Rupane Episode 235 – March 13 2021

13 March 2021 15461 Views

Rupane Episode 235 – March 13 2021
Online Video Magazine for Sri Lankan Community in Canada”

චමින්ද පෙරේරාගෙ නිර්මාණ ජීවිතය

චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, සිංහල ගීත නිෂ්පාදකවරයෙක්, මෙන්ම තිර පිටපත් රචකයෙක් ලෙස සිංහල සිනමාවට කලාවට විශිෂ්ඨ මෙහෙයක් ඉටුකළ චමින්ද පෙරේරා තම කලා දිවිය මතකයන් රූපණ සේ මෙලෙස සිහිපත් කළා.

මුලින්ම ගීත නිර්මාණ පිළිබඳව මතකය අවදි කරමින් කියා සිටියේ ක්ලැරන්ස්,  ඇනස්ලි වැනි සංගීතවේදීන් සමඟ ඉතා සුහදව කටයුතු කරන කාලයේ දී මොහිදීන් බෙග් මහතාගේ ගීත ඇතුළත් කැසට් පටයක් එළි දැක්වීමත් සමඟ ශ්‍රාවකයින් එම කැසට් පටය ඉතා ඉහළින් වැළඳගත් අතර එවකට සියළුදෙනාටම ලෙන්ගතු හඬක් ලෙස මතකයට එච්. ආර්. ජෝතිපාල මහතා සමඟ කැසට් පටයක් එළි දැක්වීමට කටයුතු කිරීමට තමාට ද අදහසක් ඇති වූ බවයි.ඒ පිළිබඳ ආචාර්ය අජන්තා රණසිංහයන් සමඟ සාකච්ඡා කොට ජෝතිපාල මහතා මුණ ගැසී ඒ සම්බන්ධව ඔහු සමග ද සාකච්ඡා කිරීමේදී ඔහු ඉතා කැමැත්තෙන් ඊට සම්බන්ධ වීමට තීරණය කළ බව චමින්ද මහතා සඳහන් කරයි.ඒ වෙනුවෙන් ගීත 12 ක් හෝ 14 තෝරාගත් අතර, සංගීතය වෙනුවෙන් ස්ටැන්ලි පීරිස් මහතා ප්‍රමුඛ fortune සංගීත කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට කටයුතු කළ බවද එතුමා සඳහන් කරයි.එම කැසට් පට ඒ හා රැඳි සොඳුරු මතකයන් රැසක් සිහිපත් කරමින් ඔහු සඳහන් කළේ මෙම කැසට් පටයෙ ගීත සියල්ලේම තනු නිර්මාණය සිදු කරන අවස්ථාවල ජෝතිපාල මහතා ඊට සහභාගි සහභාගී වූ අතර කැසට් පටයක් ප්‍රචාරය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ප්‍රථම ගීත ඛණ්ඩය(ජිංගල්) මෙම කැසට් පටය වෙනුවෙන් නිර්මාණය කෙරුණු බවයි.

මෙම සිරියමෙ සාරා කැසට් පටය ඉතා ඉක්මනින් ශ්‍රාවකයින් අතර එක් වූ බවද මෙයට විශේෂම හේතුව වූයේ එහි අඩංගු ගීත ඒ වන විටත් ශ්‍රාවකයින් අතර ඉතා ජනප්‍රය වීම නිසා බවත් ඔහු සඳහන් කරයි.කැසට් පට හා හරහා එම ජනප්‍රිය ගීත නැවත නැවත ඇසීමට අවස්ථාව කැසට්පටය මගින් ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.පසුව නිතර නිතර මිතුරන් ලෙස ජෝතිපාල මහතා  මුණගැසුනු අවස්ථාවල ඇති වූ අදහසක් ලෙස සංගීත ප්‍රසංගයක් ජෝති රාත්‍රිය නමින් කිරීමට යෝජනාවක් චමින්ද මහතා ඉදිරිපත් කළ අතර පසුව ඒ අදහසම විමලදාස පෙරේරා නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද ඉදිරිපත් කිරීම නිසා ඔහු සමඟ එම ප්‍රසංගය කිරීමට අවස්ථාව සැලසූ බව ද එම ප්‍රසංගය සඳහා චමින්ද මහතා යෙදු නම යොදා ගැනීමට තමා කැමැත්ත පළ කර බව ද ඔහු සඳහන් කරයි.මෙම සංගීත ප්‍රසංගය ද ඉතා ජනප්‍රිය වූ බවත් ඔහු කියා සිටී.

චිත්‍රපට ක්ෂේත්‍රයේ මතකයන් පිළිබඳ ආවර්ජනය කරමින් චමින්ද මහතා සඳහන් කළේ එවකට ලාංකීය චිත්‍රපට පමණක් නොව විදෙස් චිත්‍රපට සඳහා ද බෙහෙවින් ඇලුම් කළ කාලයකදී සිංහල චිත්‍රපට නිෂ්පාදනයට ආරාධනයක් ඔහුට ලැබුණු බවයි.ඒ අවස්ථාවේදී ඔහු සිත්තර පත්තරේ චිත්‍ර කතාවක් වන “සිතට වහල් වීමි” කතාව, චිත්‍රපටයක් හරහා ගෙන ඒමට තීරණය කළ බව ද ඔහුගේ මිතුරෙකු වූ චින්තන ජයසේන මහතාගේ යෝජනාවක් මත විජය ධර්ම ශ්‍රී නම් අධ්‍යක්ෂකවරයා සමග එය නිර්මාණය කිරීමට ද තීරණය කළ බව සඳහන් කරයි. මෙහි තිර පිටපත් රචනා කිරීම සඳහා කුමාරසිරි අභයකෝන් හා ගාමිණි ජයසිංහ යන තරුණ නිර්මාණකරුවන් දෙදෙනෙකු සම්බන්ධ කර ගැනීමට කටයුතු කළ අතර මේ ඔවුන්ගේ පළමු සිනමා අත්දැකීම වූ බවද බව ද සඳහන් කරයි.

මෙම චිත්‍රපටයේ කතා තේමාව හරහා චිත්‍රපටය පිළිබඳ පුළුල් අදහසක් ඔහුගේ සිතේ වූ බවත් ඒ වෙනුවෙන් නවක නළුවකු සම්බන්ධ කර ගැනීම ඔහුගේ සිතුවිල්ල වූ බවත් සඳහන් කරයි. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ විජය ධර්ම ධර්මශ්‍රී මහතා ඊට එකඟ නොවූයේ එවකට ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළු නිළියන් රැසක් සිටි බැවිනි නමුත් ඔහුගේ යෝජනාවක් මත ප්‍රධාන නිළිය ලෙස මාලනී ෆොන්සේකා මහත්මිය තෝරා ගැනීමට තමාද එකඟ වූ බව ඔහු සඳහන් කරයි. නවක නළුවකු තෝරා ගැනීම වෙනුවෙන් සහාය අධ්‍යක්ෂකවරයා වූ

 කර ඒ හරහා සුදර්ශි ශාලාවේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ බව චමින්ද මහතා සඳහන් කරයි.මෙම සම්මුඛ පරීක්ෂණ සදහා ධර්ම ධර්මශ්‍රී මහතා අකමැති වීම නිසා තම සහායට මාලනී මාලනී ෆොන්සේකා මහත්මියට ආරාධනා කළද ඇය එහි පැමිණෙන විට ද තමා සනත් ගුණතිලකයන් එම චරිතය සඳහා තෝරා ගත් බව සඳහන් කරයි. ඔහුගේ සිතෙහි මැවී තිබූ එම චරිතයට අදාළ ලක්ෂණ සියල්ලම සනත් ගුණතිලකයන් සතුවීම මෙම තෝරා ගැනීම පහසු කල බව ඔහු කියා සිටී.ලංකාවේ 471 ක් වන චිත්‍රපටය ලෙස “සිටු කුමරියෝ” චිත්‍රපටය එළි දැක්වීමට 1981 දී හැකි වූ බවත් මේ ධනවත් පවුලක සිටි ගැහැණු ළමුන් දෙදෙනෙක් අතර වූ කතාවක් වීම නිසා සිටු කුමරියෝ ලෙස නම් කිරීමට තීරණය කළ බවත් සඳහන් කරයි. මෙම වකවානුවේදී චිත්‍රපට එළිදැක්වීම සඳහා වූ පෝලිම් ක්‍රමය හේතුවෙන් සනත් ගුණතිලක නම් නවක නළුවා මුලින්ම ප්‍රේක්ෂකයාට හමුවන්නේ ගඟ අද්දර චිත්‍රපටය හරහා වුවද ඔහුගේ පළමු චිත්‍රපටය සිට කුමරියෝ බවද මෙම ක්‍රමය නිසා චිත්‍රපටය නිෂ්පාදනයට තිබූ ඇල්ම අඩු වීමට හේතු වූ බවද ඔහු සඳහන් කරයි .කාලීන මාතෘකා හරහා කරන්නාවූ නිර්මාණවල වටිනාකම එමඟින් අඩු වන බව ද ඔහුගේ මතය වේ .එවකට චිත්‍රපටය සඳහා සනත් ගුණතිලක මහතා සමග තිබූ ගිවිසුම් ප්‍රකාරව චමින්ද මහතාගේ අවසරයකින් තොරව වෙනත් චිත්‍රපටයක් සදහා සම්බන්ධ වීමට අවසර නොතිබුණද ඒ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් හරහා සනත් ගුණතිලක මහතාට රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබී තිබු බව ආරංචි වූ අතර  ඒ පිළිබඳව ඔහු අවසර ඉල්ලූ අවස්ථාවේද ගිවිසුම නොසලකා හැර ඒ වෙනුවෙන් තමා අවසර ලබාදුන් බව චමින්ද මහතා ඉතා නිරහංකාරව සඳහන් කරයි. අදටත් සනත් ගුණතිලකයන් කෘතඥ පූර්වකව මෙය සිහිපත් කරන බවද තවදුරටත් ඔහු කියා සිටී.

සිත්තර පත්තරේ පළවූ චිත්‍රකතා හරහා සින්දු නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයා වෙත නැවුම් රසයක් ගෙන යාමට කළ උත්සාහය පිළිබඳව සඳහන් කරමින් චමින්ද මහතා සඳහන් කළේ එවකට ඉහළ රසික ප්‍රතිචාරයක් පැවති මෙම චිත්‍ර කතා හොඳ ගීත නිර්මාණ හරහා තවදුරටත් ජනප්‍රිය කිරීමට “ශ්‍රවණ නවෝදනී” නම් කැසට් පටය නිර්මාණයට මුලපිරූ බවයි.මෙය ප්‍රථම ස්වතන්ත්‍ර ගී එකතුව බවත් බොහෝ ගීත සඳහා තනු නිර්මාණය ස්ටැන්ලි පීරිස් මහතා අතින් සිදු වූ බවත් ඔහු සඳහන් කරයි.සරත් දසනායක මහතා, ප්‍රේමසිරි කේමදාස මහතා ක්ලැරන්ස් විජේවර්ධන මහතා මෙන්ම මර්වින් පෙරේරා මහතා, වික්ටර් රත්නායක මහතා, මිල්ටන් මල්ලවආරච්චි මහතා,ප්‍රියා සූරියසේන මහතා, සුජාතා අත්තනායක මහත්මිය, විජය කුමාරතුංග මහතා, නිහල් නෙල්සන් මහතා, අබේවර්ධන බාලසූරිය මහතා ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා දායක වූ බව සඳහන් කරයි.මෙම කැසට් පටයේ දී මූලික කාර්යභාරය සිදු කළේ තම මිත්‍ර අජන්තා රණසිංහයන් බවද හෘදයාංගම චමින්ද පෙරේරා මහතා සිහිපත් කරයි. මෙම කැසට් පටයේ ඉතිං ඊට පස්සේ ගීතය ඉතා ඉහළින් නිර්මාණය කිරීමට තමාට අවශ්‍ය වූ බවද එහිදී ද එම ගීත ගායනයට ස්ටැන්ලි පීරිස් මහතාට මිල්ටන් මල්ලවාරච්චි මහතා ගේ හඬ යොදාගැනීමට අවශ්‍ය වුවද තමාගේ අවශ්‍යතාවය වූයේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ හඬින් මෙම ගීතය ගායනා කර ගැනීමට බව චමින්ද පෙරේරා මහතා සඳහන් කරයි. එලෙසම ඒ ගීතය ඉතා ජනප්‍රිය වූ බව ද තම නිර්මාණ ජීවිතය රසබර මතකයන් මෙලෙස ආවර්ජනය කරමින් සාකච්ඡාව අවසන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos