Rupane Episode 298 – June 04 2022

4 June 2022 401 Views

මව්බිම වෙනුවෙන් වෛද්‍යාධාර ලබා දිම පිලිබද විශේෂ වැඩසහන

Rupane Episode 298 – June 04 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ මැදිරියට ආරාධනා ලබන්නෙ විශේෂිත පුද්ගලයන් තිදෙනකු ය.එනම් ගෞරවනීයව ආරාධනා කරන්නෙ වෛද්‍ය අන්වර් මහතා, ටොරොන්ටොවෙ නව කොන්සල් ජෙනරාල් ලෙස පත් ව ආ තුෂාර රුද්‍රිගු මහතා, රාජකිය පන්ඩිත ශාස්ත්‍රපති ආචාර්ය සරණපාල ස්වාමීන් වහන්සේය.මෙතුමන් හා සම්බන්ධ කර ගැනීමට හේතු වූයේ ලංකාවේ පවතින කාලින අර්බුද හේතුවෙනි .
අප මෙතුමන් මෙම අර්බුදයට ගෙන ඇති ගෙන ඇති පියවරයන් පිළිබඳව විමසා බලමු. අන්වර් මහතා පවසන්නෙ මෙම ප්‍රශ්නය අතිතයෙ සිට අඩු වැඩි වශයෙන් පැවති ප්‍රශ්නයක් බවයි. ලොව පුරා පවතින විවිධ සංවිධාන විදේශිකයන් ලංකාවෙ පවතින අර්බුදය හෙතුවෙන් මුදල්, ඖෂධ මිලදි ගෙන ලංකාවට එවන බවයි. මෙම ගැටළුව පිළිබඳව දැනගත් මොහොතේ සිට විවිධ සංවිධාන පුද්ගලයන් මේ ගැටලුවලට කඩිනමින් සම්බන්ධ වන බව පවසා සිටියා.නමුත් ඒ් නිසි ලෙස ලැබෙනවා ද යන්න ප්රශ්නයකි. එම නිසා එම ඖෂධ මුදල් කෙසේද යවන්නේ යන ඒ වැඩපිළිවෙළ පිළිබඳව රූප සටහනකින් එතුමන් අපිට විස්තර කර දුන්නා(එම රූප සටහන ලිපියට පහතින් දක්වා ඇත). කිසියම් ගැටලුවක් මතු වුවහොත් සම්බන්ධ කර ගැනිම සදහා ඔහු mail ලිපිනය සහ දුරකථන අංකය ද සදහන් කර සිටියා.
moh.covid.coordinator@gmail.com /+9477 30 79 525


අප තුෂාර මහතාගෙන් විමසා සිටියේ කැනඩාවේ ලංකා තානාපති කාර්යාලය මෙම අර්බුදය සඳහා ගෙන ඇති වැඩ පිළිවෙල පිළිබඳවයි.ඔහු පවසා සිටියේ විවිධ මාධ්‍යවලින් දැනගත් පසුව ඉන්දියාවෙන් ඖෂධ මිලදී ‌‌‌ගෙන යැවු බවයි.ලංකා‌වේ සිටින විවිධ සංවිධාන වල සමාජිකයන් මෙම අර්බුදයට උදව් ඉල්ලා සිටින බව පවසනවා.අප CBC මාධ්‍ය සහභාගී කර ගනිමින් දැනුවත් කිරීමෙන් පසුව විවිධ පුද්ගලයින් තමන්ගෙ කැමැත්ත පරිදි සහයෝගය දැක්වීමට කටයුතු කරා අනෙකුත් ලබාගතහැකි ස්ථාන වලට දැනුම් දීමත් සමග ඒවායෙන් ද සහාය ලබා ගැනීමට හැකිවුණා. මෙම වැඩසටහන සදහා සහය ලබා දීමට කැමති පුද්ගලයන් හට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා thushara.rodrigo@mfa.gov.lk විද්‍යුත් ලිපිනය හරහා එතුමන්ව සම්බන්ධ කර ගත හැකි බව පැවසුවා.

අප ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියේ මෙම අර්බුදයට දක්වන සහයෝගය පිළිබඳවයි.උන්වහන්සේ පවසා සිටියේ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ඉල්ලීම්වලට උපරිම සහයෝගය දක්වන බවත් දැනටමත් ලංකාවේ රෝහල්වලට අවශ්‍ය පරිදි බෙහෙත් යවා ඇති බවයි. ශ්‍රී ලංකාවේ විවිධ සමිති මගින් උන්වහන්සේට දැනුවත් කිරීම ඔස්සේ, ඒවාට අවශ්‍ය ලෙස උපකාර කරන බව පවසා සිටියා.
ඔවුන්ට හැකි අයුරෙන් විශ්වාසනීය පරිදි ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සහයෝගය උපරිමයෙන් දක්වන බව සඳහන් කර සිටිය. තමන්ට අවශ්‍ය ඖෂධ  වර්ග දැනුම් දෙන ලෙස උන්වහන්සේද සඳහන්  කරා. උන්වහන්සේද සම්බන්ධ කර ගනිමින් තමන්ට අවශ්‍ය ආකාරයට උපකාර කිරීමට ඔනෑම කෙනෙකු‌ට හැකි බව ද සඳහන් කර සිටියා.

මෙම අර්බුදකාරි අවස්ථාවේ මෙවැනි පුද්ගලයන් මැදිහත් විමෙන් මෙම කරන සේවය ඉතා අගය කොට සැලකිය යුතු වේ. ලංකාවේ සිටින අප සහෝදර සහෝදරියන්ට අවශ්‍ය බෙහෙත් පිළිබඳව ඔවුන් සම්බන්ධ කරගනිමින් ඔවුන් දැනුවත් කිරීමෙන් තමන්ට අවැසි උපකාරයන් ලබා දීම අප සැමගේ යුතුකමක් යැයි රූපණ අපගේ එකම සිතුවිල්ලයි.ඉතිං රූපණ අප සෑම විටම අපේකම වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම වගකීමක් කොට සලකනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos