Rupane Episode 308 – August 13 2022

13 August 2022 782 Views

නුවන්ධිකා සේනාරත්න අද රුපණ සමග
Rupane Episode 308 – August 13 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

ටොරොන්ටෝවේන් නැගෙන අපේ හඬ රූපණ මැදිරියට අද අප හා එකතුවන්නෙ
නුවන්ධිකා සේනාරත්න තාරකාවිය යි.

අප මුලින්ම ඇයගෙන් විමසා සිටියේ සංගීතය කරා යොමු වූයේ කෙසේද යන්නයි ඇය පවසා සිටියේ සිය පවුලෙන් ලැබුණු සහයෝගයෙන් මේ අවස්ථාව උදා වූ බවයි. නාරම්මල ගම්මානයෙන් පාසලෙන් පටන් ගෙන ඩ්‍රිම්ස්ටාර් සීසන් 09 තරගය ඔස්සේ මේ ස්ථානයට පැමිණී බවය.

ඇයත් සමග ඩ්‍රිම්ස්ටාර් තරගය පිළිබඳව සාකච්ඡා කිරිමේදී ඇය පවසා සිටියේ එම කාලය ඉතා හොඳින්ම ගෙවුණු ලස්සන කාලයක් බවයි එහි හමුවූ සියල්ල එකිනෙකා සහයොගය දක්වමින් කටයුතු කල බවයි.

ඇය එම රියැලිටි තරගයෙන් ජය ගැනිමට පෙර සිටම ඇයගෙ සිංදු විවිධ ටෙලි නාට්‍ය ගීත, චිත්‍රපටි පසුබිම් ගීත, වලට දායකත්වය දක්වමින් මෙම ගමණ පැමිණී බවයි.

තම සංගීත ගමනේදී මෙන්ම විශ්වවිද්‍යාලයීය කටයුතු සදහා මග පාදා දීමට චන්ද්‍ර පත්ම සර් බොහො සේ උදව් කල බව ඇය පවසා සිටියා.

අනතුරුව අප ඇයගෙ මිහිරි හඬින් චාමර වීරසිංහ සොහොයුරා ගේ ඔය සුසුම් පවන් ගීතයට සවන් යොමූ කළාය.

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් තැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මටද හිමී…


තවත් රසවත් ගීතයක් වූ නාන්දා මාලනීයන්ගෙ දේදුනු පායා පාට වැටෙනවා ජීවන අහස් තලෙ සිංදුවද රස වින්දේය.

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ…


සත්පතිනි චිත්‍රපටියේ පසුබිම් ගායනය ඇයගේ පළමුවන අවස්ථාව වන බව ඇය අප සමග පවසා සිටියා. එසේ බොහොමයක් තේමා පසුබිම් ගීත වලට දායකත්වය දැක් වූ බව සදහන් කර අතර මේ දින වල සිංහබාහු චිත්‍රපටිය සදහා ඇය දායකත්වය දක්වන බව සදහන් කළාය.

අනතුරුව අප ඇයගෙ හඬින් තුහිරේ හින්දි ගීතය සදහා සවන් යොමූ කළේය.
….

ඇයගේ නිර්මාණයක් වූ පද රචකයන් වාදකයන්ගෙ රසවත් සංගීතය මුසු වූ නිර්මාණයක් වූ එපා නුබ සදවන්න ගීතය රස වින්දෙමූ
….
ඇය පවසා සිටියේ ඇයගේ නිර්මාණ යූ ටියුබ්, පේජ් එක හරහා රස විඳිය හැකි බවයි.
නැවතත් සුපුන් පෙරේරාගෙ ප්‍රාතිහාරී ගීතය රස වින්දෙමූ.

වැඩසටහන නිමාවේ දී අප ස්තූති කර සිටියා නුවන්ධිකා සම්බන්ධ කරගැනිමට දායක වූ මහාචාර්ය උදය මහතා හට. නුවන්ධිකා උදය හා දිල්රුක්ෂි දෙපලට ද ඇයව මේ හා සම්බන්ධ කරගැනිමට ස්තුතිය ප්‍රකාශ කල අතර ඉදිරියේ දී කැනඩාව තුල පැවැත්විමට නියමිත සංගීත ප්‍රදර්ශන සදහා ආරධනා කර සිටියා ය. එසෙ වැඩසටහන නිමාවට පත්විය අලුත් සංචාරයක් සමග නැවත මුණ ගැසෙමූ.
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos