Rupane Episode 310 – August 27 2022

27 August 2022 366 Views

රූපණ . ගමනක මතකය..
Canadian Rockies..

Rupane Episode 310 – August 27 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද රූපණ වැඩසටහනහි රුපන ගමනක මතක තේමාව තුළින් ඔබ වෙත අප ගෙන එන්නට සූදානම් වන්නේ යෝහෝ ජාතික උද්‍යානයේ අසිරිය යි.

ඒ සඳහා අප සමඟ එකතුවන්නේ අපගේ නිර්මාණ අධ්‍යක්ෂ අනුරුද්ධ වැලිගමගේ මහතා. ඔහු සුදානම් වන්නෙ රුපණ සමග යෝහො උද්‍යානයේ සංචාරයේ අත්දෑකීම් ඔබ සමග බෙදා ගැනීමටයි.

ඔහුගෙන් අප විමසා සිටියේ සියල්ලට ප්‍රථමයෙන් RV රථය පිළිබඳව තොරතුරු ය.
ඔහු පවසා සිටියේ එම රථය විනෝදාත්මක හා ජංගම නවාතැනක් තමන්ට අවශ්‍ය ප්‍රධාන අවශ්‍යතා අතරින් සීමිතය අවශ්‍යතා කිහිපයකින් මෙම වාහනය සමන්විත වන බව ඔහු පවසා සිටියා. RV රථයක් ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කිහිපයක් තිබෙන බව ඔහු පවසා සිටියා එනම් වාහනය නවත්වන ස්ථානය පිළිබඳව, වාහනයට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට එම ස්ථානයේ ඇති පහසුකම් පිළිබඳව සලකා බැලිය යුතුය. මෙවැනි පහසුකම් සහිත වාහනයක් RV රථයක් ලෙස හඳුන්වයි. එසේම ලයිසන් වර්ගය අනුව අපට RV වාහන තෝරාගැනීම වෙනස් වනවා.

ඉතින් අප ඔහුගෙන් විමසා බලමු ඔහුගේ යෝහෝ උද්‍යානයේ මතක අත්දැකීම් පිළිබඳව.
රොකි කන්ද වැනි ඉතාමත් ආශ්චර්යමත් ප්‍රදේශයක පිහිටා තිබෙන මෙම ස්ථානය නිදහස් වූ අලංකාරවත් උද්‍යානයකි. පෙර අවස්ථාවේදී රොකී කඳුවැටිය වටා සංචාරය කිරීමේදී මගහැර ස්ථාන නැරඹීම සඳහා මෙම අවස්ථාව උපයෝගී කරගෙන මෙම යෝහො උද්‍යානයද නැරඹීම සඳහා යොමු වූ බවයි ඔහු පවසා සිටියේ.
නැවතත් අප ඔහුගෙන් විමසා සිටියේ මෙම උද්‍යානය ජාතික උද්‍යානය පිළිබඳව පවතින ඉතිහාසය පිළිබඳව ය.

රොකී කඳු පන්තිය සංරක්ෂණය කිරීම සඳහා මෙම උද්‍යානය නිර්මාණය කර ඇති බව ඔහු සඳහන් කර සිටියා. යොහො, කුඩ්නි, ජැස්පා මෙම උද්‍යාන නිර්මාණය කර ඇත්තේ මෙම කඳු පන්තිය හා සංරක්ෂණය කිරීම සඳහාය. මේ හැම උද්‍යානයක්ම බොහෝ ස්වාභාවික නිර්මාණ වලින් සමන්විත උද්‍යාන වේ.රොකී කඳු පන්තිය හරහා විශාල ගංගා දිය ඇලි ද ගලාගෙන යන අසිරිය විදීමට හැකියාව ඇත.මෙම කඳු පන්තිය විශේෂිත වූ සුන්දරත්වයකින් හා බොහෝ වටි සම්පත් වලින් සමන්විත කඳු පන්තියක් වේ.

නැවතත් අප ඔහුගෙන් විමසා සිටියේ මෙම උද්‍යානය තිබෙන natural bridge ඉතිහාසය පිළිබඳව ය.
ඔහු පවසා සිටියේ natural bridge ලෙස හැඳින්වෙන ස්වභාවිකව සෑදුනු පාලමක් ලෙස පෙනෙන මෙම ප්‍රදේශය කිං හෝස් ගංගාවේ වතුර ගලා යාමෙන් මෙම bridge එක සෑදී ඇති බවයි.

තවද අප ඔහුගෙන් විමසා සිටියේ මෙහෙ මෙහි තිබෙන spiral tunnels පිළිබඳවය.
ඔහු පවසා සිටියේ මෙම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් සෑදීමේදී මතු වූ ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා මෙහි සේවය කරන ලද ඉංජිනේරුවෙකු විසින් ස්විස්ටර්ලන්තයෙ තිබෙන තාක්ෂණයක් මේ සඳහා විසඳුම ලෙස සොයාගෙන තිබෙනවා. එම තාක්ෂණය ඔස්සේ මෙම ස්ථානයේ ද spiral tunnel දෙකක් නිර්මාණය කරපු හෙයින් එසේ හඳුන්වනු ලබනවා.
තවත් මෙවැනි සංචාරයක් සමඟින් නැවතත් හමුවෙමු !
සුභ දවසක් !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos