Rupane Episode 296 – May 21 2022

21 May 2022 451 Views

ජනකවි ඇසුරින් නිර්මාණය වු සිංහල ගීත..

Rupane Episode 296 – May 21 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

ජන කවි ඇසුරින් නිර්මාණය වූ සිංහල ගීත පිළිබද සංවාදයේ යෙදීමට අද රූපණ මැදිරියට ආරාධනා ලබන්නේ කොළඹ සෞන්දර්ය විශ්ව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් වන මහින්ද කුමාර දළුපොත මහතාය.අප ජනශෘතිය පිළිබඳ  විශාල පර්යේෂණයක් කරන නිරන්තරයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අපේ උරුමය පිළිබඳ වටිනාකම ලොවට කියා දෙන්න කටයුතු කරන මොහු ජනවහර, කමත සහ කුඹුර ජනවහර, අත්තම සහ ජන සම්ප්‍රදාය, ජන සම්මත තහංචි, වැවට නමක්… මෙවැනි වටිනා පොත් රාශියක කතෘත්වය දරන්නෙකි.අද අප මහින්ද කුමාර දළුපොත මහතාගෙන් ජන කවි හා ජන ගී පිළිබඳව තොරතුරු විමසා බලමූ.

“නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නෙ
වැහි බීරිම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ…”

මෙවැනි ගී සංවාද රැසක් ජනකවි හා ජන ගී සංවාද සේ අසන්නට ගම්මානයකදී හැකිවේ. ඉතා පැරණි සම්භවයක් සහිත අප සංස්කෘතිය ලිඛිත භාෂාවට වඩා කටවහර මුල්කරගෙන එනම් අලිඛිත සංස්කෘතිකයක් මගින් අදහස් සන්වේදනය කරගත්තො වෙති. මේ හරහා කවි ගායනයට යොමුවිය.අතීතයේ දරුගැබ හටගත් තැන පටන් මරණය දක්වා සිදු වන සියලු අවස්ථා වලදී කවි ගායනය මුල්කරගෙන කටයුතු කර ඇත එතරම්ම කවියෙන් නොමැති දෙයක් නොමැති තරම්ය. අවුරුදු දහස් ගානක් මුඛ පරම්පරාව භාවිතයෙන් කවි ගායනා කරමින් ආ අපට ගුවන් විදුලිය මුහු වීමත් සමග එහි වටපිටාව සංස්කෘතිය උකහා ගත් භාෂාව රිද්ම රටා මගින් ගීය පද රචනා කලාවට යොමු විය. පසුව ඒ සඳහා විවිධ තනු නිර්මාණය කරමින් ගීය තවත් රසවත් කිරීමට පෙළඹිය. මුල්ම අවධියේ හින්දුස්ථානි රාගධාරී පදනම යටතේ ගොඩනැගුණ ද පසුව දේශීය සංගීත පදනම රටාව පදනම් කරගෙන තනු නිර්මාණය විය.

එසේම ගුවන් විදුලිය ඔස්සේ අපට ප්‍රතිස්ථම්භ බොහෝමයක් හමුවනවා එනම් ආචාර්ය මහගමසේකරයන්, මඩවල එස. රත්නායක මහතා, සී. ද එස්. කුලතිලක මහතා, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහතා, යන මෙවැනි විශාල පිරිසක් මේ සඳහා එකතු වනවා. මෙය ප්‍රතිපෝෂණය වන්නේ රත්න ශ්‍රී විජේසිංහ හා සන්නිවේදකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් යන ශ්‍රේෂ්ඨ ගණයේ කවීන්ගෙන් ය. ජනකවි ලක්ෂණවලින් ගුවන්විදුලියට ලාංකීය අලුත් ගීත කලාවක් නිර්මාණය කරදීමට “ලූශන් බුලත්සිංහ” නමැති ශ්‍රේෂ්ඨ පද රචකයා සමත් විය.ඔහු භාෂා පරිහරණයට අතිවිශිෂ්ට දක්ෂයෙකි.

ගොවිතැන ආශ්‍රිතව ජන කවි හා ජන ගී නිර්මාණ පිළිබඳ විමසිමෙදි ගොවිතැන ආශ්‍රිත  සියලුම කටයුතු වල දී ජන කවි හා ජන ගී නිර්මාණය වී ඇත. ඒ පිළිබඳ හොඳම නිර්මාණකරුවන් ලෙස මහගමසේකරයන්ගේ හා මඩවල එස් රත්නායක යන්ගේ නිර්මාණ අධ්‍යනය කිරීමට හැකියාව ලැබෙනවා.  ගොවිතැන ආශ්‍රිත කටයුතුවල නියැලීමේ දී ඒ හා ජනකවි මුසුවීමෙන් ජන ගායනා යන නැටුම් නිර්මාණය විය. එසේම කෙතරම් අප රට කාර්මිකකරණයට ලක් කිරීමට පෙළඹුන ද එසෙ කිරීමට නොහැක. අතීතයේ සිට අප කෘෂිකර්මය මූලික කරගෙන ජීවත් වූ මිනිසුන් හෙයිනි.

සොකරි,බලි තොයිල්,දේව ඇදහිලි විශ්වාස සම්බන්ධව ජනගී ජන කවි නිර්මාණය පිලිබද අධ්‍යයනය දී ඒ සදහා ඉහළ අවධානයක් යොමු වී ඇති බවක් දක්නට ලැබේ. සොකරි යනු විනෝදාස්වාදය සදහා ගොඩනගා ගත් සම්ප්‍රදායික ජන නර්තන විලාසයකි.
“සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නෙ
ඔමරි කරන්නී ඇද වර කැරකී යන්නී
විදුලිය වැන්නි කෙදිරිලි හඩට දුවන්නී
බෙහෙත් එවන්නී ගිලනුන් සන්සාලන්නී…”
මෙම පැදි පෙල සදහා පදනම වී ඇත්තෙ සොකරි නාට්‍යයයි. නන්දා මාලනියන් ගායනා කරන ශෙල්ටන් ප්‍රෙමරත්නයන් තනූ රචනය, සුනිල් ආරයරත්නයන්ගෙ පද රචනය කරන ලද
“දනන් රුහිරු බී පන නල අප කරන
හයින් හාගතේ තබවා උන් පෙලන
ඔවුන් මරු කටට නොයවන දෙව් වරම
දෙවුන්දරින් යනූ පුදපෙත් නොපිළිගෙන” මෙවැනි නිර්මාණ රාශියක් අපගෙ ජන සාහිත්‍ය තුල දක්නට ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos