Rupane Episode 232 – February 20 2021

20 February 2021 13264 Views

Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada”

කැනඩාවේ covid 19 එන්නත්කරණය

Covid 19 වෛරසයෙන් ආරක්ෂා වීමට ලෝකය පුරාම බොහෝ රටවල් එන්නත් වර්ග සොයා ගනිමින් සිටින අවධියක එම එන්නත් හා එන්නත්කරණය පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්.ඒ පිළිබඳව අදහස් දක්වමින් සනී group රෝහලේ වෛද්‍ය ලක්මිනී පින්නදුවගේ මහත්මිය සඳහන් කළේ Covid 19 වෛරසය වෙනුවෙන් අනුමත ප්‍රධාන එන්නත් වර්ග තුනක් හඳුනාගත හැකි බවයි. ඉන් පළමුවැන්න වර්ගයේ ලෙස Viral Vector Vaccines හඳුනාගත හැකි බවයි.Oxford astrazeneca vaccine එක එම කාණ්ඩයට අයත් එන්නතකි.මෙහි අඩපණ කරන ලද වෛරසයක් අඩංගු වන අතර එමගින් Covid 19 වෛරසයක් අඩංගු mRNA  කොටස් ඇතුළත් වන අතර mRNA මගින් ශරීරයේ ප්‍රෝටීන් ව්‍යුහය නිර්මාණය කරනවා. මෙම අඩපණ කරන ලද වෛරසයේ අඩංගු Covid 19  mRNA මගින් ඊට අදාළ ප්‍රෝටීන නිර්මාණය කරනවා.එමඟින් ශරීරය ප්‍රතිදේහ නිපදවිය Covid 19  වලින් ආරක්ෂා වීමට කටයුතු සලස්වන බව පින්නදුව මහත්මිය සදහන් කරයි.

දෙවැනි එන්නත් වර්ගය Inactivated Vaccine ය යි.Sinovan Vaccine මේ වර්ගයේ එන්නතක් වන අතර මෙමගින් Covid 19 වෛරස සක්‍රීය කරනවා. එමනිසා වෛරසයට ජීවියා ව ආසාදනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. මෙම එන්නත මගින් ඇඟට ඇතුළුවන වෛරස් හඳුනා ගෙන එවිට ඇඟ තුළින් ඊට අදාළ ප්‍රතිශක්තිකරණය ඇති කර වෛරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට සූදානම් වනවා. මෙම එන්නතේ තාක්ෂණය පෝලියෝ උණ සඳහා ලබාදෙන එන්නත් වල අඩංගු වන බව වෛද්‍යතුමිය තවදුරටත් සඳහන් කළා .

අනුමත තුන්වන එන්නත් වර්ගය පිළිබඳ අදහස් දක්වමින් එතුමිය සඳහන් කළේ mRNA  මඟින් ශරීරය තුළ ඇති ප්‍රෝටීන් ව්‍යුහය නිර්මාණය කර ඇති අතර ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය, අදාළ වෛරසය හඳුනාගන්නේ වෛරසයේ  අඩංගු ප්‍රෝටීන් මගින් බවයි. මෙම mRNA ,vaccine එක මගින් සිදුකර මේ ඇඟට covid 9 වෛරසයට අදාල ප්‍රතිදේහ නිපදවීම ට උපදෙස් ලබා දී එමගින් ආරක්ෂාව සලසා ගැනීමට ශරීරයට හැකියාව ලබා දෙන අතර Moderna හා Fixer Vaccien මෙම වර්ගයට අයත් වන බව ද එතුමිය සඳහන් කළා.

තවත් එන්නත් වර්ග කිහිපයක්ම මේ වන විට අත්හදා බැලීම් මට්ටමේ පසුවන බවද වෛද්‍යතුමිය සඳහන් කළා.මෙම ඉන්නත් සියල්ලගේම සිදුවන්නේ Covid 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුළ ඇති වීමයි.එම නිසා මෙම එන්නත් එකිනෙක හා සංසන්දනය කිරීම ඵලදායි නොවන බව වෛද්‍යතුමිය තවදුරටත් සදහන් කරයි. කැනඩාවේ මේ වන විට mRNA  එන්නත් වර්ග දෙකක් වන modern හා Fixer යන එන්නත් දෙකම භාවිත වන අතර ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙම එන්නත් කැනඩාව තුළ භාවිතයට පෙර පරීක්ෂණ ගණනාවකටම භාජනය වී සුදුසු බව සනාථ කිරීමෙන් පසු භාවිතයට නිර්දේශ කළ බවයි.මෙම කිසියම එන්නතක් තුළ සත්ත්ව සෛල හෝ Covid 19 ඇති කරන වෛරස් අඩංගු නොවන බවත් මෙම එන්නත් වල අඩංගු සංඝටක පිළිබඳ බිය විය යුතු නැති බවත් වෛද්‍ය පින්නදුව මහත්මිය සඳහන් කළා . modern හා Fixer එන්නත් වල ඇති mRNA කිසිවිටෙක ශරීරයේ ඇති DNA සමග සම්බන්ධ නොවන අතර එන්නතෙන් පසු ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහ මගින් එන්නතේ අඩංගු RNA කොටස් ශරීරයෙන් ඉවත් වන බවත් ඇය සඳහන් කළා.කිසි විටෙක මෙම එන්නත් මඟින් Covid 19  ඇති කිරීමක් සිදුනොවන බවද ඇය තවදුරටත් සඳහන් කළා.

මෙම එන්නත් ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳව පැහැදිලි කරමින් පින්නදුවගේ මහත්මිය සඳහන් කළේ පළමු මාත්‍රාවෙන් පසු එන්නත් කළ ස්ථානය වේදනාවක්, කුෂ්ඨ වැනි තත්ත්වයක් ඇතිවිය හැකි අතර දෙවන මාත්‍රාවෙන් පසු උණ ගතියක් වැනි තත්ත්වයක් ඇති විය හැකි බවත්ය. එයට ප්‍රධානම හේතුව එන්නත ශරීරය තුළ ක්‍රියාත්මක වීමයි. ඉතා කලාතුරකින් කෙනකුට මේ එන්නත් මගින් ආසාත්මිකතා ඇතිවිය හැකි අතර කැනඩාව තුළ එවැනි තත්ත්වයක් වාර්තා වී ඇත්තේ 0.007% වැනි ඉතා සුළු ප්‍රමාණයක් බවත් ඇය සඳහන් කළා.

මෙම එන්නත් ලබා ගත නොහැකි කාණ්ඩ කිහිපයක් හදුනාගත හැකි අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යතුමිය සඳහන් කළේ එන්නතේ අඩංගු සංඝටක වලට ආසාත්මිකතා ඇතිවිය හැකි පුද්ගලයින් හට මෙම එන්නත් ලබා ගත නොහැකි බවයි. උදාහරණයක් ලෙස එන්නතේ පොලිඑතලින් ග්ලයිකෝල් නැමැති සංඝටකය අඩංගු අතර ඇඩ්වින් සහ ග්ලයිකෝල් වලට ආසාත්මිකතා ඇති කරන අයට මෙම එන්නත ලබාගත නොහැකි බව සඳහන් කළා.

තවද Modana එන්නත වයස අවුරුදු 18ට අඩු අයට ලබාදිය නොහැකි අතර, Fixer එන්නත වයස අවුරුදු 16 ට අඩු අයට ලබාගත නොහැකි බව ඇය තවදුරටත් සඳහන් කළා.තවද ඕනෑම vaccineයක් ලබාගෙන දින 14ක් සම්පූර්ණ නොකළ කෙනෙකුට ද මෙම එන්නත ලබා ගත නොහැකි බව සඳහන් කරන වෛද්‍ය පින්නදුවගේ මහත්මිය මෙම එන්නත ලබාගත නොහැකි අනිත් වයස් කාණ්ඩය වන්නේ Covid 19   වැළඳී ඇති හෝ Covid 19  රෝග ලක්ෂණ පෙන්වන හෝ Covid 19  වැළඳී ඇත්දැයි සැක පළ කරන පුද්ගලයින් හටයි. Covid 19 වෛරසය, එන්නත ලබා දෙන අවස්ථාවේ ශරීරය තුළ නොමැති බවට තහවුරු කිරීමක් සිදුකළ යුතු බවද වෛද්‍යවරිය සඳහන් කළා. තවදුරටත් ඇය කියා සිටියේ එන්නත ලබා ගත්තද අප හරහා තවද අප හරහා තව කෙනෙකුට වෛරසය වැළඳිය හැකි බවත් එනිසා හැකිතාක් සෞඛ්‍ය නීතිවලට අනුගත වෙමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

මෙම එන්නත ලබා ගත්තද පළමු මාත්‍රාව ලබාගෙන දින දාහතරකට පසු 60%ආරක්ෂාව පමණක් ලැබෙන අතර වෛරසය වැළඳීමට 40% ක අවස්ථාවක් පවතින බවත් ඇය සඳහන් කළා. දෙවන මාත්‍රාවෙන් පසු 92% – 95% ක් අතර ආරක්ෂාවක් ලැබෙන අතර Covid 19 වෛරසය වැළඳීම සඳහා 5% පමණ අවස්ථාවක් එන්නත්කරනයෙන් පසු ද තිබිය හැකි බව වෛද්‍යතුමිය සඳහන් කරයි. නමුත් එන්නත ලබා ගැනීමෙන් පසු වෛරස් ඒ වැළඳුන දරුණු රෝග ලක්ෂණ ඇති නොවන බැවින් ජීවිත අවදානමක් ඇති නොවන බව සඳහන් කරයි. ගැබිනි මව්වරුන්ට ,කිරි දෙන මව්වරුන්ට හා ගැබ් ගැනීමට බලාපොරොත්තු වන අයට මෙම එන්නතෙන් බලපෑමක් තිබේ ද යන්න පැහැදිලි පරීක්ෂණ වාර්තා නොමැති අතර බොහෝ විට එවැනි බලපෑමක් නැති බව බොහෝ වෛද්‍ය මතය බව ඇය සඳහන් කළා. මේ නිසා කැනඩාව තුළ කිරිදෙන මව්වරුන්ට ගැබිනි මවුවරුන්ට ඔන්ටාරියෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හා Obstetricians & Gynaecologists සංගමය මගින් එන්නත ලබා ගැනීම සම්බන්ධව තීරණය කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දී ඇති බව ඇය සඳහන් කළා. ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන අයටද මෙම එන්නත ලබා ගැනීම හා සම්බන්ධව බලපෑම් පිළිබඳ පරීක්ෂණයක් නොමැති අතර බොහෝ දුරට ඒ අයට අවදානමක් නොමැති බව වෛද්‍ය මතය බව ඇය සඳහන් කළ අතර මෙවැනි අයද පවුල් වෛද්‍යවරුන් හෝ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගෙන් මෙම එන්නත පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට යොමු කිරීමටද කටයුතු කරන අතර ගැබිණි කාන්තාවන්ට වෛරස වැළදීමට ඇති පසුබිම හා අවදානම පිළිබඳ සලකා බැලීමට සිදු කරන බව ඇය තවදුරටත් සඳහන් කළා. එංගලන්තෙ දකුණු අප්‍රිකාව තුළ ව්‍යාප්ත වන වෛරස් ප්‍රබේද වලට බොහෝ විට මෙම එන්නත ඵලදායිව ක්‍රියාකාරී වන බවත්, තවදුරටත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් වෛද්‍යවරිය සඳහන් කළා. එමෙන්ම ලබාගන්නා එන්නත් ශරීරය තුළ කොපමණ කල් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදුකරමින් සිදු කරමින් පවතින බවත් ඇය සඳහන් කළා. කැනඩාව තුළ මෙම එන්නත්කරණය පළාත් අනුව එම පළාත් වල Covid 19 ව්‍යාප්තිය හා ජනගහනය මත සිදු කරන අතර එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍ර පිරිසට, මහජනයා සමඟ මූණට මූණ ගැටෙන පිරිසට, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට, වයස අවුරුදු 75 ට වැඩිය අයට මෙම එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවක් ලබා දෙන අතර ඉන්පසු සෑම කෙනෙක්ටම එන්නත් ලබාදීමට ඔන්ටාරියෝ රජය මගින් මේ වන විට කටයුතු කර ඇති බව ඇය සඳහන් කළා.

එන්නත සෑම කෙනෙකුටම ලබාගන්නා ලෙසත්, ඒ වඩාත් ඵලදායී බවට වාර්තා වී ඇති පසුබිමක එන්නත ලබා ගැනීම මග නොහරින ලෙසත්, හැකි හැම විටම නිවසට වී සිටින ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් වෛද්‍ය ලක්මාලි පින්නදූවගේ මහත්මිය අවසන් වශයෙන් සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos