Rupane Episode 311 – September 03 2022

3 September 2022 191 Views

රුක් සෙවන යට සොදුරු සන්ධ්‍යාවක්
Rupane Episode 311 – September 03 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ වෙතින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ රුක් සෙවණ යට සොඳුරු සන්ද්‍යාවක් වැඩසටහන පිළිබඳවයි.

මෙම ආශ්වාද ජනක අවස්ථාව ලබා ගැනීම සඳහා මෙම සැප්තැම්බර් මස 10 වන දා සවස 6ට ටොරොන්ටෝ මහාවිහාරයේ තුළදී හැකියාව ලැබේ.මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ toronto මහාවිහාරයට අනුබද්ධ රුක් සෙවන සංවිධානය විසිනි.

එම නිසා අද දිනයේ ඒ සඳහා සාකච්ඡා කිරීමට එම සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක සෝමසිරි ලොකු ලියනගේ මහතාට එහි සභාපති සංජීව සෙනවිරත්න මහතාට ගෞරවයෙන් යුතුව රුපණ මැදිරියට ආරාධනා කර සිටියා.
මෙවැනි අපූරු සංකල්පයක් නිර්මාණය කිරීමට මූලික වූයේ කුමක් ද යන්න අප විමසා සිටියා.

සංජීව මහතා පවසා සිටියේ covid වසංගතයක් සමග ටොරොන්ටෝවේ වෙසෙන ජනතාවට විනෝදාස්වාදය සඳහා තිබූ ඉඩකඩ ඇහිරී ගිය බවයි. එම නිසා ඒ සඳහා මෙම කටයුත්ත සංවිධානය කර ඇති බවයි එහිදී නැටුම් ගැයුම් ශ්‍රී ලාංකික ආහාර පාන වැනි බොහෝ දෑ භුක්ති විඳීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු පවසා සිටියේ.
සෝමසිරි මහතා ගෙන් අප පවසා සිටියේ මෙම කටයුත්ත අවසානයේ ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි.
එතුමා පවසා සිටියේ මූලිකවම මුල්‍යම වශයෙන් හා විහාරස්ථානයට අරමුදලක් එකතු කර ගැනීමයි. සංවිධානය මගින් විහාරස්ථානය ද මූලික කරගෙන ඉදිරියේදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නිසා ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය වන හෙයින් එසේ බලාපොරොත්තු වන බවයි පවසා සිටියේ.තවත් බලාපොරොත්තුවක් වන්නේ මිනිසුන් හට විනෝදාස්වාදයක් ලබා දීම බවත් පවසා සිටියේය.

සෝමසිරි මහතාගෙන් විමසා සිටියේ මෙම වැඩසටහන කුමක් මගින් මුදල් ඉපයීමේ කටයුත්තක් සිදු වන බවද යන්නයි.
එම වැඩසටහන තුළ අප විසින් සංවිධානය කර පවතින ලාංකික ආහාර ආකර්ෂණීය මිල යටතේ ලබා ලබාදීම මගින් මුදලක් උපයා ගැනීමට සංවිධානය කර ඇති බව පවසා සිටියාය.

මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට කිනම් ආකාරයක් හෝ තවත් විස්තර තිබේද යන්නෙන් අප නැගූ ප්‍රශ්නනයට පිලිතුරු ලෙස
ඔවුන් පවසා සිටියේ මෙම වැඩසටහන පවත්වන්නෙ විශාල රුක් සෙවණක් යට බවත් එහි ආරක්ෂාවත් මෙහි තේමාවත් එය නිසා බවයි.
එදිනට පැමිනෙන පුද්ගලයන්ට මෙම වැඩසටහනට සහභාගි වනවාට අමතරව මේ සඳහා දායකත්වයක් දැක්විමට හෝ වෙනත් ආකාරයකින් මේ සඳහා සහභාගි වීමට හැකිද යන්න අදහස් විමසා සිටියා.

සංජීව මහතා පවසා සිටියේය සිටියේ දායකත්වයක් ලබාදීමට හෝ වෙනත් අවශ්‍යතාවයක් වේ නම් පහත සඳහා සදහන් දුරකථන ඔස්සේ අපව සම්බන්ධ කර ගැනීමෙන් ඒ සඳහා දායක විය හැකි බවයි.
සංජීව – 416 616 2246
ඉන්ද්‍රානි – 416 439 8295
චිත්‍රා – 647 988 5534

අප විමසා සිටියේ නම් එම මෙම සංවිධානය ආරම්භ වීමට හේතුව සහ කුමන අවදි‌යෙ මෙය ආරම්භ වූයේ ද යන්නයි.
මෙම රුක් සෙවණ සංවිධානය ආරම්භ වුයේ1994 අවධියේදීය කාලයක් තිස්සේ අකාර්යක්ෂම පැවති මෙම සංවිධානය 2016 නැවතත් අප විසින් මෙය ක්‍රියාත්මක කර පණ ගන්වන ලද බව පැවසුවා.
තවද ඔවුන් පවසා සිටියේ කිසියම් ශ්‍රි ලංකාවේ හෝ උපකාරයක් අවශ්‍ය පිරිස් සිටීනම් Toronto මහා විහාරයට හෝ ඔවුන්ව ඇමතීමෙන් ඒ සඳහා අවැසි උපකාරයක් ලබා ගත හැකි බවයි.
තවත් මෙවැනි වැදගත් වැඩසටහනක් මගින් නැවතත් මුණ ගැසෙමූ.
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos