Rupane Episode 236 – March 20 2021

20 March 2021 14860 Views

Rupane Episode 236 – March 20 2021
Online Video Magazine for Sri Lankan Community in Canada”

චමින්ද පෙරේරාගෙ නිර්මාණ ජීවිතය – 02 කොටස

ඉතිං ඊට පස්සේ ගීතය සමඟින් සාකච්ඡාව ආරම්භ කළ චමින්ද පෙරේරා මහතා මෙවර ද රූපණ වැඩසටහන සමග එක් වී තමන්ගේ තම සොඳුරු මතකයන් ආවර්ජනය කරා.ඉතිං ඊට පස්සේ  ගීතයේ ආරම්භය ඇසෙන උරුවම් හඬ ඔවුන් සමග එවකට නිරන්තරයෙන් කටයුතු කර කෙනකු වන ග්‍රේෂන් ආනන්දයන්ගේ හඬ බවත් පටිගත කිරීම් සිදු කරන හැම විටකදීම ඔහු තමන් කණ්ඩායමක් සමග සිටීම නිසා එම නිර්මාණ කටයුතුවලට ඔහු සම්බන්ධ කර ගැනීමට තමන්ට අවශ්‍ය වූ බවත් සිරියමෙසාරා ගීතය ගීතයට ද ඔහුගේ හඬ යොදාගත් බවත් තම මතයක අවදිකරමින් ඔහු  මුලින්ම සඳහන් කළා. ඉතා නිර්මාණශීලී දක්ෂයකු වූ ග්‍රේෂන් ආනන්දයන් ගීත ගායනයට විශේෂයෙන් ප්‍රිය කළ අතර එවකට සිටි ජෝතිපාල වික්ටර් රත්නායක වැනි ක්ෂේත්‍රයේ දැවැන්තයින් නිසාවෙන් ක්ෂේත්‍රයේ රික්තකයක් නොවූ නිසාම ක්ෂේත්‍රයට පැමිණීමට අපහසු වුවද ජෝතිපාලයන් ගේ අභාවයෙන් පසු ඔහුගේ අඩුව පිරවීමට චිත්‍රපට පසුබිම් ගායනය ග්‍රේෂන් ආනන්දයන් සම්බන්ධ වූ බව  සඳහන් කරයි.විශේෂයෙන්ම සනත් සනත් ගුණතිලකයන් ගේ චිත්‍රපට වල පසුබිම්  ගීත ගායනය කළ බවත් එවකට සරත් දසනායකයන්ගේ සමීපතමයා ලෙස කටයුතු කිරීම මෙන්ම ඔහුගේ හඬ හා හැකියාව මීට ප්‍රධානම හේතුවක් වූ බවත් චමින්ද මහතා සඳහන් කරයි. ග්‍රේෂන් ආනන්දයන් සමඟ මතකය තවදුරටත් ආවර්ජනය කරමින් චමින්ද මහතා සඳහන් කරේ කාලයකට පෙර ඔහු සමඟ නිෂ්පාදනය කළ ගීතයක් දෙකක් තමා සතුව පැවති බවත් එම ගීත එළිදැක්වීමට වර්තමානයට ගැලපෙන ගුණාත්මක භාවයකින් නොතිබීම නිසා ග්‍රේෂන් ආනන්දයන් අභාවයෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ මරියෝ  ආනන්ද සමග මෙය නැවත ප්‍රතිනිෂ්පාදනය කර ප්‍රේක්ෂකයන්ට සමීප කිරීමට කටයුතු කළ බව චමින්ද මහතා සඳහන් කරයි. 

චමින්ද මහතා තම කලා පසුබිම පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ චිත්‍රපට හෝ ගීත නිර්මාණ වෙනුවෙන් තමා යොමු වීමට බලපෑ පවුල් පසුබිමක් නොවූ අතර කුඩාකල සිටම ඔහු කලාවට නිතැතින්ම ආදරය කරන්නෙකු බවයි.ඒ නිසාම කලාවත් සමග කටයුතු කිරීමට ඔහු පෙළඹුණු බවද ඒ මග ගොස් තම සහෝදරයා වූ මෛත්‍රී පෙරේරා ද කලාවට නැඹුරු වූ බව ඔහු සිහිපත් කරයි.ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට පදිංචියට ආවද සිනමාවට කලාවට තිබූ ආසාව නිසාම කැනඩාව තුළට ලාංකික සිනමාව ගෙනඒමට අවශ්‍යයතාවයක් ඇති වූ අතර ඒ සඳහා canada film institute ආයතනයේ executive director ඔහුට ඒ සඳහා සහයෝගය ලබාදුන් බවත් සඳහන් කරයි .චමින්ද මහතා හා ඔහු අතර පැවති මිත්‍රත්වය නිසාම ඒ සඳහා යන වියහියදම් සම්බන්ධව ඔහු කටයුතු සම්පාදනය කර ගත් බවත් ලංකාවේ විශිෂ්ට සිනමා කෘති කැනඩාව තුළ ප්‍රදර්ශනය කිරීමට අවකාශ සිනමාව උළෙල හතරක දී අවකාශය සැලසූ බවත්  සඳහන් කරයි .ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම චිත්‍රපට ප්‍රදර්ශනය වෙනුවෙන් ලබාදුන් ලාංකීය චිත්‍රපට නිෂ්පාදකවරුන්ද කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව එම චිත්‍රපට ප්‍රදර්ශණයට ලබාදුන් බවයි.යම් යම් හේතු මත කැනඩාව තුළ පසුගිය කාලය පුරාවට මෙම චිත්‍රපට උළෙල නොපැවැත් වූ අතර මේ වන විට පස් වන වරටත් චිත්‍රපට උලෙළ පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.ලංකාවේ චිත්‍රපට කර්මාන්තය සම්බන්ධව අදහස් දක්වමින් චමින්ද මහතා සඳහන් කළේ ලංකාව තුළ නිර්මාණාත්මක සිනමා කෘති බිහි වුවද අවශ්‍ය වන්නේ ප්‍රේක්ෂක ඉල්ලීමට සරිලන සිනමා නිර්මාණ බවත් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවය වන්නේ නිර්මාණාත්මක බව ට වඩා විනෝදාත්මක සිනමා කෘති බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි. එවැනි නිර්මාණවලට ඉහළ ඉල්ලුමක් ඇති බවත් අන්තර් ජාතික අන්තර්ජාතික ඇගයීම්වලට පත්වන නිර්මාණාත්මක නිර්මාණ පමණක් බිහි වීමෙන් ලාංකීය චිත්‍රපට කර්මාන්තය බිඳ වැටීමට හේතුවක් වී ඇති බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.විනෝදාත්මක චිත්‍රපට නිර්මාණකරණය සඳහා කටයුතු කිරීමෙන් ලංකාවේ චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීමට අවකාශය සැලැස් වන බවද ඔහු සඳහන් කරයි.ලාංකීය චිත්‍රපට කර්මාන්තය තුළ හොඳ නිෂ්පාදකවරුන් බිහිවීමේ අඩුවක් ඇති බවත් නිෂ්පාදකවරයෙකුගේ කාර්යය වන්නේ අවශ්‍යතාවය තෝරාගෙන ඒ වෙනුවෙන් නව නිෂ්පාදන කිරීමට කටයුතු කිරීම බවත් සඳහන් කරන චමින්ද මහතා වර්තමාන චිත්‍රපට නිෂ්පාදකවරුන් මුදල් යෙදවීම පමණක් සිදුකරන බවත් සඳහන් කරයි. ඉන් ඔබ්බට ගොස් ඉල්ලීමට සරිලන නිෂ්පාදන කිරීමට නිෂ්පාදකවරු කටයුතු කිරීමේ කිරීමේ අවශ්‍යතාවය ලාංකීය සිනමාව තුළ ඇති බව ඔහු පෙන්වා දෙයි.ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණවල ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවන්නේ ගීත ඇතුළත් වන විනෝදාත්මක චිත්‍රපට බවත් සංගීතය හා ලාංකික ප්‍රේක්ෂකයා අතර ඇති දැඩි සම්බන්ධතාවයක් ඇති බවත් චිත්‍රපටයක් සාර්ථක වීමට සංගීතය ගීතය බලපෑම් කර ඇති බවත් චමින්ද මහතා තවදුරටත් සඳහන් කරයි. ඊට අමතරව හොඳ තිර පිටපතක් ,හොඳ කතා තේමාවක් සහිත චිත්‍රපට නිර්මාණය බිහි බිහි වීමද ඉතා වැදගත් බව ඔහු සඳහන් කරයි .චමින්ද  මහතාගේ සිනමා දිවියේ මතකයන් පිළිබඳව ආවර්ජනය කරමින් ඉතා ජනප්‍රිය සිනමා නිර්මාණයක් වූ සිනහව අතරින් චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳ මතකය අවදි කරමින් සඳහන් කළේ කැනඩාවේ ජීවත් වූ ශ්‍රී ලාංකීය තරුණියක්,ඇයගේ ස්වාමියා හා තවත් තරුණයෙක් අතර වූ තුන්කොන් ආදර කතාවක් මෙයට පදනම් වූ බවයි.මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ බවත් සනත් ගුණතිලකයන් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය මේ සඳහා රංගන දායකත්වය ලබා දුන් බවද සඳහන් කරයි.මෙහි තිර පිටපත් රචනය චමින්ද මහතා අතින් සිදු වුවද එයට සනත් ගුණතිලකයන් ගේ දායකත්වය ලැබුණු බව ද ඔහු සිහිපත් කරමින් ඒ පිළිබඳ වූ සොඳුරු මතකයන් අවදි කළා.අවසාන වශයෙන් ඔහු සඳහන් කර තවත් චිත්‍රපටයක් සඳහා තිර පිටපතක් රචනා කර අවසන් වී ඇති අතර ඉදිරි දිනක දේ නිෂ්පාදකවරයෙකු ගේ ආරාධනාව ලැබුණහොත් එය නිෂ්පාදනය කිරීමට තබා සූදානමින් සිටින බවයි. තම කලා දිවිය සොඳුරු මතකයන් පිළිබඳව මතකය අලුත් කරමින් චමින්ද පෙරේරා මහතා මෙලෙස සාකච්ඡාව අවසන් කළා

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos