Rupane Episode 284- February 26 2022

26 February 2022 585 Views

සිරිලක මිණිකැට – අද මරියෝ ආනන්ද…

Rupane Episode 284- February 26 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

ලාංකීය සංගීතය තුල තමන්ටම හඬක් සදාගනිමින් ගීතයේ ආනන්දය වෙත ගෙනගිය ග්රේෂන් ආනන්දයන් සිංහල ගීතාවලියට නොමැකෙන ගීත රැසක් දායාද කරමින් අපෙන් සමුගත්තා. ග්රේෂන් ආනන්දයන්ගේ කෙටි ජීවන චාරිකාව තුල සදාතනික ගීත එකතුවක් දායාද කලාසේම එම ඡානමය සංගීත උරුමයට හිමිකම් කියමින් තාරුණ්‍්‍ය වෙනුවෙන් නව හඩක් නගන ඔහුගේ ආදරණීය මරියෝ ආනන්ද අද රූපණ කතානායකයා වේ.


සංගීත ක්ෂේත්රයට මෙන්ම ශ්රීරීලාංකීය තරුණ දරු දැරියන් හා එක්ව නිහඩ වූ ගමනක යන මරියෝ ආනන්ද පිළිබද තතු අද රූපණ තුලින් ඉදිරිපත් කරයි. තිරසාර සංවර්ධනය පිළිබද ළමා පාර්ලිමේන්තුවෙහි සන්නාම කළමණාකරු ලෙස මරියෝ ආනන්ද කටයුතු කරන්නට යෙදුනා. මොහුට දැනට වසර තුනකට පෙර මෙම කාර්ය පැවරෙන අතර මේ සදහා මූලිකම හේතුව වී ඇත්තේ විශේෂ අවශ්යතා ඇති දරුවන් වෙනුවෙන් මරියෝ කල සේවාවයි. ඒ ඔස්සේ මරියෝ පිළිබද පැතිරී ගිය රාවයත් සමග මෙම තනතුර මරියෝ වෙත පැවරී ඇත.


ලාංකීය තරුණ දරුවන්ට නායකත්වය පිළිබද ඇති අවශ්‍යතාව නායකත්ව ලක්ෂණ හා යම් ගැටලුකාරී තත්වයන්හි දී මිනිසුන් වෙනුවෙන් කතා කිරීමේ ඇති උවමනාව හා උනන්දුව, මානුෂීය ප්ර්තිපත්ති සහිත පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය තේරුම්කර දීමට උත්සහ ගැනීම වැනි කාරනා මත බොහෝ දෙනා මරියෝට ඇළුම් කලා. එමෙන්ම යොවුන් පාර්ලිමේන්තුව සදහා දරුවන් තෝරාගැනීමටත්ථ, යොමුකිරීමටත් ඔහු මහත් ලෙස උත්සහ ගනිමින් කටයුතු කරනු ලැබීය. මෙවන් වූ කටයුත්තක් සදහා දරුවන් එකතු කරගැනීමත් අභියෝගාත්මක ක්රියාවලියක් විය. සෑම දිස්ත්රි්ක්කයෙන්ම දරුවන් දෙදනෙකු බැගින් තෝරා ගැනීම මෙහි ඇති ප්රභල අභියෝගයයි. ලාංකීය දේශපාලන රටාව තුල ඇති ඇතැම් ගැටලුකාරී තත්වයන් හේතුවෙන් දෙමව්පියන් දරුවන් මෙවැනි වැඩසටහන් සදහා යොමු නොකරන අවස්ථා ද පවතින නමුත් දරුවන් වෙනුවෙන් ලබා දීමට අපේක්ෂා කල දේ සිදුකිරීමට නොහැකිවීම මත ඔහු එම තනතුරෙන් අකමැත්තෙන් වුවත් ඉල්ලා අස්වීමට කටයුතු කරන ලදී. දරුවන්ට ඔවුන්ගේ පවතින ගැටලු කතා කිරීමට තෝතැන්නක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරම්භ වූවත් කාලයත් සමග මෙම කාර්ය දේශපාලනික විමත් හේතුවෙන් මෙම තනතුරෙන් මෙතුමා ඉවත් වීමට කටයුතු කරන ලදී. මෙම තනතුරෙන් ඉවත් වුවත් ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම නිරන්තර ලබාදීමට කටයුතු කරන බව මරියෝ මහතා පෙන්වා දුන් ප්රධාන කරුණකි.


පසුගිය වසරේ ශ්රීරීලාංකීය ඔලිම්පික් ගීතය නිර්මාණය කිරීමට මරියෝ මහතාට හැකියාව ලැබෙනවා. මෙම ගීතය භාෂා ත්රිත්වයෙන්ම නිර්මාණය කිරීම මෙහි ඇති තවත් සුවිශේෂිත්වයයකි. ක්රිඩාවක් පිළිබද ගීතයක් නිර්මාණය නොවීමත් ඒ වෙනුවෙන් ඇති වූ උනන්දුවත් සමග මෙම ගීතය නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. ‌මේ සදහා ඔලිම්පික් යෑමට සුදුසුකම් ඇති අවුරුදු 15ට අඩු දරුවන් කිහිපදෙනෙකු මේ සදහා එකතුකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූවා. එහි ප්රිතිඵලයක් ලෙස මොහොමඩ් හාෂිම් හා නතාෂා පෙරේරා නම් ක්රිඩාවට උපන් හපන්කම් සහිත දරුවන් දෙදෙනා සමගින් මෙම ගීතයට රූප රචනය කිරීමට අවස්ථාව හිමි වූ බව මරියෝ ප්රකාශ කරනුයේ ඉතාම සතුටින්ය. 2020 වර්ෂයේ අප්රේල් මාසයේ මෙම ගීතය එළිදැක්වීමත් සමග ඔලිම්පික් ගීතය නිර්මාණය කිරීමට ආරාධනා ලැබූවා. මරියෝ ආනන්දයන් විසින් සංගීතවත් කර නිර්මාණය කළ ගීතය ජවයෙන් දිදුලන ලෙස එළිදැක්වීය.


මත්ද්රයව්ය හා මත්පැන් සදහා යොමුවන තරුණ ප්රජාව එයින් මුදවා ගැනීමටත් ඒ සදහා යොමුවීම අවම කිරීම සදහාත් මරියෝ සිදුකරන මෙහෙය ඔහුගේ ජීවිතයේ තවත් එක් සුවිශේෂි පැතිකඩක් ලෙස පෙන්වා දිය හැකිය. ජනමාධ්යම තුල මේ වෙනුවෙන් වෙන්වන ඉඩ හා අවශ්යවතාව පිළිබදව මොහු කණගාටුවෙන් වුවද පෙන්වා දෙනු ලබයි. මෙවන් ඇබ්බැහි වීම් තුලින් දරුවන් බේරා ගැනීමට ඇති සුදුසුම ක්රිගයාමාර්ගය වන්නේ ක්රිකඩාවක් සදහා දරුවන් යොමුකිරීම බව මොහුගේ මතය වේ. එමෙන්ම පාසල් දරුවන් තුල භාවනාව සදහා වැඩි ඉඩක් වෙන් කිරීම හා එහි ඇති වැදගත්කම පිළිබදවත් මොහු කරුණු පෙන්වා දෙනු ලබයි.


ග්රේෂන් ආනන්ද මහතා පිළිබදව මතකය අවධිකල මරියෝ මහතා පියා පිළිබද හදුන්වා දෙනුයේ ප්රතිපත්තිගරුකව තම ආගමට පවුලට මූලිකත්වය දී කටයුතු කල පුද්ගලයෙකු ලෙසයි. නිදහස් සාමකාමී මිනිසෙකු ලෙස කටයුතු කල තම පියා මරියෝගේ ජීවිතය තුලද ආදර්ශමත් පුද්ගල පෞර්ෂය වේ. කලා ක්ෂේත්රයේ සෑම දෙනාගේම ආදරය ලැබෙන්නේත් ඔවුන් ආදරයෙන් තම පියා මතක් කරන්නේත් ඔහුතුල පැවති ගුණගරුක ගතිසිරිත් නිසා බව මොහුගේ හැගීමයි. තමාටත් පවුලටත් ලබාදෙන ඒ රසික ආදරය පිළිබදව මරියෝ අනන්දයන් ආදරණීය ව ආවර්ජණය කරන්නට යොදුනා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos