය විශාරද නන්දා මාලිනියන් විසින් සිදුකරන අතර සංගීතය සපයන්නේ පේශල මනොජ් විසිනි. මෙය ඉන්දියාවේ වැඩිම ප්‍රේක්ෂකාගාරයක් නරඹමින් එහිදී පැසසුමට ලක්වුණි. ඒ අතරම ඔහුගේ from blue sky to the deep sea යන නිර්මාණය අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක්වුණි.
තමාටම අනන්‍ය වූ නර්තන ශෛලියක් සොයා යන ගමනේ දී උඩරට නැටුමේ ගාම්භීරත්වයත්, කතකලි නැටුමේ තාණ්ඩ ලක්ෂණයත් ,මනිපුරි නැටුමේ ලාලිත්‍යත් නිර්මාණාත්මක ප්‍රාසාංගික නර්තන විලාසයන් සමඟ අපූර්ව ලෙස මුසු කරගනිමින් විටෙක ජව සම්පන්න වූද ලාල් ඉතින් යුතුද විටෙක ශෘංගාර දන වන්නාවූ ද පිරිමි නර්තන කණ්ඩායම මොහු වේදිකාවට සම්ප්‍රාප්ත කළේය. ඒ අතරම ඔහුගේ මොණර නැටුම රටවල් අතර සුවිශේෂීත්වයක් උසුලනු ලැබූ බව ඔහු සඳහන් කළේය.
විවිධ කම්කටොලු බාධක මැදින් පැමිණි ඒ ගමන ඉතාමත් දුෂ්කරය. නමුත් මේ වන විට ලාංකීය නර්තන කලාව ලෝකයක් ඉදිරියේ තැබූ ඔහු තම මාතෘභූමියට ඉමහත් ගෞරවයක් ගෙන දෙයි.

චන්දන වික්‍රමසිංහ මහතාගේ නර්තන පන්ති පැවැත්වෙන ස්ථාන- රත්මලාන (ප්‍රධාන ශාඛාව), මහනුවර, මාතර, කුරුණෑගල,කිරිබත්ගොඩ

zoom තාක්ෂණය ඔස්සේ විවිධ රටවල සිටින සිසුන් සඳහා සම්බන්ධ විය හැකි ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos