Rupane Episode 225 – January 02 2021

2 January 2021 12941 Views

පැතුම් දළුලන අළුත් අවුරුද්දක්… 2021

Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada


පැතුම් දළුලන අළුත් අවුරුද්දක්

නව වසරක උදාවත් සමඟ රූපන වෙන වසර වලට එහා ගිය බලාපොරොත්තුවක් සමඟ මුළු ලෝකයම එකම ප්‍රාර්ථයකින් වැඩසටහන ආරම්භ කළා.2021  නව වසර වෙනත් වසර වලට එහා ගිය රෝ බියෙන් වෙලී ගිය කාලසීමක් සමඟ උදා වෙනවා. කොරෝනා වසංගතය මුළු ලොවම වෙලා ගනිද්දී නව වසර උදා වන්නේ සැම සිත්වල පුංචි බලාපෙරොත්තුවක ඡායාවක් සමඟයි. ඊට හේතුව කොරෝනා වෛරසයට එරෙහි එන්ත් කිහිපයක් සොයාගනීමයි.එම නිසාම නව වසර ඉතාමත් වාසනාවන්ත වූත්, රෝ බිය දුක් වලින් තොර වූත්, සෞභාග්‍යමත් වසරක් වේවායි ප්‍රාර්ථවට ඉඩකඩ අපට ඉතිරි වී තිබෙනවා.

ගෙවුණු වසර පිළිබඳ හැරී බලන විට ලොව බොහෝ රටලට සෞඛ්‍යතත්වය කඩා වැටීමත් සමඟ ආර්ථිකයද දැඩි පසුබෑමකට ලක් වී ඇති බව හඳුනාගත හැකි වේ.එවිසාම විශාල ගැටුළු රැසක් සෑම ජීවිතයකම ඇති වීම නිසාම අපේ ඒකායන බලාපොරොත්තුව සෑම ජීවිතයකම සතුට ඇතිවී ජීවිත සරුසාර වේවායි යන්නයි.

මෙත් මල් පිබිදේවා – සිත් තුළ මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා – සිත් තුළ කරුණා ඉතිරේවා…//

මේ කාලයේදී අපි සියළු දෙනාම එක් ජාතියක් ලෙස අත්වැල් අල්ලාගත යුතු කාලයක් වේ.ජාතීන් වශයෙනුත් ආගම් වශයෙනුත් මෙලෙස වන අපි විවිධ වෙනස්කම් නියෝජනය කරනවා.පන්සලත් පල්ලියත් එවන් වූ ආගම් දෙකක් නියෝජනය කරන සලකුණු දෙකක්.ඒ සලකුණු දෙකෙන් දෙවිදිහක ආගම් නියෝජනය කරත් ඒ ආගම් දෙකේම කියන්නේ යහපත් මිනිසුන් සමාජයට බිහිකිරීමයි.මේ වසංගතයත් සමඟ බෙදීම් අත්හැර එකාමෙන් නැඟී සිටිය යුතු කාලයක් උදාවී ඇතිබවත් අප සියළුදෙනා මිනිසුන් ලෙස එක් විය යුතුය.

පරිසරය හා මිනිසා අතර වූ අනෝන්‍ය බැඳීමක්.අපි එකිනෙකා ආරක්ෂා කර නොගතහොත් අපට සොබාදහම දඩුවම් කරනු ඇත.කොවිඩ් 19 වසංගතය අපට එය තේරුම් ගැනීමට අවස්ථාව උදාකර දී ඇත.එනිසාම කුඩා දරුවගේ සිටම පරිසරයට ආදරය කළ හැකි පිරිසක් බිහිකර ගත යුතුවේ.එය මුළු ලොකයේම අවශ්‍යතාවයකි.

අපි හැමෝගෙම හිත්වල නොයෙකුත් ආකාරයේ විශ්වාසයන් රැදී තිබෙනවා.අපි අදහන ආගම් වලට අනූව අපි නොයෙකුත් දේ විශ්වාස කරනවා.සමහර විට ඔබට දේව බලවේගයක් ගැන විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ නොපෙනෙන නොදකින් බලවේගයන් වලට වහල් නොවී ඒ ඒ මත දරන අයත් එක්ක සහයෝගයෙන් සුබවාදීව ලෝකය දිහා බලන්නත් කටයුතු කළ යුතු කාලය දැන් උදාවී ඇත‍.

සුබවාදී සෞභාග්‍යමත් හෙට දවසක් මුළු ලෝකයට උදාවේවායි යන ප්‍රාර්ථනයත් සමඟ නැවතත් සියළු දුකින් මිදී සෞභාග්‍යයෙන් පිරුණු වාසනාවන්ත දවසක් සමඟ නැවත රූපන තුළින් හමුවෙමු.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos