Rupane Episode 266 – October 16 2021

16 October 2021 571 Views

CanLanka ව්‍යපාරික සංගමය
මගින් ගෙන එන තවත් සමාජ සත්කාරයක්..


Rupane Episode 266 – October 16 2021
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

ලෝකය පුරාම රෝගී උපස්ථානය පිළිබඳ කතිකාවතක් ඇති මේ කාලයේ දී කැනඩාව තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් එක් වී ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් පිළිබඳ අද රූපණ හරහා කතිකාවට ලක් වුණා.කැන් ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති සුරංජන්  මාකඳුර ගේ මහතා රූපණ හා එක්වෙමින් සඳහන් කළේ මීට වසර දහයකට පමණ පෙර කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හතර දෙනකුගෙන් ආරම්භ වූ මෙම සංගමයේ මූලික පරමාර්ථය ශ්‍රී ලාංකිකයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බවත් ය.එහි එක් තවත් ව්‍යාපෘතියක් ලෙස මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සැලකිය හැකි බවත්, එය ශ්‍රී ලංකාවට හුස්ම දෙමු ලෙස නම් කළ බවත් ඔහු සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් සාකච්ඡාවට එක් වූ මෙම සංගමය සංගමයේ ලේකම් ඩෝනා වත්තලගේ මහත්මිය සඳහන් කළේ සංගමය තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයකින්ම එක් රැස් වූ මුදල් යොදවා මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ බවයි. මේ වන විට මේ සඳහා රුපියල් මිලියන 1.1 ක මුදල් ප්‍රමාණයක් යොදවා ඇති බවත් ඇය කියා සිටියා.තවදුරටත් මෙම ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳ පැහැදිලි කරමින් මේ සංගමය සාමාජිකයෙකු වන අනුර රණවීර මහතා සඳහන් කළේ 2011 දී ආරම්භ කළ මෙම කැන්ලංකා සංගමයේ දහවන සංවත්සරය සමරන 2021 වර්ෂයේ දී ඒ වෙනුවෙන් කළ හැකි විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කළ අතර covid වසංගතය හේතුවෙන් ගිලන් වූ පිරිස වෙනුවෙන් උපකාර කිරීම මෙහි අරමුණ බවයි.

Covid රෝගය වැළදීමෙන් බොහෝ දෙනා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසුවන පසුබිමක් ඒ සඳහා  උපකාර අවශ්‍යව සිටින මොහොතකදී “ලංකාවට හුස්ම දෙන්න” නමින් මෙම ව්‍යාපෘතිය තම සංගමය යම් ව්‍යාපෘති මගින් එක් කරගත් සංචිත මුදල් යොදවමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ගත් බව ඔහු සඳහන් කරයි .මෙම කාලයේ දී සියළුම දෙනා එකිනෙකාට පෞද්ගලික උපකාර කර ගන්නා අවස්ථාවකදී තමන් සතු මෙම ශක්තිමත් සංගමය හරහා ගිලනුන් වෙනුවෙන් හැකි පමණ උපකාර කිරීමට හැකි වීම ඉතා වැදගත් කාර්යයක් බව අනුර මහතා තවදුරටත් සඳහන් කරයි

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අදහස් දක්වමින් සාකච්ඡාවට එක් වූ ඩෝනා වත්තලගේ මහත්මිය සඳහන් කළේ මේ වන විට ලංකාව තුළ වූ රෝහල් වල ඇති කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේදී ඇතිවන අඩුපාඩු එම රෝහල් වල ප්‍රධාන වෛද්‍යවරුන් හරහා දැනුවත් වී ඇති අවශ්‍යතාවන් මත එම අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවත් මේ වන විට බදුල්ල, කළුබෝවිල ,රත්නපුර හා රාගම වැනි රෝහල් කිහිපයකටම රුපියල් මිලියන බිලියන 1.1 ක් පමණ ආධාර ලබා දී ලබාදී ඇති බවත් ය. මේ අවස්ථාවේ පවතින කෝවිඩ් අර්බුදය සමග රෝහල් වල ඇතිවන අඩුපාඩු ලයිස්තු ලබාදීමට කටයුතු කළ ද ,මෙලෙස ලබාදෙන බොහෝ උපකරණ කොවිඩ් රෝගී අවසන් වූවද භාවිතයට ගත හැකි දීර්ඝ කාලීනව ප්‍රයෝජනවත් වන උපකරණ බව අනුර මහතා සඳහන් කරයි. මේ වන විට badulla බදුල්ල රෝහලේ pc ඇඳුම් කට්ටල, මුත්‍රා බෑග් ඔක්සිජන් ලබා දීමේදී භාවිත කරන නැවත නැවත භාවිත කළ හැකි mask වැනි උපකරණද රත්නපුර රෝහල වෙත ලබාදුන් රෝගියා දුරතියා නිරීක්ෂණය කළ හැකි උපකරණ,බිත්තියට සවිකල හැකි ඔක්සිජන් ලබාදෙන උපකරණ, සේලයින් පොම්ප වැනි බොහෝ උපකරණ ඒ අතර වන බවයි.ඒ ඒ අවස්ථාවල රෝහල් වල ඇති අවශ්‍යතා මත මෙම උපකරණ ලබා දුන්නද මෙම උපකරණ දීර්ඝකාලීනව වෙනත් රෝගීන් වෙනුවෙන් භාවිතයට ගත හැකි බවද ඔහු තවදුරටත් සඳහන් කරයි. මේ වන විට බොහෝ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් මේ ව්‍යාපෘතිය සඳහා තම ආධාර මුදල් ලබා දී ඇති අතර හැකි පමණ මෙම ආධාර මගින් ලාංකිකයින්ට උපකාර කිරීමට බලාපොරොත්තු වන බව සුරංජන් මහතා සඳහන් කරයි.

 මෙම උපකරණ ලබාදීම සඳහා රෝහල් සම්බන්ධ කර ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ඩෝනා මහත්මිය සඳහන් කළේ කොවිඩ් රෝගීන් වෙත ප්‍රතිකාර කරන අවශ්‍යතාවයන් සහිත ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහල් සදහා උපකරණ ආධාර ලබාදීමට තම සංගමය කටයුතු කරන බවද, මේ වන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රෝහල් කිහිපයක්, කහටගස්දිගිලිය රෝහල මෙන්ම කරාපිටිය රෝහල ද අවශ්‍යතා ලයිස්තු එවීමට නියමිත අතර එම ලැයිස්තු ලැබුණු වහාම ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමට තම සංගමය බලාපොරොත්තු වන බව සදහන් කරයි.

කැන් ලංකා ව්‍යාපාරික සංගමය මගින් සිදුකරන මෙම සත්කාරය වෙනුවෙන් යෙදවූ මුදල් ඒක්කර ගැනීමට සිදු වූයේ සෑම මසකම සංගමය සාමාජිකයින් විසින් ලබාදෙන සාමාජික ගාස්තු, පසුගිය වසරවල පැවැති කැන්ලංකා ඩිනර් ඩාස් මගින් එක් වූ මුදල් හා වාර්ෂික සාමාජිකයින් මගෙන් පවත්වන ගරාජ් සේල් මගින් බවයි.කොවිඩ් අර්බුදය සමග සංගමය සියලුම දෙනා මෙම මුදල් කොවිඩ් රෝගය වෙනුවෙන් යෙදවීමට තම කැමැත්ත පළ කර පසුබිමක මෙම ව්‍යාපෘතිය සිදු කළ බව ඩෝනා මහත්මිය සඳහන් කළා.

 රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කරන ඉල්ලීම් ලයිස්තු ගත කර ප්‍රමුඛතාව සලකා බලා මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලබන අතර ලබාදෙන්න සියලු ආධාර මුදල් විනිවිද භාවයකින් යුක්තව රෝහල් දක්වා ලබා දීමට කටයුතු කරන බවද අනුර මාතා සඳහන් කරයි. මෙම ආධාර මුදල් ලබාදීමට canlanka business association ඊමේල් හරහා ද, e transfer මගින් ද, කැන් ලංකා ලිපිනයට කැන්ලංකා සංගමයේ නමට චෙක් පතක් එවීමෙන්ද, කැන ලංකා සංගමයේ සාමාජිකයෙකුට ලබා දීමෙන්ද, කැමති ඕනෑම කෙනෙකුට මේ සඳහා දායක විය හැකියි හැකි අතර මෙලෙස ලබාදෙන සෑම ආධාරයක් වෙනුවෙන්ම මුදල් ලැබුණු බවට සහතික ලිපිනයක් ලබා දෙන බවද අනුර මහතා සඳහන් කරයි. කැනඩාවේ ක්‍රියාත්මක බදු ගොනු සඳහා මෙම මුදල් ආධාර ගෙවීම අදාළව බවත් ඒ් වෙනුවෙන් රිසිට්පත් සංගමය මගින් නිකුත් කිරීමට නොහැකි බවත් අනුර මහතා සඳහන් කරයි. මෙලෙස රජය පිළිගන්නා රිසිට් පතක් ඉදිරිපත් කළ හැක්කේ පුණ්‍යායතනයක් සඳහා පමණක් බවත් එම ආයතන  රජයේ ලියාපදිංචි වී තිබීම වැදගත් බවත් එසේ නොවන අවස්ථාවලදී එලෙස නිකුත් කරන රිසිට් පත් පත පිළි නොගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.  මෙම ව්‍යාපෘතිය සඳහා අපේම අයට හුස්ම දෙන්න හැකි අයුරින් සෑම දෙනාගේම සහයෝගය ලබා දෙන ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් රෝපණ වැඩසටහන නිමා කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos