Rupane Episode 306 – July 30 2022

30 July 2022 477 Views

අපේ රස ඉදිරියට ගෙන යන “ලුනු මිරිස්”
Rupane Episode 306 – July 30 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ තුළින් අප හා එකතුවන්නෙ ලංකාවේ ප්‍රධාන ආහාර වේලක ප්‍රධාන සංයෝගය වන ලුණු මිරිස් දෙහි මූලික කරගෙන නව සංකල්පයකින් කැනඩාව තුල ව්‍යාපාරයක් ආරම්භ කිරිමට ක්‍රියා කල මෙම ව්‍යාපාරයේ කළමනාකාර තුමිය වන චෙෆ් සුමුදු සමග ය.
ඇයගෙන් මෙවැනි නමක් ව්‍යාපාරය සදහා නම් කිරිමට හෙතුව විමසිමේ දී පවසා සිටියේ ලුණු මිරිස් දෙහි අපේ ආහාර වේලක ප්‍රධාන අමුද්‍රව්‍ය නිසා ඒසේ නම තැබිම ඇයගෙ සැමියා කටයුතු කල බවයි. මෙම ව්‍යාපාරය මගින් ඔවුන් බලාපොරොත්තු වන්නෙ විදේශිකයන් අතර ලාංකීය ආහාර ප්‍රචලිත කිරිමයි.


මෙම ව්‍යාපාරය ඉතිහාසය ගැන කතා කිරිමේදි ඇය පවසා සිටියේ අවු. 8 සිට ආහාර පිසීම සදහා පුහුණු වූ බවත් ඇයගෙ මවගෙන් ඒ සදහා සහාය ලැබු බවත්ය. තවද ඇය හොටෙල් හි සේවය කල බවත් ප්‍රංශ ආහාර පිළිබඳව ඉගෙන ගෙන ඒ හා මිශ්‍ර කරමින් මෙම සංකල්පය ක්‍රියාත්මක කිරිමට යොමු වූ බවත් ය.

ලංකාවට වඩා විදේශිකයන්ට මෙම දේශිය ආහාර ලබාදීමේදී එම ආහාර වල කුළුබඩු පිළිබඳව සැළකිලිමත් විය යුතුය. එ පිළිබඳව විමසීමේ දී පවසා සිටියේ පාරිභෝගිකයා ඒ පිළිබඳව දැනුවත් කර ඔවුනට අවශ්‍ය පරිදි රස අනුව ආහාර සපයන බවි.

ඇය ආහාර සැපයීම දී විශේෂිත වූ ආකාරයකට ආකර්ශනීය ලෙස ගුණවත් ලෙස එය සැපයීමට කටයුතු කරන බව පවසා සිටියා.
කැනඩාව තුල ගන්නා ඕනෑම සිංහල චාරිත්‍ර උත්සව සදහා චෙෆ් සුමුදු සම්බන්ධ කරගැනීමෙන් අවශ්‍ය ආහාර ලබා ගැනිමේ හැකියාව ඇත.
අනතුරුව ඇය ඇයගෙ කුස්සියෙහි ආහාර සකස් කරගන්නා ආකාරය හා පිළිගන්වන ආකාරය ගැන අත්දැකිමක් අපට ලබා දුන්නා.

ඇයව සම්බන්ධ කරගැනිම සදහා
Face Book page “lunumiris”
Contac Num : 647868345
Instagram page “lunumiris canada “

අප තවත් මෙවැනි අලුත් ව්‍යවසායකයකු සමග නැවත මුණගැසෙමූ
සුබ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos