Rupane Episode 299 – June 11 2022

11 June 2022 563 Views

ජනකවි ඇසුරින් නිර්මාණය වු සිංහල ගීත…

– දෙවන කොටස –


Rupane Episode 299 – June 11 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

රූපණ නොමැකෙන ගී රස – ජන කවි ඇසුරින් නිර්මාණය වූ සිංහල ගීත පිළිබද සංවාදයේ යෙදීමට රූපණ මැදිරියට අප හා එක්වූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත මහතාගෙන් ප්‍රේමය, විරහව, පිළිබඳව ජනකවියා විවරණය කර ඇති ආකාරය පිළිබඳව අප පලමු වැඩසටහනේදී කතිකා කල අතර අද එම සංවාදයේ ඉතිරි කොටස අද ‌මෙම කතිකාව තුලින් ගෙන එන්නෙමු.

එතුමා පවසා සිටියේ මිනිසුන්ගේ හැඟීම් ප්‍රකාශයට පත් කිරිමට ජනකවි ගායනා කරන බවයි. මෙමඟින් ගොඩ නැගෙන්නෙ කරුණා රසයයි.මේ පිළිබඳව සමාජයේ අධ්‍යයනයක් කළහොත් විරහව නිසා වන සියදිවි හානිකර ගැනීම් වැනි දෑ නොතිබූ බවයි. ජන සම්ප්‍රදාය සමග විරහව දරා ගැනීමට කොහොමද හුරු වූයේ යන්න මේ ගී ඇසුරින්
මගෙ හඳ මඩල මල් යහනකි ප්‍රභාවතී – ඔබෙ හඳ මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී – මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී

සිනා සි සී දෝතින් යහන සැදූ ලියේ – මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලියේ
මටම නොවෙයි කටත් පෙම් බැන්ද ලියේ – මදෙස බල බලා නාඩන් කුමාරියේ…

මගෙ හඳ මඩල මල් යහනකි ප්‍රභාවතී – ඔබෙ හඳ මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී – මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

දුෂ්කර රැකියාවල නිරත වුණ මිනිසුන් ඔවුන්ගේ කාන්සිය පාලුව නිවා ගැනීම සඳහා ජනකවිය භාවිතා කරා. ඒ පිළිබඳව අපි විමසා බලමු.
ගීයට පාදක වූ ආකාරය කාන්සිය පාළුව දුරු කරගැනීම සඳහා ජනකවි ගායනා කරා යැයි ජනවාදයේ පැමිණියාට ඊටත් වඩා එමගින් බලාපොරොත්තු වූයේ තමන්ට පැමිණෙන කරදර බාධක වලින් මග හැර ඉන්න. පැල් රැකිමේදී මහන්සිය පාලූව දැනුනද ගායනා කළේ වගාවන් සදහා පැමිණෙන සතුන් පලවා හැරීම හැරීමටත් කරත්ත කවි ගායනා කිරීමෙන් බලාපොරොත්තු වූයේ වන මැදින් ගමන් කිරීමේදී සතුන් සිවුපාවුන්ගෙන් විය හැකි කරදර මඟහරවා ගැනීමය.අපේ එදිනෙදා වැඩ වලදී විය හැකිය කරදර වලින් මගහැරීමට ජන කවි ගායනා කර ඇත. එසේ ජීවිත අත්දැකීම් ඔස්සේ ගීතය නිර්මාණය වී ඇත. ජන කවියෙන් නිර්මාණය වූ ගීත කලාවක් ඇත.

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
දිය පල්ලේ තිබෙයි අල
දෙයියන්ගේ පිහිටයි ….
සසද සසද දිය මතුපිට තිබෙයි කොළ
දිය මතුපිට තිබෙයි කොළ
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා……

මෝරන කැකුළු මල
හා..හෝ.
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
තදෙන තනා
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා……
සසඳ සසඳ අපි මහ පාරේ යනවා ……

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා……
සසඳ සසඳ අපි මහ පාරේ යනවා ……

භාෂාවෙන් විවිධත්වය පිළිබඳ විමසා බැලීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහු හත් කෝරළයේ ජනවහර පෝෂණය වූ නිසා ප්‍රදේශවල භාෂාවේ විවිධත්වය හොඳින් හඳුනා ගැනීමට හැකි බවත් අපේ පැරණි ගායකයන්ගේ ගීත එකතුවක් ගත හොත් ඒවායේ භාෂාවන් විවිධ බවය. මාත්‍රාව නිසි ලෙස භාවිතා කරමින් අධි මාත්‍රාත් නොවි අඩුත් නොවි නිසි ලෙස භාවිතා කරමින් එතුමාගේ ඒ ප්‍රකාශය සනාත කරමින් සියනෑ කෝරළය සතර කෝරළය සත් කෝරළය දකුණු පළාතේ එකතු වූ ගීත කිහිපයක උදාහරණ බලමූ.

හාද වෙලා යමං පනේ සිරිසැප දෙංඤයි
උඹට රේන්ද රෙදී පටකමිබා අඳින්න දෙංඤයි
හාද වෙලා යමං පනේ සිරිසැප දෙංඤයි
උඹට රේන්ද රෙදී පටකමිබා අඳින්න දෙංඤයි

ගාලු දුවන්ඤයි මම කොළඹ දුවන්ඤයි
උඹට වැලි හකුරුයි හබලපෙතියි

ගෙනල්ලා දෙංඤයි
ගාලු දුවන්ඤයි මම කොළඹ දුවන්ඤයි
උඹට වැලි හකුරුයි හබලපෙතියි
ගෙනල්ලා දෙංඤයි
හාද වෙලා යමං පනේ සිරිසැප දෙංඤයි
උඹට රේන්ද රෙදී පටකමිබා අඳින්න දෙංඤයි
හාද වෙලා යමං පනේ සිරිසැප දෙංඤයි
උඹට රේන්ද රෙදී පටකමිබා අඳින්න දෙංඤයි

ගාල්ලට යංඤයි මම කොළඹ දුවන්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපොටක්

ගෙනල්ලා දෙංඤයි
ගාල්ලට යංඤයි මම කොළඹ දුවන්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපොටක්
ගෙනල්ලා දෙංඤයි
හාද වෙලා යමං පනේ සිරිසැප දෙංඤයි
උඹට රේන්ද රෙදී පටකමිබා අඳින්න දෙංඤයි
හාද වෙලා යමං පනේ සිරිසැප දෙංඤයි
උඹට රේන්ද රෙදී පටකමිබා අඳින්න දෙංඤයි

නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //

නුඹ කෙඩෙත්තුවෙන් අද පයින්ම ඇයි මයෙ තිරික්කලෙන් යමු නඟේ //
ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද

ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද
පැහිච්චි කම් ඇයි හිතේ //

නුඹේ….
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //

නෙක උඩැක්කි තාලෙට නටන්නෙ ඇයි මයෙ කඩිප්පු කුට්ටම වැයේ //
දෙතොත් බහක් මට නැටිච්චියක් වග

දෙතොත් බහක් මට නැටිච්චියක් වග
ගනිච්චියක් නැහැ නඟේ //

නුඹේ….
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //

වෙස්සන්තර දා කව යශෝධරා වත ඇසුරින් ජන කවි ජනකවියදරාවත ඇසුරින් ජනකවියා අපිට හැරීම පිළිබඳව ගීත කලාවට බලපෑ ආකාරය විමසා බලමු.

යශෝදරාවත ලියා ඇත්තේ තරුණ කිවිඳියක් වන උඩපල නුවර රජ්ජුරුවන්ගේ දෙටු දියණිය විසිනි. අත් හැරිමෙ වේදනාව කෙසේද යන්න මෙහි සදහන් වේ. නූතන ගායකයන් සංස්කෘතික විවහාරය කිසිම අවබෝධයකින් තොරව කිසියම් හෝ මාලාවක් සැකසීමේන් ගීත ගායනා කරයි. එවායේ කිසිදු රසයක් නොමැත. අතීතයේ ගී නිර්මාණයේදී සමාජ චින්තනය පිළිබඳව සමාජය විවරනය පිළිබඳව හොද අවබෝධයකින් කටයුතු කර ඇත ඒ නිසා අත් හැරිම අමුතු දෙයක් නොවේ. සරල උදාහරණයක් ලෙස,
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

ජන ගීයෙන් ජන ක්‍රිඩා හා ලමා ගී ද ප්‍රති නිර්මාණයට හේතු වී ඇත. ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයක් වී නොමැති බවයි ඔහූ පවසා සිටියේ.

චක් ගුඩු ගුඩු (චක් ගුඩු ගුඩු)
චක් ගුඩු ගුඩු(චක් ගුඩු ගුඩු)
චක් ගුඩු ගුඩු(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු

චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

(කොල්ලො කොල්ලො එකට ඉඳල)
දෙන්න දෙන්න දෙකට බෙදිල …//

උච්චි උච්චි
(තෝල් තෝල්) …//

ඉර ද?
හඳ ද?

(ඉර …)
යාළු යාළු දෙකට බෙදිල සටනට සැරසෙයි
නායකයා පොඩි එකාම සටනට පොළඹයි
බඳ හොළවයි
දණ නටවයි
ඉර පැන දඟලයි
ඔහු වැටුණොත් බැට දෙන්නට මුළ පිල පොරකයි……….

මේ ආකාරයෙන් අපට ජන ගී ආශ්‍රයෙන් ප්‍රතිනිර්මානය වූ විවිධාකාර නිර්මාණ රස විදිය හැකි බව එතුමා පෙන්වා දුන්නා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos