Rupane Episode 322 – November 19 2022

19 November 2022 607 Views

ලබන සතියේ පැවැත්වෙන සත්සර 2022 ප්‍රසංගය..
Rupane Episode 322 – November 19 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

වසර අවසානයේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් වන සත්සර 2022 ප්‍රසංගය පිළිබඳව සාකච්ඡා කිරීමට අද රූපණ වැඩසටහන තුළින් අප සූදානම් වන්නෙමු .ඒ සඳහා අප හිතාදර ගායන ශිල්පී සරත් කුමාරසිරි මහතා අද අප සමග එකතු වනු ඇත.

ඒ පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීමේ දී ඔහු පවසා සිටියේ රූපණ සමගින් එකතු වීමට ලැබීම ගැන ඔහු ඉතාමත් සතුටු වන බවත් රුපණ සමග ගෙවනු ලබන කාලය ඉතාමත් සුන්දර වන බවය.ඔහු පවසා සිටියේ ටොරොන්ටෝවේ 2004 වර්ෂයේ දී මුලින්ම “සොඳුරු වූ සත්සර” සාජ් ප්‍රසංගය ඉදිරිපත් කෙරුණු බවය. පසුව විවිධ අවුරුදු වලදී විවිධ රටවලදී මෙලෙස ප්‍රසංග පැවැත්වූ බවත් 2016 අවුරුද්දේ දී ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් අනුව ඔහුගේ රටාව වෙනස් කරමින් ප්‍රසංග පළවෙනි හා දෙවෙනි අදිරිය ලෙස ඉදිරිපත් කිරීමට පෙළඹුණු බවය. සෑම අවුරුද්දක් පාසා ප්‍රසංගයන් පපැවැත් වූ අතර covid වසංගතයත් සමඟ එසේ සිදුකිරීමට මෑත කාලයේදී අපොහොසත් වූ බවය. වසර දෙක හමාරකට පසුව මෙම අවුරුද්ද අවසානයේදී ඒ සඳහා අවස්ථාව ලැබූ බවයි ඉතාමත් ප්‍රීතියෙන් ඔහු සඳහන් කර සිටියේ.

මීට පෙර ප්‍රසංග වලට වඩා මෙම ප්‍රසංගය වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිද යන්න විමසා සිටීමේ දී ඔහු පවසා සිටියේ ඒ සදහා සූදානම්ව ඇති බවත් පෙර සංගීත ප්‍රසංගයට වඩා ඒකළ හා යුග ගායනා ද අනෙකුත් සංගීතඥයන්ගේ ද ගීත ද මුසු කරමින් රසවත් ලෙස ප්‍රසංගය සංවිධානය කර ඇති බවය.

ඉන්පසු අප ඔහුගේ රසවත් ගායනයක් රස වින්දෙමු…
ඉන්පසු අප ඔහුත් සමඟ සාකච්ඡාවට යෙදුණේ ඔවුහු විවිධ අවස්ථාවන්හි ලබන ලද ඇගයිම් සහ ජයග්‍රහණ පිළිබඳව ය. මොහු ලාංකිකයන් වන අපට ලැබුණු ලොකු දායාදයක් ලෙස ආඩම්බරයෙන් හැඳින්විය හැකිය.

ඉන්පසු නැවතත් අප ඔහුගේ සවන් පිනවන එස්රාජ් මියුරු ගීත කණ්ඩයකට සවන් දුන්නෙමු. ඔහු එසේ අප සවන් පිනවීමට තෝරා ගන්නා ලද්දේ රුක්මණී දෙවියන්ගේ දුෂ්මන්තා හෝ ගීතයයි.

සෑම වසරක මෙන්ම මෙම ප්‍රසංගයේ දී ද විශේෂත්වයක් එකතු කිරීමට ඔබ සූදානම් ව සිටිනවා ද යන්න විමසීමේ දී ඔහු පවසා සිටියේ මෙවර පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයේදී ඉන්දීය අධ්‍යක්ෂකයෙකු වන රාමන් කාන්ත් අධ්‍යක්ෂක තුමා පිළිබඳව හඳුන්වා දීමට අපේක්ෂාවෙන් සිටින බවය.
රාමන් කාන්ත් අධ්‍යක්ෂක තුමා පිළිබඳව විමසීමේ දී ඔහු සඳහන් කර සිටියේ
ලංකාව හා ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය මෙන් ඔහු සමඟ පවතින මිත්‍රත්වය හේතුවෙන් ඔහු මෙම ප්‍රසංගය සඳහා ඔහු හට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටින බවය. ඔහුගේ වැඩසටහන් වලට සරත් කුමාරසිරි මහතා ද උදවු කර ඇති හෙයින් උපකාරය ලැබුණු බවය.

ඉන් පසු ඉන්දීය අධ්‍යක්ෂක රාමන් කන්ත් හට අප මැදිරියට ආරාධනා කරනු ලැබුවා. අප විසින් ඔහු පිළිගැනීමෙන් අනතුරුව ඔහු සරත් කුමාරසිරි පිළිබඳව බොහෝ ඇගයීමට ලක්කරනු ලැබු අතර ඔහුගේ ලොකු රසිකයෙක් ද වන බව පවසා සිටියාය.

ඉන්පසු එතුමන්ගෙන් අප එතුමා එතුමාගේ අතීතාවර්ජනය ගැන විමසා සිටීමේ දී ඔහු පවසා සිටියේ සම්භාවිය සංගීත කලාව ඔහුගේ විලාසිතාව වන බවත් ඔහු සංගීතය මෙහෙය වීම සකස් කිරිම සංගීත පටිගත කිරීම පිළිබඳව කටයුතු කරන බවත් සංගීත කලාව නැවත නැවත සකස් කිරීමට ඔහු කටයුතු කරන බව ද ඔහු සඳහන් කර සිටියා ය.

ඉන්පසු මෙම මස 27 වෙනිදා නැවත ඔහු සංගීත ප්‍රසංග යෙදේ ප්‍රසංග යෙදේ හමුවේ මෙය අපේක්ෂාවෙන් ඔහු හට මැදිරියෙන් සමු දුන්නෙමු.

විශේෂයෙන් දැනුවත් කළ යුතු වන්නේ මෙම ප්‍රවේශ පත්‍ර වලින් ලබන සියලුම ආදායම ශ්‍රී ලංකාවේ පිළිකා සම්බන්ධ පරික්ෂා සහ මේ පරික්ෂා සහ සෝදිසි කරන Indira Cancer Integration Project එකට යොමු කරනු ලැබීම පිළිබඳව ය.

එසේම 2022 සත්සර ප්‍රසංගය නොවැම්බර් 27 වන ඉරුදින සවස 7 ට ASSEMBLY HALL ටොරොන්ටෝ හි පැවැත්වෙනු ලබයි.

ටිකට් මිල දී ගැනීම සඳහා www.sathsara.com/concert වෙබ් අඩවියට පිවිසීම මගින් ද
• WESTERN BUDDHIST TEMPLE – 905 891 8412
• LOKULIYANA SCAREROUGH – 418 540 1950
• VINITHA OAKVILLE – 905 817 1843
• KUMUDU ETORICOKE – 647 783 3802
මෙසේ මෙන්ද ප්‍රවේශපත්‍ර වෙන්කරවා වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.

අද වැඩසටහන මෙතනින් නිමාවට පත් වන අතර තවත් මෙවැනි සුන්දර වූ වැඩසටහනකින් නැවත මුණ ගැසෙමු.

සුභ දවසක් වේවා!

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos