Rupane Episode 304 – July 16 2022

16 July 2022 432 Views

ටොරොන්ටො මහාමෙවුනා අසපුවේ
උත්තම ශ්‍රි ධාතු වන්දනාව..
Rupane Episode 304 – July 16 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ තුළින් අප ගෙන එන්න බලාපොරොත්තු වන්නේ ටොරොන්ටෝ මහමෙව්නා අසපුව උත්තම ශ්‍රී ධාතු වන්දනා වැඩසටහන පිළිබඳව ය.

අද සංවාදය සඳහා අප හා සම්බන්ධ වන්නේ මහමෙව්නා අසපුවාසී ගෞරවනීය ජිවානන්ද ස්වාමීන් වහන්සේ සහ කල්‍යාණ සමුද්ද ස්වාමීන් වහන්සේ සමගය.

කල්‍යාණ සමුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අප විමසා සිටියේ මෙසේ ධාතුන් වහන්සේ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ ඇති වැදගත් කම පිළිබඳව ය.

ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ වැදගත් කම වචනයෙන් පවසා නිම කළ නොහැකි බවයි උන්වහන්සේ පවසා සිටියේ. බුදුරජාණන් වහන්සේ අපවත් වීමෙන් පසුව අප ගැන කරුණාවෙන් මෙම ධාතූන් විසිරෙන්න යැයි අධිෂ්ඨානය කර ඇත. එම නිසා උන්වහන්සේ ජීවමානව සිටින කාලයේ දී මෙන් මෙම ධාතු වන්දනාව මගින් අපට පින් දහම් කර සිත් පහදවා ගැනිමේ වටිනා අවස්ථාවක් ලැබි ඇත.

ජිවානන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියේ මෙම ධාතු වන්දනාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියේ කෙසේ ද යන්න ය.

උන්වහන්සේ පවසා සිටියේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ලෙස වැඩ සිටින අවධියේදී ප්‍රථමයෙන්ම මේ පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කර ඇති බවය.තථාගතයන් වහන්සේ අපවත් වීමෙන් පසුව ඉතිරිවන ධාතූන් සිව් මංසලක නිදන් කර වැඳ පුදා ගැනීමට හැකි අයුරෙන් සකස් කරවන ලෙසයි. එය දැකීමෙන් යම් කෙනෙකු සිත පහදවා ගත් විට එම පුද්ගලයාට මහා පිනක් රැස් වෙන බවයි.

තවද උන්වහන්සේ පැවසුවේ ලොකුස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවූ කරුණාව මූලික කරගෙන ටොරොන්ටෝවේ ජීවත් වන බැතිමතුන්ට මෙම ධාතු වන්දනාව සඳහා සහභාගී වී පින් රැස් කර ගැනීම සඳහා මෙම වැඩසටහන පැවැවීමට මූලික වූ බවයි

අප විමසා සිටියේ මෙම ධාතු වන්දනාව සදහා සහභාගී වන බැතිමතුන්ගෙ කුස ගින්න පිපාසය නිවා ලිම සදහා මෙහි දන්සල් සංවිධානය කිරිම ලෙහෙසි දෙයක් නොවන බවත් ඒ සදහා කටයුතු කලේ කෙසෙද යන්න බවත්‍ ය.
ලොකු ස්වාමින් වහන්සේගේ මග පෙන්විම මගින් මෙම ධාතු වන්දනා වැඩසටහන ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරිමේදි උන් වහන්සෙ පවසා සිටියේ ප්‍රණීත අයුරින් දන්සල් ද පවත් වන ලෙසයි ඉතින් මෙ සදහා ගිහි බැතිමතුන් බොහොමයක් සහාභාගි විය.

අනතුරුව උන් වහන්සේ පවසා සිටියෙ මෙම පිං බලයෙන් සියල්ලන්ටම සතුට සැනසිම උදා වේවා යන්න ය. !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos