Rupane Episode 305 – July 23 2022

23 July 2022 496 Views

“ලක්වොයිස්” වැන්කුවර් සිට ගෙන එන ශ්‍රි ලාංකීක රේඩියෝ වැඩසටහන.

Rupane Episode 305 – July 23 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

ටොරොන්ටෝවේ නැගෙන අපේ හඬ. අද රූපණ මැදිරිය මගින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ටොරොන්ටෝවේ සිට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගෙන එන ලක්වොයිස් ලාංකික රේඩියෝ වැඩසටහන පිළිබඳව ය.

ඒ සඳහා අප සමග සම්බන්ධ වන්නේ මෙම රේඩියෝ වැඩසටහන ප්‍රධාන මෙහෙයුම ඉදිරිපත් කරන්නා වන දයා කරුවිට මහතා සමගය.
ප්‍රථමයෙන් ඔහුගෙන් විමසා සිටියේ මෙසේ මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට ආරම්භය වූයෙ කෙසේද යන්නය.

ඔහු පවසා සිටියේ මෙහි ලංකාවේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන “කැනඩා ශිෂ්‍යත්ව පදනම” ආයතනය මගින් බවය. මෙම සංවිධානය මගින් සංවිධානය කරනු ලබන ලැබූ ගුවන් විදුලි වැඩසටහනක් ඔස්සේ මෙහි ආරම්භය සනිටුහන් විය. එය 2020 සැප්තැම්බර් මාසයේ දී ප්‍රථම ලක් වොයිස් වැඩසටහන ඉදිරිපත් කර ඇත.

අප විමසා සිටියේ ඔහුගෙන් මෙසේ වැඩසටහනක් කිරීමට කැමැත්තක් ඇති වූයේ කෙසේද යන්න ය.

විශ්වවිද්‍යාලය කාලයේ දී සිට අර්ධකාලීනව විවිධ මාධ්‍ය හා සම්බන්ධ වෙමින් මෙසේ වැඩසටහන ඉදිරිපත් කළ බව වැන්කූර් වලට පැමිණීමෙන් පසු මෙහි දී ලංකාව සම්බන්ධ වැඩසටහන් වල දී නිවේදන කටයුතු සඳහා සහභාගිත්වය සිදු කළ බවත් මේ ඔස්සේ මෙසේ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට මග පෑදුන බවත් ය.

මෙහි සිටින ශ්‍රී ලාංකික ජනතාවගෙන් මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා ලැබෙන සහයෝගය කෙසේද
ප්‍රථමයෙන්ම මෙහි තිබෙන ශ්‍රී ලාංකික සංවිධානවලට මෙම වැඩසටහන පිළිබඳව දැනුම් දීමක් සිදු කළේය. එමගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ගෙන යාම සඳහා සහයෝගය ලැබෙනවා සේම විවිධ සම්පත් දායකයන් මෙම වැඩසටහන සඳහා සහභාගී කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යාම සිදු කර කරන බවයි ඔහු පවසා සිටියේ.

මෙම වැඩසටහන පිළිබඳව වැන්කූවර් වල සිටින සවන් දෙන්නන් ගෙන් ලැබෙන ප්‍රතිචාර කෙසේද
මෙම වැඩසටහන යූටියුබ් හා එෆ්බී පේජ් එක හරහා ද යොමු කරන නිසා එමගින් ලැබෙන අදහස් මගින් වැඩසටහන සකසමින් කරගෙන යන බවයි ඔහු සඳහන් කර සිටියේ.

වර්තමානයේ කැනඩාවට පැමිණෙන ලාංකික පිරිස ඉහළ ගොස් ඇත මේ සමග ඔබගේ වැඩසටහන වන ලක් voice වැඩ සටහන වඩා තවත් වර්ධනය කර ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ කෙසේද
හැකි සෑම සංවිධානයකටත් ආයතනයකත් මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් හා මෙම වැඩසටහන පිළිබඳව ප්‍රියතාවයක් දක්වන සිංහල සවන් දෙන්නන් හැර අනෙක් ජාතීන් වෙනුවෙන් වෙනත් භාෂාවලින් වැඩසටහන් ඉදිරිපත් කිරීමට කටයුතු ද සිදු කරනවා.

මෙහි ඇති විහාරස්ථාන වලින් ලැබෙන සහයෝගයත් සමග මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට වන සූදානම කෙසේද

වැඩසටහන ඉදිරිපත් කිරීමට පෙර ස්වාමින්වහන්සේලාගෙන් හා කැනඩා ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව ආයතනයේ සිසිර හේවා බන්දුල මහතාගෙන් ද මෙම වැඩසටහන කෙසේද සිදු කළ යුත්තේ යන්න විමසා සිටින බවයි.
වැන්කූවර් සඳහා අලුතින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍යතාවයක් වේ නම් කෙසේද ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි වන්නේ
පහසුවෙන් voice canada යන ෆේස්බුක් පේජ් හරහා Comment කිරිමෙන් සම්බන්ධ විය හැකිය. තවද අප වැඩසටහනෙහි lakvoice.canada@gmail.com මේල් ලිපිනය හරහා ද සම්බන්ධ විය හැකිය.

ලොවට හඬක් නගන්නට අදහසක් දක්වන පුද්ගලයන්ට මෙම අප රුපණ වැඩසටහන කෙසේද දායකත්වය යන්න පිළිබඳ ඔහුගේ අදහස අප විමසා සිටියා.

රූපණ මඟින් ඉතා විශාල කාර්යභාරයක් සිදු කරනවා. කැනඩාව තුළ සිටින ශ්‍රී ලාංකික පිරිස සඳහා මෙම රුපණ වැඩසටහන අතිවිශාල සහයෝගයක් දක්වනවා.විවිධ ස්ථානවල විසිරී සිටින සංවිධාන සියල්ල එක ස්ථානයකට මුහු කිරීම සඳහා මෙම රූපණ වැඩසටහන විශාල මෙහෙයක් ඉටු කරනවා යන්න ඔහුගේ අදහස විය.
මෙසේ අද වැඩ සටහන නිමාවට පත්වෙනවා.
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos