Rupane Episode 231 – February 13 2021

13 February 2021 13473 Views

Rupane Episode 231 – February 13 2021
Online Video Magazine for Sri Lankan Community in Canada”

ශ්‍රී ලංකාවෙන් කැනඩාවට ගෙන්වන ආහාර සහ ඒවාට බලපාන නීති

පසුගිය කාලසීමාව තුළ දී ලංකාවෙන් කැනඩාවට ආහාර ගෙන්වීමේදී එම ආහාර විශාල වශයෙන් ප්‍රතික්ෂේප වීම සිදුවිය. මෙයට බලපාන විශේෂ කාරණා රැසක්වේ. ඒ සම්බන්ධව අදහස් දක්වමින් රූපණ සඟරාමය වැඩසටහන හරහා එක් වූ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාපීඨයේ ආරම්භක සම්මානනීය මහාචාර්ය උපාලි  සමරජීව මහතා සඳහන් කළේ කැනඩාව ලෝකේ අනිත් රටවල් අතරින් ආහාර ආරක්ෂිත රෙගුලාසි සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම අංක එකේ රට බවයි. එනිසාම කැනඩාව තුළ ක්‍රියාත්මක ආහාර ප්‍රතිපත්තිය ඉතා ඉහළ ඉහළ මට්ටමක පවතින බවත්, පසුගිය කාල සීමාවේසීමාවේදී ලංකාවෙන් කැනඩාවට ගෙන්වූ ආහාර වර්ග අතරින් 30ක් පමණ ප්‍රතික්ෂේප වූ බවත් එම ආහාර ප්‍රතික්ෂේප වීමට බලපෑ විශේෂ කාරණා කිහිපයක්ම ප්‍රධාන වශයෙන් හදුනාගත හැකි වූ බවත් ඔහු සඳහන් කරයි. එහිදී ප්‍රධානම ලෙස ආහාරය අඩංගු ඇසුරුමේ ලේබලයේ දක්වන තොරතුරු ඉතා වැදගත් බව ඔහු සඳහන් කරයි.ප්‍රතික්ෂේපිත සමහරක් ආහාරවල තොරතුරු ලේබලය කැනඩාවට උචිත ලෙස සකස් නොවී තිබීම හා ආහාර සැකසීමේ දී ඒ සඳහා යොදාගන්නා ද්‍රව්‍ය, විශේෂයෙන්ම වර්ණක වැනි දෑ කැනඩාවේ නීතියට යටත් නොවී තිබීම බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි .ඒ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ ලංකාවෙන් ගෙනා ආහාරවල ආහාරයේ අඩංගු පෝෂක සම්බන්ධව සඳහන් වුවද එම ආහාරය අඩංගු දෑ සම්බන්ධව නිවැරදි සටහනක් නොමැති වීම මෙම ආහාර ප්‍රතික්ෂේප වීමට බලපෑ එක් කාරණයක් බවයි.මෙම ආහාර ප්‍රතික්ෂේප කිරීම තුළින් කැනඩා රජය ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ කැනේඩියන් ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාදීම සම්බන්ධව කටයුතු කිරීමයි .ශරීරයට අහිතකරතා ඇති කරන ආහාර ද්‍රව්‍ය ආහාරයේ අඩංගු නොවිය යුතු අතර එසේ අඩංගු වන්නේ නම් ඒ සම්බන්ධව අදාළ තොරතුරු ලේබලය දැක්විය යුතු බවයි.උදාහරණයක් ලෙස ඔහු සඳහන් කරන්නේ කෙනෙකුට තක්කාලි, අන්නාසි වැනි දෑ ආහාරයේ අඩංගු වන්නේ නම් ඒ සම්බන්ධව පාරිභෝගිකයා දැනුවත් කළ යුතු බවයි බවයි.එමගින් එවැනි  ආහාර ආහාරයට ගැනීමෙන් ඇතිවන ආසාත්මිකතා මඟහැරිය හැකි බවයි. එවැනි දෑ සම්බන්ධව ලේබලය තුළ සඳහන් නොකිරීම තුළින් කැනඩාව තුළට ගෙන එන ආහාර ප්‍රතික්ෂේප වීමට හේතුවක් වී ඇති බව මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කරයි.ආහාර නිශ්පාදනයේ දී ලංකාව තුළ භාවිත වන වර්ණක 10 ක් පමණ ඇති අතර, එම වර්ණක අඩංගු ආහාරවල එම වර්ණකය අඩංගු ප්්‍රමාණය පිළිබඳව සඳහන් නොවීම ද කැනඩාවෙදි ආහාර ප්‍රතික්ෂේප වීමට බලපෑ කාරණයක් බව ඔහු සඳහන් කරයි. වර්ණක අඩංගු ප්‍රමාණය නියමිත ප්‍රමිතියෙන් පැවතීම ඉතා වැදගත් බවත් එතුමා ඒ පිළිබඳව පැහැදිලි කරමින් දන්වා සිටියි.මීට අමතරව ආහාර ප්‍රතික්ෂේප වීමට බලපාන නොසැළකිලිමත්කම නිසා සිදු කරන කාරණා කිහිපයක් හේතු වන බවද ඔහු සඳහන් කරයි.

ආහාර සම්බන්ධව කැනඩාව තුළ තුළ ක්‍රියාත්මක වන ආයතන දෙකක් ඇති බව සමරජීව මහතා සඳහන් කරයි. ඉන් පළමු ආයතනය රේගුව වන අතර රේගුව විසින් අදාළ ආහාර ප්‍රමිතියෙන් යුක්තද යන්නත්,ප්‍රමිතියෙන් තොර ආහාර රට තුළට ඇතුළු වීම වැළැක්වීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරයි. මේ විශේෂයෙන්ම මහා පරිමාණයෙන් ආහාර ගෙන්වන අයට බලපාන තත්ත්වයක් බවද සඳහන් කරන මහාචාර්යවරයා දෙවන ආයතනය වන්නේ කැනේඩියානු ආහාර පරීක්ෂණ ඒජන්සිය බවත් වෙළඳපොළට නිකුත් කළ ආහාර වල අදාල ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කිරීම මෙම ආයතනයේ රාජකාරිය බව සඳහන් කරයි.එලෙස ප්‍රමිතියෙන් තොර ආහාර වෙළඳපොළේ පැවතුණහොත් එම ආහාර වෙළෙඳපොළෙන්  ඉවත් කිරීමට මෙම ආයතනය කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි. පසුගිය කාලයේ දී ලංකාවෙන් ගෙන් වූ ආහාර විශාල ලෙස ප්‍රතික්ෂේප වීම නිසා දෙසැම්බර් මාසයේදී කැනේඩියානු ආහාර පරීක්ෂණ ඒජන්සිය මේ සම්බන්ධව ශ්‍රී ලංකාවට ලිපියක් ද යොමු කිරීමට කටයුතු කළ ඇති බව එතුමන් තවදුරටත් සඳහන් කරයි. මෙලෙස ප්‍රතික්ෂේප වූ ආහාර නැවත වෙළඳපොළට යොමු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

ප්‍රතික්ෂේපිත ආහාර ලැයිස්තු නිතරම භාවිත වන ආහාර කීපයක්ම අඩංගු අතර ඒ අතරින් බිස්කට් වර්ගයක් උදාහරණ ලෙස දක්වමින් කියා සිටියේ ඒ ආහාරය ප්‍රතික්ෂේප වීමට මූලික  හේතුව එම ආහාරයේ අඩංගු තිරිඟු පිටි සම්බන්ධව ලේබලයේ වෙනම සඳහන් නොවීමයි. ජාත්‍යන්තර වශයෙන් ආහාරයක අඩංගු වන දෑ පිළිබඳව සඳහන් කිරීමේදී වැදගත් ම ද්‍රව්‍ය දහයක් නම් කර ඇති අතර ,ඒවා නම්  තිරිඟු පිටි, ඉස්සෝ, කකුළුවෝ, මාළු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන බිත්තර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, රටකජු, සෝයා කජු හා සල්ෆයිඩ් බවයි.නමුත් කැනඩාවෙදි මෙම ලැයිස්තුවට  තවදුරටත් අබ හා තල ඇතුළත් කර තිබේ.

වෙළෙඳ පොළට ගොස් ආහාර මිලදී ගැනීමේදී ගැනීමේදි සැලකිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව එතුමන් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ආහාරයේ අඩංගු ශරීරයට අහිතකර විය හැකි දෑ දක්වන කොටස අතිශය වැදගත් බවයි. උදාහරණයක් ලෙස ලංකාවෙන් මෙරටට ගෙන එන ජෑම් වල විශාල වශයෙන් සල්ෆයිඩ්  අඩංගු වන බවත්,ලංකාවේ නීතියට අනුව කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 100 අඩංගු විය හැකි වුවද කැනඩාවේදී කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑම්  10 ට වඩා අඩංගු වේ නම් ඒ පිළිබඳව සඳහන් කළ යුතු අතර එසේ සඳහන් නොවී ආහාර සාම්පල පරීක්ෂාවේදී ඒ පිළිබඳ අනාවරණය වුවහොත් ඒ හා ආහාරය කැනඩාව තුළ ප්‍රතික්ෂේප වන බවත්ය

ලංකාවේ ආහාර අපනයනය සඳහා වෙළදපොලේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඒ සඳහා කටයුතු කිරීම වැදගත් වන අතර ඒ වෙනුවෙන් අදාළ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු බවත්, වෙනත් විදේශ රටවලට අපනයනය කළ ආහාර පිළිබඳ නිවැරදි දත්ත ලබා ගත යුතු බවත් එතුමන් වැඩිදුරටත් සඳහන් කරයි.එමගින් ලංකාවේ ආර්ථික වර්ධනයට වාසි හිමි කර ගත හැකි බව ද වැඩිදුරටත් ඔහු සඳහන් කරයි .ශ්‍රී ලංකාවේ අපනයනය සම්බන්ධ ක්‍රියාත්මක වන ආයතන හතක් පමණ ඇති අතර අපනයන සංවර්ධන මණ්ඩලය ,ආර්ථික දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා අපනයන ක්‍රියාවලිය සිදුවීමේ දී ආහාරයක ගැටළුවක් ඇති වූවොත් ඒ පිළිබඳව අදාල රට,ලංකාවේ ආර්ථික දෙපාර්තමේන්තුවට දැනුම් දීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට ඔවුන් පියවර ගත යුතු බවත්ය.නමුත් මෙම සියලු ආයතනයන්හි පරිපාලන දැනුම ඇති පිරිසක් සිටියද විද්‍යාත්මක දැනුම සහිත පිරිස් වල අඩුවක් පැවතීම නිසා නිසි පියවර ගැනීමේ ගැටළුවක් දැකිය හැකි බව ඔහු සඳහන් කරයි. කැනඩාවේ සිට ආහාර ගෙන්වාගන්නා පිරිසටත් මෙහිදී විශේෂ වගකීමක් පැවරෙන බවත් එහිදී අදාළ රෙගුලාසි වලට යටත්ව ආහාර ගෙන්වාගැනීමට රාජ්‍ය මට්ටමින් බලපෑම් ඇති කර ප්‍රතියෙන් යුත් ආහාර සුපිරි වෙළෙඳ පොළවල් වලට ලබා ලබාදීම මගින් ඉහළ ආදායමක් උපයා ගැනීමටත් ශ්‍රී  ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එමගින් අවස්ථාව සැලසෙන බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

ආහාර විද්‍යාව සඳහා දැනට ලංකාවේ විශාල ඉල්ලුමක් පවතින විෂයක් බවට පත්ව ඇති අතර 2004 වර්ෂයේ සාමාන්‍ය උපාධියක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කළ මෙම විෂය මේ වන විට විශ්ව විද්‍යාල ගණනාවක් ක්‍රියාත්මක වන අතර වසරකට ඒ සඳහා ශිෂ්‍යයින් 4500ක් පමණ ඇතුළත් වන බවත් ලංකාව තුළ උපාධි අවසන් කරන පිරිසෙන් 30% -40% පමණ විදෙස්ගතව රැකියා වලට යොමු වන අතර අනෙක් පිරිස ලංකාව තුළ ආහාර සම්බන්ධ ආයතන වල ආහාර ප්‍රමිතින් ඉහළ දැමීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන බව එතුමන් සඳහන් කළා.

යම් කෙනෙකු අපනයනය සඳහා නිවැරදි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අදාළ නිර්ණායක සම්බන්ධව දැනුවත් වීම අත්‍යාවශ්‍ය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක ආහාර සංවිධානය එක්වී කොඩෙක් කොමිසම පිහිටුවා ඇති අතර එමඟින් අදාළ නිර්ණායක හා ප්‍රමිතීන් පිළිබඳ දැනුවත් වී ආහාර අපනයනයට අනුමැතිය ලබාගැනීමෙන් පසු ලබාගැනීමෙන් පසු අපනයනය සිදුකළ හැකි බවත් මහාචාර්ය උපාලි සමරජීව මහතා තවදුරටත් ආහාර අපනයන සම්බන්ධව අදහස් දක්වමින් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos