Rupane Episode 226 – January 09 2021

9 January 2021 12579 Views

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය සහ
වැඩිම අන්තර්ජාතික සිනමා සම්මාන සහ නිර්දේශයන්ගෙන් පිදුම් ලැබූ “විෂම භාග”

ශ්‍රී ලංකාවේ මේ වන විට උතුරු මැද පළාතේ ජීවත් වන බොහෝ ජනතාව වකුගඩු රෝගයන්ට ගොදුරු වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ.මෙයට ප්‍රධාන  හේතුව වන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතය නිසා ,පානීය ජලයට විෂ රසායනික ද්‍රව්‍ය එක්වීමෙන් එම ප්‍රදේශයේ  ජනතාවට පරිභෝජනය සඳහා පිරිසිදු ජලය නොමැති වීමයි.එම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබා දීමේ සමාජ සත්කාරයක් ලෙස ‘පිවිතුරු පැන් පූජා’ නමින් ව්‍යාපෘතියක් මහමෙව්නා භාවනා අසපුව මගින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි.

එම වැඩසටහන පිළිබඳ රූපන සඟරාමය වැඩසටහන හා අදහස් දක්වමින් ටොරොන්ටෝ භාවනා අසපුව වැඩ වාසය කරන අම්බලන්ගොඩ සාසනසරණ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මහමෙව්නා භාවනා අසපුව මගින් මෙවැනි සමාජ සමාජ සත්කාර දීර්ඝ කාලයක් තිස්සේ විශාල වශයෙන් සිදු කරන බවයි.නැතිබැරි අය වෙනුවෙන් නිවාස ලබා දීම,රුධිර දන්දීම,දහම්පොත් බෙදා දීම මෙන්ව ව්‍යයසන අවස්ථා වල පීඩාවට පත් ජනතාවට පිහිට වීම වැනි බොහෝ දේ සිදු කරන අතර ඒ පිළිබඳ වැඩි විස්තර මහමෙව්නා භාවනා අසපුවේ වෙබ් පිටුව මගින් ලබාගත හැකි බවද ශ්‍රද්ධා මාධ්‍ය නාලිකාව මඟින් ද මෙවැනි සමාජ සත්කාර බොහොමයක් සිදු කරන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා .ටොරොන්ටෝ මහමෙව්නා භාවනා අසපුව මගින් We care for you නමින් පිහිටුවා ගත් සංවිධානයක් හරහාද බොහෝ සමාජ සත්කාර මේ වන විට සිදු කරමින් පවතින බවත් එමගින් තමන් ඉන්න ප්‍රදේශ සුද්ද පවිත්‍ර කිරීම, රුධිරය දන් දීම ,ගස් සිටුවීම මෙන්ම මානසික පීඩනය අවම කිරීම වෙනුවෙන් භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද නිරන්තරයෙන්ම සිදුවන බව උන්වහන්සේ සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “පිවිතුරු පැන් පූජා” සමාජ සත්කාරය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, අළුදෙනිය සුබෝධ ස්වාමීන් වහන්සේ නිෂ්පාදනය කරන ලද ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කරන ලද විෂම භාග නම් සිනමා කෘතිය නිර්මාණය කිරීමට යෙදුණා.ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය වන මෙයින් ලැබෙන සියලුම ආදායම් මෙම ව්‍යපෘතියට බැර කිරීම මෙම සිනමා නිර්මාණයේ මූලික අරමුණයි.ලංකා ඉතිහාසයේ වැඩිම සම්මාන ගණනක් ලබා ගත් සිනමා නිර්මාණය වන මෙය මේ වන විට ජාතික හා ජාත්‍යන්තර සම්මාන 50කින් පිදුම් ලබා ඇති අතර, සම්මාන 70කට පමණ නිර්දේශ වී ඇති විශිෂ්ට සිනමා කෘතියක් බව සාසනසරණ ස්වාමීන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සමග එක්වෙමින් කඩවත විජිත වංශ ස්වාමින් වහන්සේ  ප්‍රකාශ කළේ භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශනයට අනුව යමින් බෞද්ධයන් සෑම විටම අන්‍යයන්ගේ සුභසිද්ධිය , අන්‍යයන්ගේ සුවය වෙනුවෙන් දන් දීම, අත්හැරීම පුහුණු කර පිරිසක් නිසාම ලෝකේ කොතැනක සිටියද මෙවැනි සමාජ සත්කාර සඳහා ඔවුන්ගේ දායකත්වය නිරන්තරයෙන් ලැබෙන බවයි.මෙම “පිවිතුරු පැන් පූජා”  ව්‍යාපෘතිය ආරම්භ වූයේ දැනට වසර කීපයකට පෙරය. මීට හේතුව වන්නේ 2014 වර්ෂයේ පමණ සමාජය දැඩි කතාබහකට ලක්වූ වසර තිහ හතළිහක් පුරා භාවිත කළ ප්‍රමිතියෙන් තොර කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහ ජලයට එක්වීම හේතුවෙන් අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශයේ ජීවත්වන ජනතාව එම වතුර පරිභෝජනය නිසා වකුගඩු රෝගයට ගොදුරු වීමයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහන් කළ කැළණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය පරණගම මහත්මිය සඳහන් කළේ වගාවන් සඳහා යොදාගන්නා කෘතිම පළිබෝධනාශක හා පොහොර මගින් කැඩ්මියම් ,ආසනික්,රසදිය ජලයට එක්වීමෙන් ජලය දූෂණය වන බවත් වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව එය බවක් ඇය සඳහන් කරයි. එය වැළැක්වීම සඳහා ගොවීන් විකල්ප වගා ක්‍රම භාවිතයට නැඹුරු කිරීම හා පලිබෝධනාශක,රසායනික පොහොර භාවිතයෙන් ඈත් කිරීමට කටයුතු කළ යුතුය.

කඩවත විජිත වංශ ස්වාමින් වහන්සේ  ප්‍රකාශකළේ රජරට ප්‍රදේශයේ බොහෝ ජනතාවගේප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය බවත්මේ වන විට එම ගොවිතැනම ඔවුනගේ  ජීවිතයේ කොටසක් බවට පත් වී ඇති බවත්ය. ගොවිතැන හේතුවෙන්ම අධ්‍යාපනයට වඩා මූලික මූලිකත්වයක් ගොවිතැනට ලබාදීම එම ප්‍රදේශය දැකගත හැකි වේ. තවද පූජා අලුදෙණිය සුබෝධ ස්වාමීන් වහන්සේ මුහුණ දුන් අත්දැකීමක් ද මෙයට ප්‍රධාන හේතුවක් වන අතර වසර ගණනාවක් යුද්ධයෙන් පීඩා විඳි මෙම ප්‍රදේශයේ ජනතාව අද වන විටත් යුද්ධය අවසන් වුවද වකුගඩු රෝගය නිසා විශාල වශයෙන් මියයන බවයි.මෙම සිනමා නිර්මාණයට ප්‍රධානම හේතුව වන්නේ මෙවැනි කාරණා බව උන්වහන්සේ සඳහන් කරයි.

මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ මෙම ප්‍රදේශවල බොහෝ දෙනා මුහුණ දෙන ගැටලු කිහිපයකි. එනම් වකුගඩු රෝගය,නිසි අධ්‍යාපනයක් නොමැතිවීම,වල්  අලි ගැටලුව යි.මේ ගැටළු හමුවේ තම ජීවිකාවට ගෙනයාමට ජීවිතය සමඟ අරගල කරන ජනතාවගේ ජීවන වෘත්තාන්තය නිර්මාණාත්මකව ඉදිරිපත් කරයි.

කඩවත විජිත වංශ ස්වාමින් වහන්සේ තවදුරටත් සඳහන් කළේ 2014 වර්ෂයේ පිවිතුරු පැන් පූජා සමාජ සත්කාර ප්‍රථම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, එවකට ආරක්ෂක ලේකම්ව සිටි වර්තමාන ජනාධිපතිතුමා ගේ මැදිහත්වීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා ගැනීමට හැකි වූ බවයි.වසර ගණනාවක් පුරා උතුරු මැද පළාතේ විවිධ ප්‍රදේශ වල මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති අතර මෙම සමාජ සත්කාරය සඳහා දායකත්වය ලබාදෙනුයේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ශ්‍රද්ධා සමාජ සත්කාර ඒකකය හා මහමෙව්නා භාවනා අසපුව‍ මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන අංශ තුනේම ප්‍රධානත්වය මගිනි. මෙම ව්‍යාපෘතිය සිදුවන ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් උන්වහන්සේ සඳහන් කළේ රජරට ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වය ද දායකත්වය ද මෙම ව්‍යපෘතිය සඳහා ලබා ගන්නා බවයි.

මෙම සාකච්චාවේදී අදහස් දක්වමින් වෛද්‍ය සමිත දසනායක මහතා ප්‍රකාශ කළේ මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 06 ක් පුරා වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති අත උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා පරාක්‍රමපුර ප්‍රදේශවල ජනතාව බහුලව මෙම රෝගයට ගොඳුරු වී ඇති බවයිඓම ප්‍රදේශයේ සම්පූර්ණ ජන ගහනයේන් 20% ක් පමණ ‍මෙම රෝගයෙන් පීඩා විදින බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි.

විශේෂඥ වෛද්‍ය වරුන්ගේ මග පෙන්වීම යටතේ මෙම රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ පිළිබඳ අවබෝධය ලබාගෙන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිමේදි එම ප්‍රදේශ වලට මුල්තැන ලබා දෙමින් කටයුතු සිදුකරන බව පූජ්‍ය කඩවත විජිත වංශ ස්වාමින් වහන්සේ සදහන් කරයි .එමගින් සුදුසු ප්‍රදේශක ගම්මානයක් තෝරාගෙන එහි ප්‍රධානීන් මගින් සුදුසු පොදු ස්ථානයක් හා ජල මූලාශ්‍රයක් තෝරා ගනු ලබයි. එම තෝරාගත්  ජල මූලාශ්‍රයෙන් ලබාගත් ජල සාම්පලයක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා අංශය මගින් අනුමත කරන ලද ස්ථානයකට යොමු කර එහි අඩංගු සංඝටක පිළිබඳ අවබෝධයක් ලබා ගනී.ඒ අනුව පිරිපහදු කිරීමේ ක්‍රමයක් සැලසුම් කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ පරණගම මහත්මිය ගේ හා ලක්මාල් ඉංජිනේරු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරයි ජල මූලාශ්‍රය අනුව එකිනෙකට වෙනස් ජල පිරිපහදු ඒකක නිර්මාණය මෙමගින් සිදුවේ .ප්‍රති ආරක්ෂක තාක්ෂණය මෙම ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබයි.දිනකට සාමාන්‍ය වශයෙන්  ජල ලීටර් 15000 පමණ මෙමගින් පෙරා ගැනීම අවශ්‍ය වේ.මෙලෙස දීර්ඝ ක්‍රියාවලියකින් පසු ජල පෙරණ ව්‍යාපෘතියක් ලබා දීම සිදුවන බව උන්වහන්සේ පැහැදිලි කරයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම විශභාග චිත්‍රපයට ටොරොන්ටෝ හි ප්‍රදර්ශණය කිරීමට නියමිතව තිබුණද කොරෝනා තත්වය හේතුවෙන් එය සිදුකිරීමට අවස්ථාව නොලැබුණ ද මේ වන විට shraddha.lk වෙබ් අඩවිය මගින් විෂම බාග චිත්‍රපටය බාගත කිරිමට අවස්ථාව සැලසී ඇති බව අම්බන්ගොඩ සාසනසරණ ස්වාමීන් වහන්සේ සඳහන් කරයි. මේ චිත්‍රපටය  බාගත කිරීමට පැය හතළිස් අටක් සඳහා $14.99 ක් ද  $19.95 ක් ද ගෙවා මෙය නැරඹීමට අවස්ථාව හිමිවන බවද එමගින් “පිවිතුරු පැන් පූජා”  ව්‍යාපෘතියට ඔබේ දායකත්වය ලබා දිය හැකි බවද උන්වහන්සේ සඳහන් කළා .මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගැනීමට pure water.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි වේ

මෙහි එක් ව්‍යපෘතියක් සඳහා ලංකා මුදලින් ලක්ෂ 13 හමාරක් පමණ වැය වන අතර එය අදාළ ව්‍යපෘතියේ ස්වාභාවය අනුව වෙනස් වන බව කඩවත විජිත වංශ ස්වාමින් වහන්සෙ සඳහන් කළා.2014 මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ නමුත් ඒ පිළිබඳව තොරතුරු මෙම චිත්‍රපටයෙන් පසු බොහෝ පිරිසක් දැනුවත් වූ බවත් සඳහන් කරයි.

ප්‍රථම වරට විදේශ රටක මෙම චිත්‍රපට ප්‍රදර්ශය කෙරුණේ  ඔස්ට්‍රේලියාවේදී ය.ඉන් පසු ව්‍යාපෘති පහළොවක් සඳහා දායකත්වය ලැබුණු අතර තවදුරටත් නවසීලන්තයේදී ද විශාල දායකත්වයක් මේ චිත්‍රපටය හරහා ව්‍යාපෘකිය සඳහා ලැබුණි .ඉතා කෙටි කාලයකින් කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී  වෙබ් අඩවිය හරහා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය මගින්නැරඹ පිරිසෙන් එක් ජල පිරිපහදු ඒකකයක් මේ වන විටත් ලැබී ඇති බව උන්වහන්සේ තව දුරටත් සඳහන් කළා.

“මේ දන් දෙන්නේ ජීවිතයි”  ජීවිතයේ ආයුෂ පිණිස උපකාරයක් කරන්න අවසන් වශයෙන් උන්වහන්සේ ඉල්ලා සිටියා.

Categories
2021 Episodes
Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos