Rupane Episode 297 – May 28 2022

28 May 2022 1117 Views

කැනඩාවෙ හොදම සංක්‍රමිකයින් 25 සම්මානයට සුදුසු කම්ලැබු
මහාචාර්‍ය ජානක රුවන්පුර..

Rupane Episode 297 – May 28 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ මැදිරියට ආරාධනා ලබන්නෙ කැනඩාවේ 14 වන වතාවට පැවැත්වෙන හොදම සංක්‍රමිකයන් 25 තේරිම සදහා ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින Calgary විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සහ පර්යේෂණ අංශයේ උප කුලපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය ජානක රුවන්පුර මහතාය. අපි එතුමන් සමග මේ පිළිබඳ තොරතුරු විමසා බලමු.
මෙතුමන් පවසන්නේ කැනඩාවට බොහෝ සංක්‍රමිකයන් පැමිණෙ බවයි. මෙම සංක්‍රමිකයන් අතරින් එම වැඩ සටහන මගින් හොඳම සංක්‍රමිකයන් තොරන බවත් එතුමාත් ඒ සදහා සුදුසුකම් ලැබීම පිළිබඳව නිහතමානීව ආඩම්බර වන බවත් එතුමා පවසා සිටිනවා. මේ සඳහා ලංකාවේ පසුගිය කාලය තුළදී තිදෙනකු ජයග්‍රහණය කර ඇති බවත් එම තිදෙනා ඉංජිනේරුවන් වන බවත් පැවසූහ. ඒ සඳහා 50% ක් මහජනතාවගේ කැමැත්ත සහ කැනඩාව හා අනෙකුත්රට වලට තමන් දැක්වූ සහයෝගය කෙසෙද යන්න මේ සඳහා සුදුසුකම් වන බවත් ඔහු සදහන් කර සිටියා.
මෙතුමන් පිළිබඳ අතීතාවර්ජනය කිරිමේදී මෙතුමන් පවසා සිටියේ ඔහු කොළඹ උපන් කොළඹ නාලන්ද විදුහලේ සිසුවකු වන බවත් 1986 මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ප්‍රමාණ සමීක්ෂණ පාඨමාලාවෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ බවයි.ඉන් අනතුරුව අවුරුදු තුනක් කථිකාචාර්යවරයෙක් වූ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමික්ෂකවරයෙකු විදිහටත් කටයුතු කර ඇත. 1995 දී ශිෂ්‍යත්වයක් ලබා Arizona විශ්වවිද්‍යාලයට ඇතුළුව පශ්චාත් උපාධිය නිම කර ඇත.අනතුරුව 1997 Alpha විශ්වවිද්‍යාලයට PHD සදහා ඇතුලත් වූ අතර එය 2001 දී නිම කරන ලදී.ඉන් අනතුරුව Calgary විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයකු ලෙස වැඩ පටන් ගන්නා ලදී.තවද 2006 සහකාර මහාචාර්යවරයකු ව. ඉන් අනතුරුව 2011 දී මහාචාර්ය වරයෙකු ලෙස වැඩ භාර ගන්නා ලදී.
පසුව එතුමන්ගෙ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ අතිරේක උපකුලපති ලෙස කටයුතු භාර ගන්නා ලදී.
2019 දී දෙවනි තනතුර ලෙස අතිරේක උපකුලපති පර්යේෂන තනතුර ද ලැබිනි.
මෙතුන් සිදු කල සේවාවන් පිලිබද සාකච්ඡා කිරිමේදී පවසා සිටියේ Construction engineering & management field එක තුල best practices tool develop කිරිම එතුමන්ගෙ සිසුන්ට scholarship ලබා දීම.විවිධ commercialized කිරිම. අන්තර්ජාතික කටයුතු විශ්වවිද්‍යාලය උතුරු ඇමරිකාවේ public university අතරින් 2017 හොදම සම්මානය ලබා ගැනීම. එවැනි සම්මාන හයක් ලබාගෙන ඇි බවයි.ජීවිතයට එක්වරක් ලබාගත හැකි sri lanka foundation මගින් විවිධ ක්ෂේත්‍ර වල අයට දෙන life time achievement award එක ගන්න පුළුවන් වුණා.

එතුමන් විසින් නිර්මාණය කරන ලද recipe for success මෙය කරුණු 7 කින් සමන්විත සංකල්පකි. වැඩි තොරතුරු යූ ටියූබ් මගින් හැදැරිය හැක. මෙතුමන් පවසන්නෙ තරුණ පරම්පරාවට ඉදිරි දැක්මක් ඇති කර ගැනීම, ක්‍රියාශීලී සැලැස්මක් ඇති කර ගැනීමයි, මන්ද ඔබ විශ්ව විද්‍යාලයට ඇතුළත් ව උපාධිය ලබා ගත් පසු ඔබට කිරීමට අවශ්‍ය දේ පිළිබඳව පැහැදිලි සැලැස්මක් තිබිය යුතුය.  එය ඉතා ඉතා වැදගත් වේ. එම දැක්ම සඳහා වෘත්තීය සැලැස්මක් සකස් කරන්න, එවිට ඔබට ඔබේ සැලැස්ම පැහැදිලිවම ඔබේ ඉලක්ක තබා ගැනීමට අවශ්‍ය ස්ථානයට යාමට හැකි වේ. එතුමා සැබවින්ම බහුකාර්යය බවත්, මගේ පාසල් කාලයේ සිටම මට බහුකාර්ය කුසලතා ඇති බවත්, එය මගේ විශ්ව විද්‍යාල ජීවිතය පුරාවටම මගේ, වර්තමාන විශ්ව විද්‍යාල පරිපාලනය තුළ පවා ගෙන ගිය බවත් අප සමග පැවසූහ.ඇත්තටම සමහර අය මාව දැකලා ඇති මම Sri Lanka Rupavahini Corporation හී ජනප්‍රිය සංගීත වැඩසටහනක හිටියා.  එම වැඩසටහනට පිටරට සිට පෙනී සිටි first suest appeared මමයි. ඒතුමන් පැවසුවේ එතුමාගෙ රැකියාව ඉතා සතුටින් අත්විඳින බවයි. බහුකාර්යය බව ඇත්තෙන්ම ඉතා වැදගත් වේ.ඉවසීමක් තිබිමද ඉතා වැදගත් බවත්ය. එතුමන් පිලිබද තොරතුරු මෙසෙ අප සමග බෙදා ඉමහත් ප්රීතියකිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos