Rupane Episode 307 – August 06 2022

6 August 2022 587 Views

සුමියුරු ගී නද.. අද සමන්ත වික්‍රමගේ සමග
Rupane Episode 307 – August 06 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රුපණ තුලින් අප හා එකතුවන්නෙ ඉඩොරයෙන් පසු හමන ස්වර වැස්ස සමන්ත වික්‍රමගේ සංගීත ශිල්පීයා සමඟයි.

ප්‍රථමයෙන් පායා ඇයි හිනැහෙන්නෙ එච්. ආර්. ජොතිපාල මහතාගේ රසවත් සිංදුවට සමන්තගෙ හඩ්න් රස විදිමූ.

පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ…

සමන්ත වික්‍රමගේ කැනඩාවේ සංගීත කලාව තුල පුනරාගමනය පිළිබඳව සාකච්ඡා කිරිමේ දී ඔහුගේ මතකය ඈතට දිව ගියා.ඔහු අප සමග පැවසුවේ තම බිරිදට සිංහල බෙහෙත් අවශ්‍ය වූ අවස්ථාවක දී යාහලුවකුගෙ නිවසට ගොස් සිටිමොහතක දී යහලුවාගේ මව තමන්ව හඳුනා ගැනිමෙන් ඔවුන්ගෙ සංගීත කණ්ඩායමට සම්බන්ධ වී ඒ හරහා කැනඩාවේ සංගීතයට සම්බන්ධ වූ බව පවසා සිටියා.

ඔහු වර්තමානයේ කැනඩාවේ බොහොමයක් වූ සංගීත උත්සව, සාද වලට, ප්‍රිය සම්භාෂන වලට, සංගීත සපයන ජනප්‍රිය තරුවක් වී ඇත.

මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ වීදි කොනෙ සිංදුව සමන්තගෙ හඬින් රස විදිමූ.

වීදී කොනේ මාවත අද්දර
හඩනා කිරි දරුවෝ
කවදා හෝ නුබ වියපත් වූ දා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා…

ඔහුගෙන් විමසා සිටිමෙ දී ඔහු පවසා සිටියේ බොහොa ලෙස ගායනා කිරිමට කැමති මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ සිංදු බවයි.ඔහුගෙ පවුල් පසුබිම පිළිබඳව විමසා සිටිමේදී පුතාලා දෙදෙනෙකු බිරිද සමග මෙහි ජිවත් වෙන බව පවසා සිටියා.

නැවතත් සේනක බටගොඩ මහතාගේ සිහින මවන්නැති අහස උසට සිංදුව සමන්ත ගෙ හඬින් රස විදිමූ.

සිහින මවන්නැති අහස උසට තනියම
ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර….

අපගේ රුපණ සුමියුරු ගී නද වැඩසටහන පිළිබඳව ඔහුගෙ අදහස් විමසා සිටිමේ දී ඔහු පවසා සිටියේ විවේකයකින් තොරව කරගෙන යන වැඩ අතර මෙලෙස සහභාගී වී සිත් සැහැල්ලු කර ගැනිමට හොද අවස්ථාවක් බවය.

තවත් සමන්ත ගෙ රසවත් සිංදුවක් රස විඳිමින් වැඩසටහනෙ නිමාව සනිටුහන් විය.
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා …

අප හා මෙලෙස රුපණ මැදිරියට පැමිණීමට අවස්ථාවක් ලබා ගැනිමට අවශ්‍ය නම් අප හට e mail පණිවිඩයක් යොමු කරන්න. Info@rupana.ca

සුබ දවසක්…!

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos