Rupane Episode 230 – February 06 2021

30 January 2021 10892 Views

Rupane Episode 229 – January 30 2021
Online Video Magazine for Sri Lankan Community in Canada”

අපට අමතක වන නිදහසේ කතාව

ශ්‍රී ලංකා මාතෘ භූමිය හැත්ත තුන් වන නිදහස් සමරුව අභිමානයෙන් සමරන මෙම වසරේ ඒ පිළිබඳ විද්වත් කතිකාවත රූපණ සඟරාමය වැඩසටහන හරහා ඉදිරිපත් වුණා.

1948 දී විදේශිකයින්ගෙන් ලංකාව ලබා ගත් නිදහස ගැන සාකච්ඡා කිරීමේදී වැදගත්ම කාරණාය වන්නේ 1505 දී පෘතුගීසින් ලංකාව තුළ පාලනයට සම්බන්ධ  වීමයි. ඒ පිළිබඳ විග්‍රහ  කරමින් ටොරොන්ටෝව මහා විහාරයේ විහාරාධිපති පණ්ඩිත ශාස්ත්‍රපති අහංගම රතනසිරි හිමියන් සඳහන් කළේ අතීතයේ ලෝකයේ බොහෝ රටවල් ලංකාවේ සුන්දරත්වය දැක ලංකාව තම යටත් රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ උවමනාවෙන් කටයුතු කළ ඇති අතර, පෘතුගීසින් විසින් 1505 දී ලංකාව ආක්‍රමණය කිරීමට කටයුතු කළ බවයි.එවකට ලංකාවේ පාලකයාව කටයුතු කළේ අටවන වීර පරාක්‍රමබාහු රජුයි. ඔහු පෘතුගීසින් සමග යුද්ධ වැදීම වෙනුවට ඔවුන්ට වැඩ කොටසක් පැවරීමට තීරණය කළ අතර මෙහි ප්‍රථිපලයක් ලෙස වෙරළබඩ ආරක්ෂාව ඔවුන්ට භාර කෙරිණි. වසරකට ඒ වෙනුවෙන් කුරුඳු ටොන් අසූවක් ලබාදීමටද රජු කටයුතු කළේය. මෙලෙස  වෙරළබඩ පාලන බලය ලබාදීම තුළින් රට ආක්‍රමණය කිරීමට උපකාර වූ බවත් උන්වහන්සේ සඳහන් කරයි. අටවන වීර පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු රට අරාජික තත්වයකට පත් වූ බවත් ඉන් පසුව ගන්නෝරු, බලන, මුල්ලේරියාව වැනි සටන් ඇති වූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතරින් ඉතා වැදගත් සටනක් ලෙස 1560 දී ඇතිවූ ගන්නෝරුව සටන හැඳින්විය හැක.1551- 1597 කාලයේදී ලංකාවේ පාලකයා වූ ධර්මපාල රජු ඉතා දුර්වල පාලකයෙක් වූ අතර ඔහු පෘතුගීසීන්ට නතු වූ රූකඩ පාලකයකු නිසාවෙන්ම එවකට සිටි එඩිතර දේශහිතෛශී භික්ෂූන් වහන්සේ නමක් වූ බුද්ධවංශය හිමියන් පෘතුගීසින්ට එරෙහිව කටයුතු කරන්නට සූදානම් වීමත් සමග එයට භික්ෂූන් වහන්සේලා 30  නමකගේ පමණ සහයෝගයද හිමිවූ අතර සිංහල සාමාන්‍ය ජනතාවද ඒ සඳහා එක්විය. නමුත් පෘතුගීසීන් බුද්ධවංශ හිමියන් ඝාතනය කිරීම හේතුවෙන් සිංහල ජනයා අතර වූ කෙනෙක් වන මායාදුන්නේ  පෘතුගීසින්ට එරෙහිව සටන් කිරීමට සූදානම් විය.ඒ වෙනුවෙන් මායාදුන්නේ විසින් කණ්ඩායම් තුනක් පෘතුගීසීන්ට එරෙහිව  පිටත් කර යැවීමට කටයුතු කළ බවත් මහාවංශයේ සඳහන් වන බව රත්නසිරි ස්වාමීන් වහන්සේ සඳහන් කරයි.

මේ අතර පිටත් කළ යැවූ පිරිස අතර මායාදුන්නේගේ පුත්‍රයා වූ ටිකිරි කුමාරයා සිටි බවත්  ඔහු ප්‍රමුඛ  පිරිස විසින් පෘතුගීසීන් පරාජය කොට තම බලය තහවුරු කර රජ වූ බවත් හිරිමල් තරුණ වියේ පසු වූ ටිකිරි කුමරු ගේ මෙම ජයග්‍රහණය හේතුවෙන් ජන කවියා විසින්,

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා

යුධට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා

මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැර වුණා

ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා

යන කවිය ගොතා ඇති බවත් පෙන්වා දුන් අතර ඒ නිසාම මෙම  ගන්නෝරු සටන ඉතිහාසයේ ඇති වූ වැදගත්ම සටනක් බවත් උන්වහන්සේ සඳහන් කරයි.

මිසිසාගා බෞද්ධ විහාරස්ථානය වැඩවාසය කරන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කස්සප හිමි සඳහන් කළේ ලංකා ඉතිහාසයේ ජාතීන් කිහිපයකින්ම ආක්‍රමණ එල්ල වුවද 1815 ඉංග්‍රීසින් වෙත ගිවිසුමකින් රට බාර කිරීම ඉතිහාසය වෙනස් කළ සංධිස්ථානයක් බවයි.

පෘතුගීසින්ගේ පාලන සමයේ ලාංකික බෞද්ධයින් වෙත එල්ල වූ කෲර බලපෑම් හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්වූ බව රතනසිරි ස්වාමීන් වහන්සේ සඳහන් කරයි. උන්වහන්සේ  ඒ පිළිබඳ පැහැදිලි කරමින් ප්‍රකාශ කරන්නේ පෘතුගීසින් සිංහල බෞද්ධ ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට කටයුතු කළ අතර ඊට අකැමැති වන පිරිස් කිඹුලන්ට ආහාර පිණිස ලබා දීම වැනි කෘර වධ හිංසන හිංසනයන්ට ලක් කළ බවයි.එම පීඩාවන්ගෙන් බේරීමට ලන්දේසීන්ගෙන් සහාය පැතීමට සිංහල රජු කටයුතු කළ බව උන්වහන්සේ තව දුරටත් සඳහන් කරයි

එහි ප්‍රතිඵලයක් ලෙස ලන්දේසි මෙරට ආක්‍රමණය කළ අතර ඔවුන්ද බෞද්ධ විහාරස්ථාන විනාශ කරමින් රටේ තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් අල්ලා ගෙන වසර එකසිය එකසිය පනස් හතක් පුරාවට ලංකාව පාලනය කළ බව ඉතිහාසය ඉතිහාසයේ සඳහන් වන බවයි. මේ සිදුවීම හේතුවෙන් ම ඉගුරු දී මිරිස් ගත්තා වගේ යන පිරුළ ජනවහරට එකතු වූ බවද උන්වහන්සේ තවදුරයත් සඳහන් කරයි .

කාලයත් සමග ලංකාවේ පමණක් නොව මුළු ලෝකයම ලන්දේසි බලය පිරිහී ගිය අතර ඉංග්‍රීසි බලය ප්‍රබල වීමත් සමග ඉංග්‍රිසි පාලයට ලංකාව ද නතු වූ බව උන්වහන්සේ සඳහන් කරයි. උඩරට විසූ රදලයින් විසින් 1815  උඩරට මඟුල් මඩුවේ දී ගිවිසුමකින් ඉංග්‍රීසින් වෙත ලංකාව බාර කිරීම සැලකිය යුතු බව අතිපූජ්‍ය අහංගම රතනසිරි මේ සඳහන් කරයි.ඉංග්‍රීසි පාලනය ආරම්භය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය කස්සප හිමියන් සඳහන් කළේ එම ගිවිසුම සකස් කොට අත්සන් කිරීමට ප්‍රථම ඉංග්‍රීසි කොඩිය උස් වූ අවස්ථාවේ වාරියපොල ශ්‍රී  සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම හෙලා පාගා අපේ ජාතික කොඩිය ඔසවා මේ භූමිය තවමත් ඔබලට හිමි නොවන අතර තවමත් ලෙල දිය යුත්තේ අපගේ ජාතික කොඩිය බව සඳහන් කළ බව උන්වහන්සේ සිහිපත් කළේ එවකට ජාතික නිදහස කොතරම් අප රටට වැදගත් වූයේ ද යන්න පැහැදිලි කරමිනි.

නමුත් ඉංග්‍රීසියෙන් මෙම ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකිරීම නිසා ජාතික වීරයන් ඒ වෙනුවෙන් නැඟී සිටි බවත් කස්සප හිමියන් සඳහන් කරයි.එම ජාතික වීරයින්ගේ නැගී සිටීම සම්බන්ධව අදහස් දක්වමින් පුජ්‍ය රතනසිරි හිමියන් සඳහන් කළේ එහි ප්‍රතිඵලයක් ලෙස 1818 වෙල්ලස්ස සටන ඇතිවූ බවයි.බෞද්ධ ආගමට එරෙහිව කටයුතු කිරීම, දැඩි බදු ප්‍රතිපත්තිය වැනි සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන කාරණා නිසා දොරේසාමි ඇතුළු විශාල පිරිසක් වෙල්ලස්සට ගොස් ඇතිකර කැරැල්ල මැඩ පැවැත්වීමට ඇහැලේපොළ  දිසාව ඉංග්‍රීසින් විසින් වෙල්ලස්සට පිටත් කර හැරි අතර ඔහු ද ඇතිව තිබූ තත්ත්වය තේරුම් ගැනීමෙන් පසු සිංහලයන් සමග එම කැරැල්ලට එක්වූ බව උන්වහන්සේ සඳහන් කරයි. මෙම කැරැල්ල යම් යම් හේතු මත අසාර්ථක වුවද මේ හේතුවෙන් පිළිමතලාවේ අදිකාරම්, කැප්පෙටිපොළ දිසාව වැනි සිංහල නිලධාරීන් ඉංග්‍රීසින් විසින්  අත්අඩංගුවට ගෙන මරණයට පත් කළ බවද ඉතිහාසයේ සඳහන් වන අතර 1848 කාලය වන විට මාතලේදී ද විශාල කැරැල්ලක් සංවිධානය වූ බව උන්වහන්සේ සඳහන් කරයි.මෙයට හේතුව වූයේ එවකට ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ කළ ටොරින්ටන් සාමිගේ පීඩාකාරී බදු ප්‍රතිපත්ති බවයි.

කරත්ත බද්ද, බලු බද්ද වැනි බදු ක්‍රම මෙන්ම වයස අවුරුදු 18 -60 අතර වූ පුද්ගලයින් එවකට ඉදිවූ පාරවල් ඉදිකිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු අතර එසේ සම්බන්ධ නොවෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට වාර්ෂිකව බදු මුදලක් ගෙවිය යුතුව පැවතුණු බවත් සඳහන් කරයි.

ගොංගාලෙගොඩබන්ඩා, වීරපුරන්අප්පු ප්‍රමුඛ විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වූ අතර දඹුල්ල විහාරයේ වැඩ වාසය කළ කුඩාපොල හිමියන් ද ඒ සටන සඳහා එක්විය.එහි දී ඉංග්‍රීසින් විසින් අමානුෂික ලෙස සිංහල මිනිසුන් ඝාතනය කිරීම නිසා කැරැල්ල අත්හැරීමට තීරණය කර මෙම පිරිස පසුව ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ බව උන්වහන්සේ සඳහන් කරයි.වීර පුරන් අප්පු, ඩිංගිරාළ වැනි කැරැල්ලේ නායකයින් වෙඩි තබා මරණයට පත් කළ අතර ගොංගාලේගොඩ බණ්ඩා කසපහර සීයක් ගසා රටින් පිටුවහල් කිරීමට ඉංග්‍රීසින් කටයුතු කළ බවද උන්වහන්සේ තවදුරටත් සඳහන් කලා.මේ අමානුෂික ක්‍රියාකාරකම් හේතුවෙන් එතැන් පටන් වසර සීයක් ගතවන තෙක්ම කිසිවෙකුත් නැවතත් සටනක් වෙනුවෙන් කටයුතු නොකළ බවත් උන්වහන්සේ තවදුරටත් සඳහන් කරයි. පසුකාලීනව ලංකාවේ ව්‍යවස්ථාවන් පවා නොයෙක් අවස්ථාවල වෙනස් කරමින් පාලනය කර ගෙන යාමට ඉංග්‍රීසින් කටයුතු කළ බවත් කස්සප හිමියන් සඳහන් කරයි.මේ අතර සුමංගල හිමියන්, ඕල්කට්තුමා, ධර්මපාල තුමා වැනි ජාතික වීරයින් බිහිවීමද ඔවුන් ලංකාවේ පුනරුදය වෙනුවෙන් කටයුතු කළ ආකාරය ද උන්වහන්සේ සිහිපත් කරයි.ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය වෙනුවට සිංහල අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට ඕල්කට්තුමා බෞද්ධ පාසල් ආරම්භ කරමින් ඉතා වැදගත් කාර්යයක් ඉටු කළ බවත්, ධර්මපාලතුමා සිංහලයන් අවදි කිරීමට සිංහලයින්ගේ සිත් තුළ ජාතික අභිමානය ඇති කිරීමට කටයුතු කළ බවත්, ඒ වෙනුවෙන්  උන්වහන්සේ තම උපන් නාමය වූ ඩේවිඩ් යන ඉංග්‍රීසි ආභාෂය සහිත නාමය පවා වෙනස් කිරීමට කටයුතු කළ අභීත නායකයෙකු බව සඳහන් කරයි.මේ අතරම තම පෑන හරහා නිදහස් සටන ගෙනගිය සුවිශේෂි චරිතයක් ලෙස ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් හඳුනාගත හැකි බව කස්සප ස්වාමීන්වහන්සේ සඳහන් කරයි. නිදහස් චින්තනයෙන් සිංහලය අවදි කිරීම වෙනුවෙන් නිදහස් දැහැන,ජාතික තොටිල්ල, ලංකා මාතා වැනි සාහිත්‍ය නිර්මාණ හරහා ජාතික අභිමානි අදහස් වැපිරීමට උන්වහන්සේ පෑනෙන් කල සටන ද අති මහත් බව උන්වහන්සේ තවදුරටත් සඳහන් කරයි. මින් පසුව ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කිහිපයකින් පසු 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය හරහා ,එවකට ලංකාවේ සිටි බුද්ධිමත් පිරිසක් එක්ව නිර්මාණය කර ගත් කම්කරු සමසමාජ වැනි කණ්ඩායම් කළ ඉල්ලීමක් ලෙස මෙරටට සර්වජන ඡන්ද බලය ලබා ගැනීමට හැකි වූ අතර මෙතැන් පටන් ලිපිනය ලේඛන  හරහා නිදහස වෙනුවෙන් නෛතිකව එම නායකයින් කටයුතු කළ බවක් පෙනෙන පෙනෙන බව උන්වහන්සේ සඳහන් කරයි.සිංහල බෞද්ධයින් පමණක් නොව සිද්ධිලෙබ්බේ, පොන්නම්බලම් රාමනාදන් වැනි අන්‍යාගමික නායකයින්ද නිදහස වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළ අතර මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස  194 දී ඩොමිනියන් නිදහස ලබා ගැනීමට හැකි වූ අතර නිදහස් ලංකාවේ පළමු අගමැති ලෙස ඩී. එස්. සේනානායක මහතා පත් වූ බව ද සඳහන් කරමින්  ලාංකික ඉතිහාසයේ නිදහස් අරගල පිළිබඳ පැහැදිලි කරමින් මෙම සාකච්ඡාව අවසන් කළේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos